ගිය වසරේ මැයි මාසයේදී හිටපු උප අැමති හේමාල් ගුණසේකරට දක්ෂිණ අදිවේගී මාර්ගයේදී දඩ කොළයක් දීමෙන් පසුව මරණ තර්ජන නිසා සේවය වාර්ථා නොකල පොලිස් කොස්තාපල් සුමින්ද ගුණසේනගේ ඉල්ලා අස්වීම පොලිසිය මෙතෙක් බාර ගෙන නැත.
ගිය ජුනි මාසයේ ඔහු එම ඉල්ලා අස් වීමේ ලිපිය යවා ඇත. ඔහුට දන්වා ඇත්තේ ඔහුගේ ඉල්ලා අස්වීමේ ඉල්ලීම පිළිගත හැකිද, නැද්ද යන්න තීරණයක් ගන්නා බවයි.
එම කොස්තාපල් ජනපතිට හා අගමැතිට පෙත්සමක් ඉදිරිපත් කරමින් දැන් පවසනුයේ එම සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වා තමා යළි සේවයේ පිහිටවන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඇත්ත නැත්ත මොකක්ද කියලා සොයලා බලන්න වෙනවා (නි)
මොහු නැවත සේවයට ගන්න, හිඟ වැටුප් සහිතව (නි)
මෙවන් පොලිස් දෙපාර්තමේන්තුවට කීර්තියක් ගෙනදෙන නිලධාරීන් උසස්වීමක් සමඟ සේවයේ පිහිටවිය යුතුයි. ජනාධිපතිතුමගේ අවධානය මේ සම්බන්ධව අනිවාර්යයෙන් යොමුවේවි (නි)
තරාතිරම නොබලා නීතිය නිසිපරිදි ක්‍රියාත්මක කරන මෙවැනි පොලිස් නිලධාරීන් සේවයේ තබාගත යුතුයි.එසේම මොහුට මරණ තර්ජනය කළ අයට තරාතිරම නොබලා දඬුවම් දියයුතුයි . (නි)
ගරු ජනාධිපතිතුමනි, ඔහුගේ තනතුර උසස්කර නැවත සේවයේ පිහිටුවන මෙන් ඉල්ලමි (නි)
ඒ විතරක් නොවෙයි, මරණ තර්ජන කළ දේශපාලඥයොත් උසාවි ගෙනෙන්න ඕනෑ යහපාලනය යටතේ. (නි)
මැති ඇමතිවරුන්ට ගැති කම් නොකරන සෘජු නිලධාරීන් පොලිස් සේවයට ගෞරවයක් (නදී)
ඔය රථ වාහන පොලිසියේ ඉන්න අයට නං ඔහොම වෙලා මදි. 90% ඉන්නේ නොහොබිනා වැඩ කරන අය (නදී)