මෝදර යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු හමුදා කෝප්‍රල්වරයකුට පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේදී මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයකුගේ ආරක්ෂක නිලධාරියකු පහර දුන් බවට පැමිණිල්ලක් කර ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
ප්‍රතිකාර ලබා ගැනිම සදහා සෙබළා ඔහුගේ බිරිඳ හා දියණිය සමග මහනුවර රෝහල කරා ත්‍රිවිල් රථයකින් ගමන් ගන්නා අතරතුරදි අදාළ දේශපාලනඥයා සමග පැමිණි වාහනයේ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරියෙක් වාහනය අයින් කිරීමට අණ කළ බවත් මාර්ගය පටු නිසා නොහැකි බව පැවසු විට ආයුධයකින් පහර දුන් බවත් සෙබලා පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට වුණා නම් මමත් දන්නවා කරන දේ... (නි)
ලොක්කන්ටත් වැඩිය එයාලා යටතේ ඉන්න අයගෙන් තමයි කරදර (නි)
මොවුන් පාරේ යන්නේ මොනවා හිතාගෙනද? ඡන්ද කොමසාරිස්තුමා මේවාට සවන්දිය යුතුයි. මෙවන් අය මහජනතාව වෙනුවෙන් සමාජ මෙහෙවරක් කරන්නයි ජනතාව ඔවුන්ව පත්කරන්නේ. වහාම මෙවන් අය දේශපාලනයෙන් අතුගා දමන්න. තමන්ගේ සේවකයා හදාගන්න බැරි එක්කෙනා කොහොමද රට හදන්න එක්වෙන්නේ. (නි)
තව කොහේද බලයක් ලැබුණොත්? (නි)
පේනවා නේද දැන්මම? (නි)
ආරක්ෂක නිලධාරියා මතක තබා ගත්තොත් හොඳයි කොකාට වාරයක් අවොත් තිත්තයටත් වාරයක් එන බව. (ස)
නුවර දිස්ත්‍රික්කයේ ජනතාවට බාරයි මෙයා ඡන්දෙ ඉල්ලුවොත් මොකද කරන්න ඕනේ කියලා. (ර)
නම නොකීවට කාගේ වැඩක්ද කියල රටම දන්නවා, මේක වැරදිලා හරි දැන් ඉන්න ආණ්ඩුවේ කෙනෙකුගේ වැඩක් වුනා නම් කියක් ජාති කියලද මෙලහකට ,කොටි ඩයස් පෝරාවේ කුමන්ත්‍රණයක් කියයි ,මුහුණු පොතේ බලන්න තිබ්බ බැනර් හුවමාරු වෙන හැටි එහෙනම්, (බ)
ආණ්ඩුව විසුරුවලත් තියෙන සැර? ඔය සිද්ධිය මට වුණා නම් "ඇමති, හිටපු ඇමති" ඒවා මට අදාළ නැහැ.හොඳට සළකනවා (නි)
මේ පාර නාමයෝජනා නැති ගොඩටම දැම්මා නම් හරි කියලා හිතෙනවා මේ වගේ අය (නි)
මෙයාලටම ගිය රට! (නි)
මොවුන්ද තව බලයත් ඉල්ලන්නේ? පැරදිලා මෙහෙමනම් හිතාගන්න පුළුවන් දිනුවොත්! එන්නෙ නැතෑ ඡන්දෙ ඉල්ලන්න (නි)
මේ දේශපාලකයාගේ නම ෆේස්බුක් එකේ තියෙනවා සම්පූර්ණ විස්තරේ එක්ක.(නදී)
හමුදා නිලදාරිය ගැරඩියෙක් දැන්? (නදී)
මේව මඩ ගහන්න කියන කතා (නදී)
පේනවා නේද බලයේ රඟ? (නි)