එල්ටීටීඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමිළිනී ජෙයකුමාර් විසින් එම සංවිධානය හා සම්බන්ධ තම ක්‍රියාකාරම්, අත්දැකීම් හා තම ජීවිතයේ මුහුණ දුන් විශේෂිත සිදුවීම් අළලා රචනා කළ කෘතියේ සිංහල පරිවර්තනය අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළි දැක්විණි.
යාපනය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් මහතා එම පොත ‘තියුණු අසිපතක සෙවණ යට‘ නමින් පරිවර්තනය කර ඇති අතර ධර්මසිරි බණ්ඩාරනායක මහතා එය ප්‍රකාශනයට පත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල යන හිමිවරුන් ද, තමිළිනී මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ප්‍රතිකාර කළ වෛද්‍යවරු දෙදෙනෙක් ද, තිමිලිණීගේ සැමියා වන ජෙයකුමාර් මහතා ද, ඇමැති මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සහ පලාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.
ගාමිණී වියන්ගොඩ, ධර්මසිරි බණ්ඩාරනායක, සාමිනාදන් විමල් සහ ජෙයකුමාර් මහත්වරු කතා පැවැත්වූහ.
මෙම කෘතිය සිංහලට පරිවර්ථනය කිරීමත් සමග ඇතැමුන් බොරු චෝදනා කරන බව බණ්ඩාරනායක මහතා සිය කතාවේදී කීවේය.
(වැඩසටහනේ සියලු කතා සහිත වීඩියෝව බලාපොරොත්තු වන්න.)
වීඩියෝ - කෞශල්‍ය සමින්ද
ඡායාරූප - ළහිරු හර්ෂණ








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වෙහෙස කර යුධ අරගලයකින් පසුව, ඇය ලියු පොතෙන් ඒ ගැන පසු විපරමක් කිරීම ම අගය කල යුතු දෙයක්. යුද්ධයෙන් පසුව හෝ මහ ජාතිය පිලිබඳ තිබු බොහෝ මත, දුර්මත බව ඇය අවබෝධ කර ගෙන ඇත. (ර)
දැන් ඕක හොඳ වැඩක් කියලා සහතික දෙන අයට බැරිද පොතේ තියන හොඳ වචන පේළියක් ලියලාහරි අනිත් අයවත් දැනුවත් කරන්න (නි)
මගේ ස්තූතිය දහස් වරක්, ලංකාදීපයට, ඇති තතු නිවැරදිව පළකිරීම ගැන. ධර්මසිරි මහතාණනි, ඔබට ගොඩක් තුති මේ අවස්ථාව ලෝකයට හඳුන්වාදීම ගැන. (නි)
මෙවන් හැකියාවන් අපි අගය කළයුතුය (නි)
ඔය පොත කොටින්ගේ ඇත්ත තත්ත්වය පෙන්වන පොතක්. මේ පොත සිංහලට විතරක් නෙමෙයි, ඉක්මනට ඉංග්‍රීසියට හරවන්නත් ඕනෑ. (නි)
ඒකතමයි ඉසුරු මමත් මේ බැලුවේ? (නි)
හොඳ වැඩක් (නි)
ඉසුරුගේ හඬ කකුලෙන් අදින ජාතියකගේ හඬ පමණි. ලංකාවේ ඉන්නේ එකම වර්ගයකි. වෙනස භාෂාව පමණි (නි)
නැහැ, නැහැ ඉසුරු ජගත් මමත් පැත්තකින් හිටියා ලංකාදීපයට පළමුව මා ස්තුති කරනවා . දෙවනුව නම් ධර්මසිරි ඇතුළු පිරිස කර ඇත්තේ ලෝකයට ඇත්තක් පෙන්වාදීමයි මේවා මහා භයානකයි . මෙවැනි දේවල් කරන්නට ඉදිරිපත් වන අයගේ ජිවිත වලට කව්රු වග කියයිද ? කෙසේ හෝ මේ සැමට සුභ පතනවා (හේ)
මම නම් හිතාගත්තා මොකුත් නොකියා ඉන්න (නි)
ජාතිවාදය අවුස්සන දමිළ දේශපාලුවන්ට මෙන්ම සිංහල දේශපාලුවන්ටත් මේකෙන්වත් යමක් වටහාගන්න පුළුවන් වෙයිද කියලයි සැක. (නි)
ඇත්තෙන්ම අගය කරනවා (නි)
මේ සැමට සුභ පතනවා. හොඳ වැඩක් (නි)
පොත කියවන්නේත් නැතුව කොහොමද අදහස් දාන්නේ. අනේ මේ වගේ මෝඩ මිනිස්සුත් අපි අතර ඉන්නවනේ? (නි)
මිනිස්සු මේවා කියවා දැනුවත් වියයුතුයි (නි)
ඒ චෝදනා බොරු නොවෙයි. සිංහල පරිවර්තනය අවසානයේ තියෙද්දී බණ්ඩාරනායක ලකුණු දාගන්න එ්ක මංකොල්ල කෑවා. සත්‍ය දන්නෝ දනිති! (බ)
ඉංග්‍රීසි පරිවර්තනයක් ඉතා අවශ්‍යයි. අගය කළයුතු ග්‍රන්ථයක් (නි)
වෙනදට පැල් බැඳගෙන කමෙන්ට් ගහන අය්යල අක්කල කෝ ? මේවට නැද්ද කමෙන්ට්. (බ)