IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හිටපු ඇමැතිගේ අරක්කුවලට දෙකෝටියක දඩ

හිටපු ඇමැතිවරයකුට සම්බන්ධ බව කියන ස්කාගාර හිමියකුට සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් දෙකෝටි දස ලක්ෂයක දඩයක් නියම කළේය.

බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් මත්පැන් බෝතල 68,000ක් දෙමටගොඩ ගබඩාවකට මාරු කිරීම ඊට හේතුවයි. මෙම ස්කාගාර හිමිකරු නමට පමණක් ක්‍රියාකරන්නකු බවත් සැබෑ හිමිකරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු ඇමැතිවරයකු බවත් කියති.

පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණයෙන් දින අටකට පසුව මෙම මත්පැන් තොගය දෙමටගොඩ ගබඩාවකට ගෙනැවිත් ඇතැයි කියති. අත් අඩංගුවට ගත් බෝතල සුරාබදු දෙපාර්තමේන්තුවට බාරදී ඇත. මෙම ස්කාගාරයේ වර්ග හත අටක මත්පැන් නිපදවන බවද වාර්තාවේ.

 



අදහස් (0)

හිටපු ඇමැතිගේ අරක්කුවලට දෙකෝටියක දඩ

අරෝෂා Sunday, 10 May 2015 10:58 AM

ලංකාවේ සිංහලයන්ගේ ජාතික බීම අරක්කු නිසා, මොනතරමක් වංචා කළත් එච්චර ලොකු දඩයක් නම් ගහන්නේ නැහැ. අනිත් එක මේකේ අයිතිකාරයත් ඉතින් දේශපාලඥයෙක් නිසා.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Sunday, 10 May 2015 11:10 AM

සාටක මුදලාලිලා කියාවී අපේ ඇමතිලා ටික වැරදි නැහැ කියා. ලොක්කට දැන් පන්සල් සහ හිරගෙවල් වල ඇවිදීම විනෝදාංශයක් වෙලා (නදී)

:       0       0

පද්මිණි-ප්‍රංශය Sunday, 10 May 2015 11:13 AM

ව්‍යවස්ථාව කොපමණ සංශෝධනය කලත් වැඩක් නැහැ. සදාචාරය නීති දාල කෙනෙකුට රිංගවන්ට බැහැ. පැටිකිරිය හොඳයි. ඉදිරි මැතිසබයට පත් කරමු. (නදී)

:       0       0

සිල්වා Sunday, 10 May 2015 01:13 PM

බලාගෙන ගියහම මේගොල්ල මතට තිට කිය කිය ගජරාමෙට අරක්කු පෙරන එක , මම දැක්ක ඔය කියන හොරා රිලවෙක් වගේ විරිත්ත විරිත්ත බන්ධනාගර බස් එකක නැගල මාංචු පෙන්න පෙන්න යනවා (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Sunday, 10 May 2015 01:48 PM

දෙපැත්තේම ඉන්න රට වනසන මත් වෙළෙන්දන් නැති කල යුතුමය (නදී)

:       0       0

ලාල් Sunday, 10 May 2015 01:52 PM

අපි නැවත හිටපු අභීත රජතුමාව පත්කරගනිමු.(නදී)

:       0       0

පාලිත Sunday, 10 May 2015 01:55 PM

අපි දන්නවා ඔය ලොක්ක කව්ද කියල, දෙන්න තියෙන්නේ රම්පෙට පොරි හැලෙන්න. අන්න හරි ඕකට තමයි කියන්නේ යහ පාලනය කියල. (නදී)

:       0       0

සමන්ති Sunday, 10 May 2015 03:32 PM

අර සුමනේ මහ ඇමති වෙනවා කිව්ව කොලුවාගේ තාත්තාද? (නදී)

:       0       0

හම්බන්තොට ඩිලා Sunday, 10 May 2015 03:53 PM

දැන්ද සුරා බදු එකට පන ඇවිත් තියෙන්නේ (නදී)

:       0       0

ඉමේෂ් Sunday, 10 May 2015 03:57 PM

අනේ බොරුවට මඩ ගහන්න එපා. රට බේරාගත්තු ජනාධිපති තුමාට. ඕව විදේශ කුමන්ත්‍රණ. පුළුවන් නම් ඡන්දෙකින් පරද්දල පෙන්නන්නකො.(නදී)

:       0       0

විජේසුන්දර Sunday, 10 May 2015 07:00 PM

තරාතිරම නොබලා දඬුවම් කළයුතුයි (නි)

:       0       0

අබරන් Sunday, 10 May 2015 10:39 PM

ඉමේෂ්, ඒක ඇත්ත. (නි)

:       0       0

සමන් Sunday, 10 May 2015 11:45 PM

ඔය දේශපාලකයා දැනටමත් රිමාන්ඩ් එකේ ඉන්න නිසා දිගටම අපි කල්පනාකාරීව වැඩකරමු. (නි)

:       0       0

සරත් Monday, 11 May 2015 12:06 AM

හැබැයි බොරුවට මඩගහන්න නම් එපා. (නි)

:       0       0

තත්සර Monday, 11 May 2015 03:00 AM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 10 May 2015 08:58 AM

අන්න හරි දෙන්න තියෙන්නේ රිදෙන්නම ! (හේ)

:       0       0

විපුල Sunday, 10 May 2015 09:23 AM

ඕවා ගෙවන්නෙත් අපේ සල්ලි වලින්මයි.(හේ)

:       0       0

යසිරු Sunday, 10 May 2015 09:41 AM

දැන් ඉතින් ඔය ලොකු තැනගේ ශ්‍රී නාමය ඇයි පල නොකරන්නේ ?(හේ)

:       0       0

අසංක Sunday, 10 May 2015 09:42 AM

දැන් පේනවනේ අපේ රටේ දේශපාලකයින්ගේ වැඩ.(හේ)

:       0       0

සෑම් Sunday, 10 May 2015 09:46 AM

මේකේ අයිතිකාරයා ගැන දුකත් හිතෙනවා(හේ)

:       0       0

විමුක්ති Sunday, 10 May 2015 09:45 AM

දඩ ගහලා විතරක් මදි.(හේ)

:       0       0

ශාමන්ත Sunday, 10 May 2015 09:51 AM

මේ වගේ හැම කෙනාටම දඩ ගහන්න ඕනේ.(හේ)

:       0       0

රසික Sunday, 10 May 2015 10:40 AM

වෙන රටක නම් ඇමති පත්තර වලින් හමගහනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site