
(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනවුවාය.
ලියාපදිංචි නොකළ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් ව්‍යාජ අංක තහඩුවක් යොදාගෙන භාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දෙමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස විදේශ ගමන් තහනමක් පැනවුවාය.
සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතියය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රථගාලේ සැකකටයුතු අන්දමින් කාර් රථයක් නවතා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මෙම බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන්හ.
එම විමර්ශන වලදී ජර්මනියේ නිශ්පාදිත මෙම බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථය එංගලන්තයට යවන බව පවසා හොර රහසේ මෙරටට ගෙන්වා ඇති බවත් පසුව කාර් රථය මෙරට ලියාපදිංචි නොකර වෙනත් මෝටර් රථයකට නිකුත් කළ අංක තහඩුවක් ව්‍යාජ ලෙස සවිකර මෙම කාර් රථය භාවිතා කර ඇති බවත් දැනුම් දුන් නිලධාරීහු මෙම රථය මෙරටට ගෙන්වුයේ කවුද? භාවිතා කළේ කවද? යන්න පිළිබඳ පු`ථල් විමර්ශනයක් ආරම්භ කර අතැයිද දැනුම් දුන්හ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන හෙයින් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලන නියෝගයක් නිකුත කරන්නැයි ඉල්ලා සිටියහ.
පොලිසියේ ඉල්ලීම පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලිසියට නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ හිටපු බහුතරයක් ගාව තියෙන වාහන ඔය වගේ තමයි. ගොඩක් වෙලාවට පස්සෙන් යන බැකප් ජීප් රථ, නොම්මර නැති, එකලස් කරනලද හෝ ලියාපදිංචි කළ නොහැකි රථ...!
නගරාධිපතියාගේ ඇගේ මයිල් ගහක්වත් අත තියන්න දෙන්නේ නැහැ කියලා කයිවාරු ගැහුවා නේද? දැන් ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ මයිල් ගස්වලට මොකද වෙන්නේ කියලා...!
225 ටම පෙනෙන්න කපුටු තටුවක් එල්ලයි වගේ ළඟදීම...
මේ වගේ රට කාපු තක්කඩින්, ගමක මරණාධාර සමිතියකටවත් පත්කරන්න එපා.
ඔන්න තවත් හොර පොහොට්ටුවක්...
ජම්පර් ඵකට මෙෂර්මන්ට් ගන්න..
"මට බලයක් තියෙනවා නම් මේ ඉස්සරහ පේලියේ ඉන්න සේරම අය අද මෙතැන නැහැ" කියලා පාර්ලිමේන්තුව්දී අනුර කුමාර කිව්ව කතාව මතක් වෙන්නේ මට විතරද?
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දකින්න ලැබුණ අන්ත ජඩ, හොර දාමරික චරිතයක්...
අරක්කු බෝතලයකින් රුපියල් 2500ක් පමණ බද්දක් රජයට ලැබෙන්න ඕනේ... නමුත් අර්ජුන ඇලෝසියස්ගේ සහ ජොන්ස්ටන්ගේ අරක්කු සමාගම් විසින් මෙම මුදල් වසර ගණනක සිට රජයට ලබාදී නැහැ. පාඩුව රුපියල් බිලියන 52 ක්... රජයේ වියදම් පියවා ගන්න රජය පසුගිය වසරවල භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරමින් ජනතාවගෙන් ණය ගත්තා. මේවාට පොලී ගෙවන්න සිදුවෙනවා.. මෙම මුදල් නිසිලෙස අයකර ගත්තා නම්, රටේ ජීවන බර විශාල ලෙස අඩුකරන්න තිබුණා. ගුවන් ගමන් තහනම් පමණක් මදි, රජයට පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණ කරුණු වාර්තා කර මොවුන් කෙලින්ම අත්අඩංගුවට ගන්න, පසුගිය කාලවල කෝප් කමිටුවේදී මේ සියල්ල හොඳින් එළිවුණා. රජය මේ ගැන මේතරම් මන්දගාමී ලෙස කටයුතු කරන්නේ අලුත් රජය සහ මොවුන් අතර යම්කිසි ඩීල් එකක් තිබෙන නිසාද? උදාහරණයක් ලෙස ගන්නවා නම් අපි 2015 දැනගෙන හිටියේ නැහැ රනිල් සහ රාජපක්ෂ පවුල අතර ඩීල් එක... ගැන...