
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ දේහය අද සවස රුහුණ විශ්ව විද්‍යාලයට රිය පෙරහැරකින් රැගෙන ආවේය.
කොලඹ පිහිටි නිවසේ සිට රැගෙන ආ ඒ මහතාගේ දේහය රුහුණ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය සමන් චන්දන හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරු ඇතුළු සරසවි මහාචාර්ය ආචාර්ය කඨිකාචාර්යවරුන් ඇතුළු පිරිසක් විසින් භාර ගෙන කර මතින් ගෘහස්ථ ක්‍රිඩාගාරය වෙත රැගෙන ගොස් තැන්පත් කලේය.
පසුව එම පිරිස ඇතුළු සරසවි අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද සිසු සිසුවියන් ද දේශපාලඥයන් ඇතුළු මහජනතාව රොනී ද මැල් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
රුහුණ විශ්ව විද්‍යාලය ආරම්භ කිරිමට පුරෝගාමී මෙහෙවරක නිරත වු රොනීද මැල් මහතාගේ දේහය හෙට සවස 3.00 තෙක් මහජන ගෞරවය සදහා එම පරිශ්‍රයේ තැන්පත් කර තැබෙන අතර සවස 4.00 ට ආදාහන කටයුතු සරසවි ක්‍රිඩාංගනයේ දී සිදු කිරීමට නියමිතව ඇත.
ඒ ඔහුගේ අවසන් කැමති පත්‍රයේ සදහන් අයුරිනි.
අවමංගල්‍ය උත්සවය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ප්‍රභූ වරුන් පිරීසක් සහභාගිවීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ඇමැති රෝනී රුහුණු සරසවියට
Bamunuarachchi Thursday, 29 February 2024 11:43 PM
රටේ දේශපාලනයේ වැදගත් සේවයක් කළ පුද්ගලයින් මිය ගියාම පක්ෂ බේදයකින් තොරව ගෞරවය කිරීම මනුෂ්‍යකම පිළිබිඹු කිරීමක්. ජෙප්පන්ට ඒ මනුෂ්‍යකම ගෑවිලාවත් නැත. එහෙම තිබුණා නම් ඔවුන් විසින් මරාදමු මිනිසාගේ මිනිය දණහිසෙන් උඩට උස්සන්න එපා කියන්නේ නැත.