හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ලබන 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොස්කි මහතා නියෝග කෙළේය.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට කියා සිටියේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළැයි කියන දිනයේ ඔහුගේ වාහනයේ පිටුපස අසුනේ ආ බව කියන පුද්ගලයකු ගැන අනාවරණය වී ඇති බවයි.සුමිත් පෙරේරාගෙන් ඒ ගැන ප්‍රකාශයක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙව් මිනිස් සහ රිමාන්ඩ් සැප කෙලවර අමා මහා නිවන් සැප ලැබේවා! (ම)
මුළු රටම දන්නවා මේ අපරාධය පිටුපස ඉන්නේ කව්ද කියල ? (ම)
අපි බලබල හිටියේ මොකද මේක ගැන සද්දයක් නැත්තේ කියලා (බ)
අනේ මන්දා! මේවට මොකුත්ම නොකියා ඉන්න එකයි හොඳ (නි)