කොටි සංවිධානයේ ඔත්තු අංශයේ සාමාජිකයන්ට නවාතැන් දී ආරක්ෂක හමුදාවලින් වසන් කිරීමට ආධාර හා අනුබල දුන්නැයි හිටපු පොලිස් පරීක්ෂක අජ්මීර් දාවුඩ් මොහොමඩ්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය ඔක්තෝබර් 29 ට කල් තැබීය.
කොටි ඔත්තු අංශ නායකයකු වන මායා හා තවත් කොටි නායකයකු වන කනගලිංගම් නිශාන්තන්ට 2007 දී රැකවල් දුන්නැයි ඔහු චෝදනා ලබා සිටී. නඩුව ලබන 29 වැනිදා විභාගයට ගන්නා බව විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් මහත්මිය ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජාතිය හැමදාම කලේ මේ සිංහල රටට විනම තමයි (අ)
රට ජාතිය පාවා දුන්න අය ගණනය කලොත් සිංහල මිනිසුන් කොපමණ සිටිනවාද ?වෙනත් ජාතිකයනුත් සිටිනවා .ඒ නිසා ? මේ නිසා මෙය ජාතිය පිළිබද ප්‍රශ්නයක් නොවෙයි . විශේෂ බලකායේ හිටපු අණදෙන නිලධාරී ෆස්ලි ලාෆීර් මහතා තමන්ගේ ජීවිතය පුජා කලේ මුලතිව් කදවුර බේරා ගන්න තම බලකාය මෙහෙයවමින් සිටියදී . මුතාලිෆ් මහතාත් විශිෂ්ඨ බුද්ධි නිලධාරියෙක් .ඔහුත් රට වෙනුවෙන් දිවි පිදුවා .ඔවුන් රට වෙනුවෙන් කල සේවයෙන් දශමයක් වත් නොකළ මිනිසුන් කොපමණ අප අතර සිටීද අප ජාතියක් විවේචනය කරන විට විවිධ කැප කිරීම් කල එවැනි උසස් මිනිසුන්ගේ සමීපතමයන්ට දැඩි වේදනාවක් ඇති විය හැකියි .එමෙන්ම ඔවුන් කල සේවයට අගෞරවයක් විය හැකියි .ඒ නිසා විවේචන වුවත් තර්කානුකුල හා සාධාරණ විය යුතුයි .(අ)
ඔයිට වැඩිය නරකද මිනිසුන්ගේ බදු මුදලින් කොටි නායකයින් අවරුදු ගණනක් නඩත්තු කරන එක.කවද හරි දඩුවම් ලැබිය යුතුයි .වෙනත් ආණ්ඩුවකින් නැතත් දෙවියන්ගෙන් වත්. (ස)
එක කොටියෙකුට දෙන්නෙකුට නවාතැන් දුන්නු කෙනාට විතරක් දඬුවම් දීල මදි. අර කොටි රොත්තටම අායුධ නිකන් දීපු කට්ටියටයි එයාලගේ පවුල් වල උදවියටයි විරුද්දවත් කටයුතු කරන්න ඕනැ. (ස)
බලමුකෝ අවසානයේදී මොකක්ද වෙන්නේ කියලා (නි)
අසංග, කාටද දඬුවම් කරන්න කියන්නේ? (නි)
විශිෂ්ටයි ඉන්දික. ඔබට ජය! (නි)
ඉන්දිකා, ඔබ කියන කතාව සර්ව සාධාරණයි. ඒ අපරාධකරුවාගේ පැත්තෙන් බැලුවහම. (නි)
මේක ජාතියේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ සිංහල අයත් ඕනෙතරම් හිටිය ජාතිය පාවාදීපු. ඒ අතරේ පොලිස් අදිකාරිවරු, හමුදා කර්නල්වරු, මෙජර්වරුත් හිටිය. ඉන්දිකා කියන කතාව ඇත්ත. ඒ වගේම දෙමල අය හිටිය කොටියට විරුද්දව හමුදාවට උදව් කරපු, මේවා ඔක්කොම මේ යුද්දේ කලේ සිදු උන. නමුත්, හැමජාතියකම වැඩිය ඉන්නේ හොඳ මිනිස්සු. (ස)
වහාම දඩුවම් දෙන්න..(බ)
කොහොමත් මේගොල්ලෝ මීට පෙරත් රට නොරටුන්ට පවා දුන්නාලු කියනවානේ (දිල්)
කරුණට ජයවේවා! (බ)
හැමදෙයක්ම මැදිහත් සිතින් බලන්න පුරුදු වෙන්න. හැම ජාතියකම කුණු තියනවා. කුණු නැති ජාතියක් නැහැ. කතා කරන්න කලින් දෙපාරක් හිතන්න. ඔයාට ඔය තරම් ජාතික කැක්කුමක් තියනවනම් වහාම ඔය කියන ජාතිය ඉන්න රටෙන් ඉවත් වෙලා ලංකාවට එන්න. (ස)
ෂරියා තියෙද්දී ඇයි මේ නිකම් ගුටිකන්න යන්නේ පොලිසිය? පොලිසිය ගියාද හොරෝව්පොටානේ මිනිස්සුන්ට ආරක්ෂාවට? (බ)
කොටියා ඔච්චර කාලයක් ඔලුව උස්සගෙන හිටියේ අපේ ආරක්ෂක අංශවලත් මේ වහේ ගොඩක් හිඩැස් තිබ්බ නිසා තමයි.(අ)
අරාබියේ විදිහට නඩුව තීන්දුව දෙමු. (අ)