පසුගිය රජය හිටපු ඇමැතියනට දී තිබූ රජයේ වාහන 300 ක් පමණ නැවත දී නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එම වාහන හා ඒවා ළඟ තබාගෙන සිටින හිටපු ඇමැතිවරුන් පිළිබඳව ඉක්මනින් වාර්තාවක් දෙන්නැයි ජනපති සිරිසේන මහතා බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතාට උපදෙස් දී ඇතැයි ඇමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නලව නලව ඉන්න දවස් 100 ගෙවිලයි. (අ)
ඔයාල ගත්ත වාහන බාර දෙන්න තව දින 48 යි , ගහපු බෙරයකුත් නැහැ, පලුවකුත් නැහැ , මෙතෙක් කලේ කාක්කන්ගේ සංස්කෘතිය (අ)
අබේරත්න - ටෝකියෝ පියවි සිහියෙන්ද කතා කරන්නේ? එහෙමත් නැත්කම් කටින් නෙමෙයිද? (අ)
ඉතින් දැන් මේකට මොකද කරන්නේ? (නි)
අන්තිමට ගහපු පදේකුත් නැහැ - බෙරේ පලුවකුත් නැහැ. (නි)
මෙච්චරකල් මොකද කළේ? මේ රජයට කිසිමදෙයක් විසඳන්න අවශ්‍යතාවයක් නැතුවාවද්ද? (නි)
අනේ මන්දා මේවා! කෝ එකක්වත් අල්ලන්නේ නැහැනේ! (නි)
විකුම්, තමන්ට තමන් අවංක වෙන්න ඕනෑ. තනතුරට ලැබුණු දේවල් තනතුර අහිමිවූ පසුව බාරදීමයි අවංක අයගේ යුතුකම. මෙය හැමෝටම පොදුයි .පාට කණ්ණාඩියෙන් බලන්න එපා. (නි)
පොඩ්ඩක් ඉවසන්නකෝ! සමහරවිට දින සියය මුද්‍රණ දෝෂයක් වෙන්නත් පුලුවන් (නි)
රටේ දියුණුවට දැන්වත් යමක් කරමුද? (නි)
දැන් පුළුවන් අනුන්ගේ වැරදි හොයන්න විතරද? දවස් සියයේ කතාව විහිළුවක් වෙලා. කලින් සිටි අයත් එකයි දැන් අයත් එකයි. (නි)
ඔෟෂධ පනත, තොරතුරු දැනගැනීමේ පනත, සිගරැට් වල රූපමය අවවාද 80% ක් කිරීම, රු.10000 න් ආදායම වැඩිවීම, බඩු මිල තෙල් මිල අඩුකිරීම ඒවත් කළේ මේ දින 100 තුළම තමයි ඩිල්ෂාන්. (නි)
අපි නම් සහයෝගය දුන්නේ දින 100 ක් බලාගෙන නොවෙයි.රට වනසපු පාලනයට තිත තියන්නයි...මේ වාහන නොදීම තණ්හාවයි.ලෝකයේ දියුණුවට හාපැවැත්මට මේ තණ්හාව අත්‍යාවශ්‍යම භාණ්ඩයක්.(දිල්)
තුසානි මම ලංකාවට අවා ඡන්දයට . යහපාලනයට සහයෝගය දුන්නා. (නදී)
මහනුවර රැස්වීමට ගියා නම් 150ක් හරි හොයාගන්න පුළුවන් වෙයි නේද? (නි)
මේ වාහනත් ගුවන් මඟින් රට පැටෙව්වද දන්නෙ නැහැ නේද? (නි)
කෝ එතකොට දැන් ඒ වාහන? (නි)
දින 100 යෙන් 50ඉවරයි .මහජනතාවට ලැබුන දෙයක් නැත . අනේ අපරාදේ අපේ ඡන්දය . කුණු ගොඩවල් ඇදගෙන නාපල්ලා. (බ)
අබේරත්න ලංකාවේ නෙමෙයිද ඉන්නේ? (නි)
රජයේ වාහන තබාගත් අයට ඒ සඳහා කුලියක් ගෙවීමේ නීතියක් ගෙන එන්න (නි)
දින 100 කරන්න ඉඩදෙන්නේ නැහැ සමහරු. කුහකකමට කඩාකප්පල් වැඩ කරනවා. (නි).