මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නියුතුව සිටි හිටපු කොටි සාමාජිකයකු ඇතුළු දෙදෙනෙක් රුපියල් ලක්ෂ 3කට ආසන්න හෙරොයින් තොගයක් සමග අද (9) දෙමටගොඩදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා සතුව හෙරොයින් පැකට් 2ක් තිබී ඇති අතර මොවුන් කඳාන හා කිලිනොච්චි ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියති.
එක් සැකකරුවෙක් ජෝන් පීටර් නමින් වසර කිහිපයක් කොටි සංවිධානයේ සිටි අයකු බවත් බූස්ස නාවික හමුදා කඳවුරේ පුනරුත්ථාපනය ලබා ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින් සිය සංවිධානයට සල්ලි හෙව්වේ මත්කුඩු වලින් බව මාත් අහලා තියෙනවා. (නි)
ඔන්න ඉතින් පේනවනේ මෙයාලගේ වැඩ තවමත් නතරවෙලා නැහැ කියලා (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා? (නි)
විග්නේෂ්වරන් කිව්වා නේද හමුදාව ඕව යාපනේ කරනව කියල... දැන් මේ කොටි පූස් පැටව් වෙන්නැති කුඩු බිස්නස් කරන්නේ...පුනරුත්තාපනය කළත් හැදෙන්නෙ නැත්නම් දැඩි දඬුවම් දෙන්න ඕන.අපරාධ වලට ජාති භේද නොබලා. (ස)
ඔය පහුගිය දවස් වල කන්ටේනෙර් පිටිනුත් කුඩු ගෙනාවේ... (නි)
මලිත් විග්නේශ්වරන්ලා... මේකේ හැම අපරාදයකටම ඇඟිල්ල දික්කරන්නේ රණවිරුවාට ....එයාලගේ පාර්ශවේ කට්ටිය...අහිංසකයෝ? මිනි මරන්නේ ස්ත්‍රී දූෂණය කරන්නේ මහා පරිමාණයෙන්, එත් ඒවාට දඩුවම් කරන්න තරම් කොන්දක් අපේ අයට නැති එකයි කනගාටු. (ස)
මේවා වළක්වන්න මහින්දට ඡන්දේ දෙන්න (ම)
ඉස්සර කරගෙන ආ වෙළඳාමට බහින්න ඇති. (නි)
කොටියා කොටියාම තමයි කොහොම බැලුවත් (නි)