2010 වසරේ දී ගමනා ගමන මණ්ඩල පනතට පටහැනිව එම මණ්ඩලයට උප සභාපතිවරයකු පත් කරමින් රජයට රුපියල් මිලියන 3.3ක් පාඩු කළැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව පවරා ඇති නඩුව මාර්තු මාර්තු තුන් වැනිදාට කල් තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිකගල මහත්මිය නියෝග කළාය.

එම නඩුවට එරෙහිව කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර ඇති නිසා සංශෝධිත පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා පැමිණිල්ල  මාර්තු තුන් වැනිදාට කල් තැබීමට තීරණය කැරිණි.