(මුදිතා දයානන්ද)

අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වු ජයන්ත සමරවීර මහතා අද කැඳවා තිබු මාධ්‍ය හමුව ආවරණය කිරිමට ගිය මාධ්‍යවේදින්ට වරාය හා නාවුක කටයුතු අමාත්‍යංශයේ ආරක්ෂකයන් බාධා කර ඇත.
එම අමාත්‍යංශයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙන බවට පූර්ව දැනම් දීමක් කර නැති නිසා ඊට ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බව එහි ආරක්ෂකයන් පවසා ඇත.
ජයන්ත සමරවීර මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරින් පැමිණ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙන බව දැනුම් දුන්නද මාධ්‍යවේදින්ට එහි ඇතුල් වීමට ඉඩදිය නොහැකි යැයි පවසමින් ආරක්ෂකයෝ මාධ්‍යවේදින්ට බාධා කළහ.
හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා එම ස්ථානයට පැමිණීමෙන් පසු එම බාධාකිරිම් නොතකා සැලසුම් කළ මාධ්‍ය හමුව පැවැත්වීය. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)