පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් හට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක රැකියා අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලා අද (2) කිලිනොච්චිය ඉරණමඩු පිහිට සිවිල් ආරක්ෂක කඳවුර ඉදිරිපිට පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින් පිරිසක් විරෝධතාවක නිරත වූහ.
රජය විසින් තමන් අත්අඩංගුවටගෙන පුනරුත්ථාපනය කොට සමාජගත කොට වසර ගණනක් ගෙවී ගොස් ඇති බවත් තවමත් පුනරුත්ථාපනය ලැබූ සාමාජිකය හට ස්ථීර රැකියාවක් ලබාදී නොමැති බවත් පැවසීය.
තමන් හට ජීවත්වීම සඳහා ස්වයං රැකියා හෝ කුමණ හෝ රැකියාවක් ලබාදීමට පුනරුත්ථාපනය වූ කාලසීමාව තුළ විවිධ නිලධාරීන් පැමිණ ප‍්‍රතිඥා දුන්නද මේ වනවිට තමන්ට ග‍්‍රාම නිලධාරී සහතික පතක් හෝ ලබාගැනීම අපහසුවී ඇතැයි ද කියති.
රාජ්‍ය හෝ රාජ්‍ය නොවන බැංකු තමන්ට ණය දීම ද ප‍්‍රතික්ෂේප කොට ඇති බවත් ආබාධිතයින් වෙනුවෙන් ලබාදෙන දීමනාවද රජය විසින් කපාහැර දමා ඇතැයිද විරෝධතාකාරුවෝ චෝදනා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පෙනෙනේනේ නැහැ මෙම ඉල්ලීමේ වරදක්. (නි)
මෙයාලා අතට අවිආයුධ ලැබුනහම හොඳට හිටී (නි)
මෙයලට ස්වයං රැකියා දෙන්න ඕනෑ. ආයුධ පුහුණුව තියෙන අයට සිවිල් ආරක්ෂක රැකියා දීම නුවණට හුරු මදි. තවමත් මස් රාත්තලම ඉල්ලන අය ඉන්න නිසා. (නි)
ඉතා වැදගත් කරුණක්. කවුරුත් හිතට ගෙන වැඩ කළයුතුයි. (නි)
සුරෙස් ප්‍රේමචන්ද්‍ර, එරික් සෝල්හයිම් හෝ හිලරි හරි මේක ගැන දැනුවත් නැතුව ඇති නේද ??. නැතිනම් ඒගොල්ලෝ හරි මොනවා හරි වැඩ පිළිවෙලක් සලස්වල ඇති. (බ)
මේ පිළිබදව සලකා බැලිම රජය සතු සුවිශේෂි කාර්යයක් එ්මන්ද මොවුන්ට සිවිල් රැකියා ලබා නොදෙම්න් වෙන ස්වයං රුකියා ලබා දිමට කටයුතු කිරිම වඩා යෝග්‍ය වන හෙයිනි. (බ)
හිලරි සහ සෝල්හයිම් එක්ක කතාකරලා මේගොල්ලෝ එම රටලට යවමුද ? මොකද ඒගොල්ලන්ටනේ පරණ කොටි ගැන හරි අමාරුවක් තිබෙන්නේ. එහෙ රස්සාවල් කළාම හොඳින් වැටුප් එහෙමත් ලැබෙනවනේ (නි)
අර මහේෂ්වරන් කියන එළදෙන ගෙන් ඉල්ලා ගනිල්ලා. (බ)
ප්‍රබාකරන් ගෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ. වසර 30 රට කෑවා මදිවට රජයේ රැකියාත් දියල්ලකෝ. (බ)
කෙලින්ම හමුදාවටයි පොලිසියටයි දැම්ම නම් හරි .එතකොට එ්කත් හරි (බ)
හිටපු කොටිත් විරෝධතා කරනවා අබාධිත වුනේ කාට ගහන්න ගිහිල්ලද මෙයාලට කිරි පොවලා ප්‍රතිපාදන වෙන්කරලා මෙයාලට සලකන්න. මොකද මෙයාල දුසින් ගණනන් මිනිමරලා සමහර අයගේ පවුල් පිටින් අසරණ කරලා දැන් විරෝධතා කරනවා මේකත් ලෝක වාර්තාවක් වෙයි ත්‍රස්තවාදීන්ට ආරක්ෂක හමුදාවක රැකියා දීපුවාම (බ)
ලෝකයේ වෙන රටවල් එක්ක බලනකොට අපේ රට මෙයාලට සලකා තිබෙන තරම මදිද? අප්‍රිකාවේ, ලතින් ඇමෙරිකාවේ නං මෙයාල භුමදාන කරපු තැන්වල මීටර් 10 යේ විතර ගසුත් පැලවෙලා. අපේ හමුදාවේ නීති ගරුක භාවය ගැන ලෝකයම ප්‍රසංසා කළ යුතුයි (බ)
තේරුම් ගන්න සිසිර මේක යහ පාලනය. අකිල කියපුදේ වුනොත් පුදුම නොවන්න. අපේ ජනතාව ඡන්දය දුන්නේ ඕවටත් එක්ක තමයි ඉතින්. අනේ අනිච්චන්....(බ)
ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශයට ගත්තනම් හරි (බ)
මේ පුද්ගලයින් කිසිසේත් ආරක්ෂක අංශයට බදවා ගත නොයුතුය මන්ද මේ අය ඕනෙම අවස්ථාවක විග්නේශ්වරන් හෝ දෙමළ ඩයස්පෝරාව කරන ඉල්ලමක් හෝ නියෝගයක් නිසා යලිත් උන් ස්ථානයටම යාමට තිබෙන ඉඩ කඩ බොහෝ වැඩිය.නමුත් මේ අයට පුද්ගලික අංශයේ සාමාන්‍ය රැකියාවක් ලබාදීමට රජය ක්‍රියා කළ යුතුය, මන්ද මොවුන්ගේ දරුවන් පවුලේ අය හට යම් අදායම් මාර්ගයක් සැලසිය යුතුය නැතහොත් මොවුන් නොමගට යොමුවිය හැකිය එය රටට බලවත් හානිකරවේ (බ)
මුන්ට තුවකු දුන්නොත් ඔක්කම හරි (අ)
නරියට කුකුල්ලු බාර දුන්න වගේ වේවි (අ)
ලංකා රජයේ බරපතල අතපසුකිරීමක්. මේ ගොල්ලත් ලංකාවේම අය. ජේ වීපී අයට රස්සාවල් දුන්නේ නැත්ද කැරැල්ලට පස්සේ. සංහිදියාව වචනයට සීමා නොකළ යුතුය. මේ ප්‍රශ්න දිහා බුද්ධිමත්ව බලන්න. මම යුද්ධයට 3 වරක් මුහුණ දුන්න කෙනෙක්. නමුත් මම දැන් මොවුන්ට වෛර කරන්නේ නෑ. (අ)
ශාන් විග්නේෂ්වරන් කියන්නේ ශ්‍රීලාංකිකයෙක් විනා ඊලාම්වාදියෙක් නෙමේ... ඔය විදිහට රටේ ජනකොට්ටාසයක් දිහා සැකෙන් බලන්න පුරුදුවෙන්න එපා...(අ).
විගනේශ්වරන් කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් වුනාට උග්‍ර ජාතිවාදියෙක් , යුද්දේ තියෙනකම් එයාට ජීවත්වෙන්න දකුණ හොඳයි ඉන්පසු සිංහල මිනිස්සු වහකදුරු වගේයි කොටින්ම කියනවා නම් දකුණේ පොල් රා ටිකත් වැරදියි , (අ)
සුදර, විග්නේශ්වරන්ලා මාසෙකට සැරයක් මොකක්හරි විකාරයක් සිංහල මිනිසුන්ට එරෙහිව පටන්ගන්නවා. සිංහල මිනිස්සු මෙච්චර නරක නම් මෙයාලා කොහොමද මෙච්චර කාලයක් කොළඹ ජීවත්වෙලා මහාධිකරණ විනිසුරුවරයෙක්ගේ තනතුර දක්වා උසස් වුණේ? මෙය හොඳ උදාහරණයක් සිංහලයන් සුදුස්සාට සුදුසු තැන දෙන බව පෙන්වන්න. ප්‍රභාකරන් ඔහුගේ ආණ්ඩුවේ සිංහලයෙකුට විනිසුරුකමක් තබා එම පළාතක ජීවත්වෙන්නවත් ඉඩ දුන්නද? දැන් මේ විකාර දකිනකොට මට අප්‍රමාණ කේන්තියක් ඇතිවෙනවා (නි)
මේ ප්‍රතිචාර දැක්කහම ලංකාව ගැන පුදුම කළකිරීමක් දැනෙන්නේ. තාම අපි ශීලාචාර ජාතියක් වෙලා නැහැ. දැන් ඔය අයට ආයෙත් ආයුධ ගන්න කියලද මේ කියන්නේ. මේ මිනිසුන්ට ජීවත්වෙන්න විදිහක් හදාදෙන්න. ටික දෙනෙක් බුද්ධිමත්ව අදහස් දාලා තියෙනවා. ඔන්න ඔය ප්‍රතිශතයම තමය ඡන්ද ප්‍රතිඵල වලින් එන්නෙත්. ඉතින් මේ රට තාම නොදියුණු ගෝත්‍රික රටක් කියලා විදේශිකයෝ කියන එක පුදුමයක් නෙමෙයි (නි)
රට කාලා දැන් රස්සාත් ඉල්ලනවා. හැබැයි මට නම් හිතෙන විදියට මොවුන්ගේ ඉල්ලීම් යහපාලනය ඉටුකරාවි. (නි)