කොටි සංවිධානයේ හිටපු නායකයෙකු යැයි පැවසෙන ආත්මලිංගම් රවින්ද්‍රන් හෙවත් රූපන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් ලබන අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට තරඟ කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව ඉන්දියාවේ පළවන නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය අද (29) වාර්තා කළේය.
මේවන විටත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට ඉල්ලූම් පත්‍රයක් ලබා දී ඇති බවද එහි සඳහන් වේ.
ඔහු 1985 සිට 2009 දක්වා කාලයේ කොටි සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අයෙකු බැව් පැවසේ.
සිය ඉල්ලූම් පත්‍රය එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා වෙත ලබා දී ඇති රූපන් එහි සිය අතීතයේ සිද්ධීන් ද සඳහන් කර ඇතැයි වාර්තා වේ.
ඔහු පසුගිය යුද ගැටුම් පැවති අවධියේදී 1987 ඉන්දු ලංකා ගිවිසුම යටතේ කොටි සංවිධානය විසින් පිහිට වූ උතුරු නැගෙනහිර අතුරු කමිටුවේ සාමාජිකයෙකු ලෙසින්ද, රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ගේ සමයේ පැවති සාම සාකච්ඡා වලදී එල්.ටී.ටී.ඊ. සංවිධානය නියෝජනය කළ අයෙකු ලෙස ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ ඡන්දෙට ආවට කමක් නෑ..අහිංසක දෙමල ජනතාවට සේවය කරන අරමුණෙන්.නැතුව දෙමල ඩයස්පොරවේ උවමනා ඉස්ට කරන්න වත් වෙනම රජයක් බලාපොරොත්තු වෙන්නෙවත් නැතුව. (බ)
අල්මාන් මහතා ඔව් ඒ මගේ පුද්ගලික මතය තමා. සමස්ත සිංහල ජාතියේ පැතුම විය යුත්තේ සාමයෙන් එක්වීම මිස හතුරු කමෙන් වෙන්වීම නොවේ. මා ඔබ සමග එකගයි. ටී එන් ඒ ගැන. නමුත් අපි අවස්ථාවක් දිය යුතුයි නේද සැකයෙන්ම නොබලා. (බ)
මහානාම හරි. (හේ)
නිමල් මහතා ඔබතුමා හරි. (ර)
මේකනම් ඇත්තටම හොඳ දෙයක්. එත් ප්‍රශ්නයකට තියෙන්නේ කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි වෙනස් වෙයිද කියන එකනේ (ම)
ඔවු ඉතින් අර කරුණා කරාවගේ කොහොම හරි බලේට ඇවිත් උතුරු නැගෙනහිර ඉන්න අහිංසක දෙමල මිනිස්සුන්ගෙන් කප්පම් අරගෙන මඩිය තද කරගන්න එක කරගන්න පුළුවන්නේ (බ)
අාවටනම් කමක් නැහැ හැබැයි අපේ බදු මුදල් වලින් පඩි අරගන රටට විරුද්දව කේලම් කියන්න එපා (බ)
මහානාම, ඔබ කියා තිබෙන දේ හරියට හරි. හොඳම උදාහරණය තමයි ජ වී පෙ.(ම)
නිමල් හරි .(හේ)
මොවුන්ට ඕනේ දේශපාලනමය වශයෙන් හෝ වෙනම රටක්. මෙය ඡන්දයේ අගය දැකීමක් නොවෙයි.(ම)
විය යුත්තේ මෙය තමා , කිසිම ප්‍රශ්නයක් නැහැ , ඊළාම් අත්හැරලා ,වෙනම රාජ්‍ය සංකල්ප අත් හැරලා , නිදහස් ප්‍රජාතන්ත්‍ර වාදයට එනවා නම් ඔබතුමා ව සාදරයෙන් පිළි ගනිමු , ඔබතුමා ගේ අතීතය හෝ ඉල්ලන පක්ෂය වැදගත් නැහැ , වැදගත් වන්නේ ඔබතුමා වර්තමාන ක්‍රියා කලාපයයි . දැන් ඔය කරුණා අම්මාන් , පිල්ලෙයාන් , ඩග්ලස් දේවානන්ද , සෝමවංශ අමරසිංහ වගේ නායකයෝ දවසක් වත් හිරේ නොගිහින් හොද අපුරුවට වැදගත් ලෙස දේශපාලනය කරගෙන් ඉන්නේ , එයා ලා ගේ අතීත ක්‍රියාකාරකම් නවතලා ගොඩාක් කල් , ඒ ගැන කතා කරන්නේ නැහැ එයා ලා මේ අපේ ලක්ෂ 50 කල්ලියේ උදවිය කතා කළාට , ඔබතුමා ට සූබ අනාගතයක් වේවා .(බ)
මේක තමයි අපේ රටට අවශ්‍ය සමගිය ජයවේවා (බ)
මහානාම ඔයාට ඔයාගේ තනි මතය ඉදිරිපත් කරන්න පුළුවන් එත් කරුණාකරලා සමස්ත සිංහල සමාජය නියෝජනය කරන්න ඔබට අයිති නැහැ ....ඔය ටී එන් ඒ කාරයොත් ආවේ..ඔහොම තමා...ලජ්ජා නැද්ද ඔබතුමා කියන එකත්....ලැජ්ජයි මහානාම ...(බ)
මහනාමගේ අදහසට මගේද සහය (බ)
මොහු ඡන්දයට එක්වන්නේම ප්‍රජාතන්ත්‍රවාදය පිළි අරගෙන.. (බ)
එ්වුනත් යහපාලන නඩය කරුණ අම්මාන් ගැන කේපී ගැන කියපු දේවල්. මහින්ද එයාව ඇදුම අස්සේ දාගෙන ඉන්නේ කියලයි කිවේ .අද ඉන්න දෙමල නායකයෝ කට ඇරියොත් කියන්නේ වෙනම පාලනයක්. කියල.යහපාලනයට කඩේ ගිය අපේ හාමුදුරුවොත් ඒවාට නිශ්ශබ්දයි. අනේ කාලේ වනේ වාසේ (බ)
මේ සමගිය යුද්දයෙන් පසු වත් තිබුන. උදාහරණය කරුණ අම්මාන්. (බ)
කැලේ මාරු කරාට....කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ ............ (ම)
අහිංසක දෙමළ වැසියන් මැරුවා කියලා රණවිරුවෙකුට මරණ දඬුවම ලැබෙන කොට, මිනිසුන් සිය ගණනින් මරූ කොටි නායකයෙක් දේශපාලනයට එනවා. හරිම ලස්සනයි.(හේ)
හොඳ ප්‍රවණතාවයක්. මේකටත් අකමැති ඔය ගෙදර තේ බොන කොප්පයේත් කිඹුල්ලු හොයන ජාතියේ කට්ටියකුත් ඉන්නවානේ. (ම)