රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපලවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට ලබන මැයි මස 04 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධාකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(27) සිතාසි නිකුත් කළේය.
2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලයේ සිය ආදායම් වලින් හෝ ලැබීම් වලින් උපයාගත නොහැකි මුදල් හෝ දේපළ වල හිමිකරුව සිටින ලද බවද එම මුදල් හා දේපළ අල්ලස් මඟින් උපයා ගන්නා ලදැයිද පයාගල පහළගොඩ ලිබර්ටි මාවතේ පහළගේ රෝහිත පියතිස්ස අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසමෙන් මෙම නඩුව පවරා ඇත.
විත්තිකරු විසින් උපයාගත් දේපළ අතර රුපියල් ලකෂ 40කට රත්මලාන සිරිමල් උයනේ නිවස, එහි ඔප්පු ලිවීම සඳහා රුපියල් 1, 59 000/- ක මුද්දර ගාස්තු වැය කිරීම, කේ.එච්.2428 දරන ජීප් රථය බදු රහිතව ආනයනය කිරීමට රුපියල් 35, 74 900/- ක මුදලක් වැය කිරීම, එම වාහනයේ ගාස්තු ලෙස ටොයොටා සමාගමට රුපියල් 2 38 747/-ක මුදලක්ද තීරූ බදු හා වෙනත් බදු වශයෙන් රේගුවට රුපියල් 4 08 046/-ක මුදලක්ද වැය කළ බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට දැනුම් දී ඇත.
විත්තිකරු විසින් උපයාගත් මුදල් අතර එච්.පී.2801 හා එච්.කිව්. 9481 දරන බස් රථ වලට අදාළ රක්ෂණ හා ආදායම් සහතික ලබා ගැනීම සඳහා රුපියල් 1 03 000/-ක මුදලක් වැය කිරීම, මෙම බස් රථ වලට කල් බදු වාරික ලෙස රුපියල් 12 31 093/-ක් වැය කිරීම, සුජීව බෝයගොඩ නමැත්තාට රුපියල් ලකෂ 25ක් ලබාදීම, මේනකා නිලන්ති ද සිල්වා නමැත්තියට දික්කසාද දීමනාව ලෙස රුපියල් ලක්ෂ 10ක් ලබා දීම, බැංකු අයිරාව පියවීමට රුපියල් 1 02 796/-ක් ගෙවීම, බැංකුවෙන් ණයට ගත් මුදලට පොලිය හා වාරික මුදල් ලෙස රුපියල් 1 73 878/-ක් ගෙවීම, ස්ථීර තැන්පතු ලෙස හා වෙනත් තැන්පතු ලෙස බැංකු වල 1 21 33 000/-කට අධික මුදලක් තැන්පත් කොට තිබීම, මුල්‍ය සමාගමක රුපියල් ලකෂ 45ක ස්ථිර තැන්පතු මුදලක් දැමීම, ණය මුදල් පියවීම සඳහා රුපියල් ලකෂ 05කට අධික මුදලක් වැය කිරීම, පිංවත්තේ නිවස අලූත්වැඩියාව සඳහා රුපියල් ලකෂ 6 1/4ක මුදලක් වැය කිරීම, රත්මලාන සිරිමල් උයන නිවසට විදුලිය ගැනීම ස`දහා රුපියල් ලකෂ 2 1/2කට ආසන්න මුදලක් වැය කිරීම, ඇතුළු සිද්ධීන් රැසක් අල්ලස් කොමිසම විසින් නඩු ගොනුවට ඇතුලත් කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ලැයිස්තුවක් නේ මෙයාට විරුද්ධව එල්ල කර තියෙන්නේ !!!! දැන් ඉතින් මේ සල්ලි ආවේ කොහෙන්ද කියල පැහැදිලි කිරීමට දිග ලැයිස්තුවක් හදන්නත් වේවි ......(කෞ)
අවුලක් නැහැ. බන්ධනාගර රෝහල තියෙනවා නේ. (බ)
අැයි නැතිවෙලා හම්බවුණු මුද්ද (බ)
ඉස්සෝ වගේනේ , මම සුදනා මම සුදනා , හැබැයි ඉතින් ඔලුවේ අහවල් දේ තියෙනවලු ! ඉස්සගේ හොඳේ (බ)
රත්තරන් මාල වලට අමතරව තවත් දේවල් කරලද?(කෞ)
මේවා ඔප්පු කරලා මෙයාට දඬුවම් කරලා පෙන්නුවොත් මම දණගාගෙන අලුත්ගම බස් නැවතුමේ ඉඳලා බෙන්තර පාලම ළඟට යනවා. මේගොල්ලන්ගේ චෝදනා මම පිළිගන්නවා. නමුත් මේගොල්ලන්ට දඬුවම් කරන්නේ නැහැ (නි)
මේ වගේ අයනේ අපිත් පත් කරගෙන තියෙන්නේ. මේවා ඇත්ත වුණොත් ගහල රටෙනුත් එලවන්න ඕන. (බ)
මොනවා වෙයිද (අ)
මෙතුමා රත්තරන් හදවතක් ඇති අහිංසක මඟියෙක් බව බොහෝ දෙනෙක් දන්නවා. (නි)
දේශපාලකයෝ කියන්නේ ආඳෝ වගේ ඕනෑතැනකින් ලිස්සලා යන්න සූරයෝ (නි)
මගේ ලගත් සල්ලි තියනවා (කෞ)
දැන් වැඩිය වැඩකුත් නැති නිසා ගෝල බාලයොත්, සහය දක්වන්නනුත් එකතු කරගෙන රටේ බඩු මිල අඩුකිරීමට කිසියම් දායකත්වයක් ලබාදෙන මෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා. (නි)
ඔහොම යමුකෝ (නි)
බුදු අම්මෝ, මේ තරම් සල්ලියක්, (කෞ)
2006 පස්සේ ගහපු ගැහිලි වලට නඩු දාන්නේ කවද්ද ?මේ වගේ කෙනෙක් තමන්ගේ නියෝජිතයා හැටියට පත් කරගත්තේ තනිකරම හොරු විතරද එම ප්‍රදේශයේ ඉන්නේ .ජනතාව එම ප්‍රදේශය හරහා යනවිට කලිසම් සාක්කු පරිස්සම් කරගන්න (බ)
ගෝල්ඩ් කේස් එකද..? (බ)
අම්මෝ මෙතුමාට තිබෙන චෝදනා ගොන්න! (නි)
මම ආශාකරන හොඳ පුද්ගලයෙක්. (නි)
දහම් කියන කෙනා රෝහිතගේ කෙනෙක් වගේ. නැත්නම් කඩේ ගිය කෙනෙක් වගේ.හොදටම රිදිලා නේද.ඉන්න ඉන්න හදිසි වෙන්න එපා. ටික ටික අල්ලනවා සේරම (බ)
අැයි මේයාට විතරක් නඩු. යහපාලනෙට හේත්තු වෙච්ච එවුන්ගේ ඒවා පෙනෙන්නේ නැද්ද? ඒවා අහෝසිද? මාරු යහපාලානේ. ඇති කරනවයි කිව්වේ මෛත්‍රී පාලනයක්. හැබැයි තියෙන්නේ වයිර පාලනයක්.(කෞ)
මේවා දුක් මහන්සියෙන් හොරකම් කරලා රත්තරන් හම්බ කරගත් සල්ලි රත්තරන් අයියෝ සල්ලි (කෞ)
මෙම අවලස්සන තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යායුතු තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම අශීලාචාර තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය නම් එම අශීලාචාර කාලවකවානුව තුළ මෙවැනි අපරාධවලට වගකියුතු මෙවැනි සියලූදෙනාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ යුතුය. රට ශීලාචාර තැනකට ගතහැකිවනු ඇත්තේ එවිටය. (අ)
මහින්ද මහත්තයාගේ ලංගම හිතවත් ගෝලයෙක්. එතුමාගේ පුර්ණ අසිර්වාදය මෙතුමාට තිබුන , නිතර රුපවාහිනියේ එහෙමත් කැ ගැහුවේ(අ)
අප්පේ! පාර්ලිමේන්තුවේදී ලැබෙන පඩියෙන් වෙන්න ඇති ඕවා ඔක්කොම ගන්න ඇත්තේ (නි)
වැරැද්දක් නොකළා නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
පව් අහිංකයා කොටි හතරයි හොරාකාලා තියෙන්නේ මා හිතුවේ ඊට වැඩියි කියලා රටට කරපු සංවර්ධනය දිහාබලපුවාම තව කෝටි හතරක් දෙන්න හිතෙන්නේ (අ)
මෙයයි , දහමුයි එකට රත්තරන් බිස්නස් කරන්න ඇත්තේ. (බ)