හිටපු ඇමැතිවරයකුට සම්බන්ධ බව කියන ස්කාගාර හිමියකුට සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් දෙකෝටි දස ලක්ෂයක දඩයක් නියම කළේය.
බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් මත්පැන් බෝතල 68,000ක් දෙමටගොඩ ගබඩාවකට මාරු කිරීම ඊට හේතුවයි. මෙම ස්කාගාර හිමිකරු නමට පමණක් ක්‍රියාකරන්නකු බවත් සැබෑ හිමිකරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු ඇමැතිවරයකු බවත් කියති.
පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණයෙන් දින අටකට පසුව මෙම මත්පැන් තොගය දෙමටගොඩ ගබඩාවකට ගෙනැවිත් ඇතැයි කියති. අත් අඩංගුවට ගත් බෝතල සුරාබදු දෙපාර්තමේන්තුවට බාරදී ඇත. මෙම ස්කාගාරයේ වර්ග හත අටක මත්පැන් නිපදවන බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිංහලයන්ගේ ජාතික බීම අරක්කු නිසා, මොනතරමක් වංචා කළත් එච්චර ලොකු දඩයක් නම් ගහන්නේ නැහැ. අනිත් එක මේකේ අයිතිකාරයත් ඉතින් දේශපාලඥයෙක් නිසා.(නදී)
සාටක මුදලාලිලා කියාවී අපේ ඇමතිලා ටික වැරදි නැහැ කියා. ලොක්කට දැන් පන්සල් සහ හිරගෙවල් වල ඇවිදීම විනෝදාංශයක් වෙලා (නදී)
ව්‍යවස්ථාව කොපමණ සංශෝධනය කලත් වැඩක් නැහැ. සදාචාරය නීති දාල කෙනෙකුට රිංගවන්ට බැහැ. පැටිකිරිය හොඳයි. ඉදිරි මැතිසබයට පත් කරමු. (නදී)
බලාගෙන ගියහම මේගොල්ල මතට තිට කිය කිය ගජරාමෙට අරක්කු පෙරන එක , මම දැක්ක ඔය කියන හොරා රිලවෙක් වගේ විරිත්ත විරිත්ත බන්ධනාගර බස් එකක නැගල මාංචු පෙන්න පෙන්න යනවා (බ)
දෙපැත්තේම ඉන්න රට වනසන මත් වෙළෙන්දන් නැති කල යුතුමය (නදී)
අපි නැවත හිටපු අභීත රජතුමාව පත්කරගනිමු.(නදී)
අපි දන්නවා ඔය ලොක්ක කව්ද කියල, දෙන්න තියෙන්නේ රම්පෙට පොරි හැලෙන්න. අන්න හරි ඕකට තමයි කියන්නේ යහ පාලනය කියල. (නදී)
අර සුමනේ මහ ඇමති වෙනවා කිව්ව කොලුවාගේ තාත්තාද? (නදී)
දැන්ද සුරා බදු එකට පන ඇවිත් තියෙන්නේ (නදී)
අනේ බොරුවට මඩ ගහන්න එපා. රට බේරාගත්තු ජනාධිපති තුමාට. ඕව විදේශ කුමන්ත්‍රණ. පුළුවන් නම් ඡන්දෙකින් පරද්දල පෙන්නන්නකො.(නදී)
තරාතිරම නොබලා දඬුවම් කළයුතුයි (නි)
ඉමේෂ්, ඒක ඇත්ත. (නි)
ඔය දේශපාලකයා දැනටමත් රිමාන්ඩ් එකේ ඉන්න නිසා දිගටම අපි කල්පනාකාරීව වැඩකරමු. (නි)
හැබැයි බොරුවට මඩගහන්න නම් එපා. (නි)
නියමයි. ජයවේවා! (නි)
අන්න හරි දෙන්න තියෙන්නේ රිදෙන්නම ! (හේ)
ඕවා ගෙවන්නෙත් අපේ සල්ලි වලින්මයි.(හේ)
දැන් ඉතින් ඔය ලොකු තැනගේ ශ්‍රී නාමය ඇයි පල නොකරන්නේ ?(හේ)
දැන් පේනවනේ අපේ රටේ දේශපාලකයින්ගේ වැඩ.(හේ)
මේකේ අයිතිකාරයා ගැන දුකත් හිතෙනවා(හේ)
දඩ ගහලා විතරක් මදි.(හේ)
මේ වගේ හැම කෙනාටම දඩ ගහන්න ඕනේ.(හේ)
වෙන රටක නම් ඇමති පත්තර වලින් හමගහනවා.(නදී)