IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු අයි.පී කොටියාට රැකවරණ දීලා

කොටි සංවිධානයේ ඔත්තු අංශයේ සාමාජිකයන්ට නවාතැන් දී ආරක්ෂක හමුදාවලින් වසන් කිරීමට ආධාර හා අනුබල දුන්නැයි හිටපු පොලිස් පරීක්ෂක අජ්මීර් දාවුඩ් මොහොමඩ්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය ඔක්තෝබර් 29 ට කල් තැබීය.

කොටි ඔත්තු අංශ නායකයකු වන මායා හා තවත් කොටි නායකයකු වන කනගලිංගම් නිශාන්තන්ට 2007 දී රැකවල් දුන්නැයි ඔහු චෝදනා ලබා සිටී. නඩුව ලබන 29 වැනිදා විභාගයට ගන්නා බව විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් මහත්මිය ප්‍රකාශ කළාය.

 



අදහස් (0)

හිටපු අයි.පී කොටියාට රැකවරණ දීලා

සම්පත් - ඩුබායි. Monday, 27 October 2014 02:20 PM

ඔය ජාතිය හැමදාම කලේ මේ සිංහල රටට විනම තමයි (අ)

:       0       0

ඉන්දිකා Monday, 27 October 2014 03:24 PM

රට ජාතිය පාවා දුන්න අය ගණනය කලොත් සිංහල මිනිසුන් කොපමණ සිටිනවාද ?වෙනත් ජාතිකයනුත් සිටිනවා .ඒ නිසා ? මේ නිසා මෙය ජාතිය පිළිබද ප්‍රශ්නයක් නොවෙයි . විශේෂ බලකායේ හිටපු අණදෙන නිලධාරී ෆස්ලි ලාෆීර් මහතා තමන්ගේ ජීවිතය පුජා කලේ මුලතිව් කදවුර බේරා ගන්න තම බලකාය මෙහෙයවමින් සිටියදී . මුතාලිෆ් මහතාත් විශිෂ්ඨ බුද්ධි නිලධාරියෙක් .ඔහුත් රට වෙනුවෙන් දිවි පිදුවා .ඔවුන් රට වෙනුවෙන් කල සේවයෙන් දශමයක් වත් නොකළ මිනිසුන් කොපමණ අප අතර සිටීද අප ජාතියක් විවේචනය කරන විට විවිධ කැප කිරීම් කල එවැනි උසස් මිනිසුන්ගේ සමීපතමයන්ට දැඩි වේදනාවක් ඇති විය හැකියි .එමෙන්ම ඔවුන් කල සේවයට අගෞරවයක් විය හැකියි .ඒ නිසා විවේචන වුවත් තර්කානුකුල හා සාධාරණ විය යුතුයි .(අ)

:       0       0

අමන්දා Monday, 27 October 2014 04:16 PM

ඔයිට වැඩිය නරකද මිනිසුන්ගේ බදු මුදලින් කොටි නායකයින් අවරුදු ගණනක් නඩත්තු කරන එක.කවද හරි දඩුවම් ලැබිය යුතුයි .වෙනත් ආණ්ඩුවකින් නැතත් දෙවියන්ගෙන් වත්. (ස)

:       0       0

ලලිත් Monday, 27 October 2014 07:07 PM

එක කොටියෙකුට දෙන්නෙකුට නවාතැන් දුන්නු කෙනාට විතරක් දඬුවම් දීල මදි. අර කොටි රොත්තටම අායුධ නිකන් දීපු කට්ටියටයි එයාලගේ පවුල් වල උදවියටයි විරුද්දවත් කටයුතු කරන්න ඕනැ. (ස)

:       0       0

යසිරු Monday, 27 October 2014 07:49 PM

බලමුකෝ අවසානයේදී මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

චානක. Monday, 27 October 2014 07:52 PM

අසංග, කාටද දඬුවම් කරන්න කියන්නේ? (නි)

:       0       0

ධම්ම Monday, 27 October 2014 11:22 PM

විශිෂ්ටයි ඉන්දික. ඔබට ජය! (නි)

:       0       0

සත්‍යයා Tuesday, 28 October 2014 12:36 AM

ඉන්දිකා, ඔබ කියන කතාව සර්ව සාධාරණයි. ඒ අපරාධකරුවාගේ පැත්තෙන් බැලුවහම. (නි)

:       0       0

සෙනරත් Tuesday, 28 October 2014 03:25 AM

මේක ජාතියේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ සිංහල අයත් ඕනෙතරම් හිටිය ජාතිය පාවාදීපු. ඒ අතරේ පොලිස් අදිකාරිවරු, හමුදා කර්නල්වරු, මෙජර්වරුත් හිටිය. ඉන්දිකා කියන කතාව ඇත්ත. ඒ වගේම දෙමල අය හිටිය කොටියට විරුද්දව හමුදාවට උදව් කරපු, මේවා ඔක්කොම මේ යුද්දේ කලේ සිදු උන. නමුත්, හැමජාතියකම වැඩිය ඉන්නේ හොඳ මිනිස්සු. (ස)

:       0       0

අසංග Monday, 27 October 2014 10:24 AM

වහාම දඩුවම් දෙන්න..(බ)

:       0       0

සම්පත් Monday, 27 October 2014 11:00 AM

කොහොමත් මේගොල්ලෝ මීට පෙරත් රට නොරටුන්ට පවා දුන්නාලු කියනවානේ (දිල්)

:       0       0

ජීවක Monday, 27 October 2014 11:10 AM

කරුණට ජයවේවා! (බ)

:       0       0

සමන් Tuesday, 28 October 2014 06:13 AM

හැමදෙයක්ම මැදිහත් සිතින් බලන්න පුරුදු වෙන්න. හැම ජාතියකම කුණු තියනවා. කුණු නැති ජාතියක් නැහැ. කතා කරන්න කලින් දෙපාරක් හිතන්න. ඔයාට ඔය තරම් ජාතික කැක්කුමක් තියනවනම් වහාම ඔය කියන ජාතිය ඉන්න රටෙන් ඉවත් වෙලා ලංකාවට එන්න. (ස)

:       0       0

චතු Monday, 27 October 2014 11:41 AM

ෂරියා තියෙද්දී ඇයි මේ නිකම් ගුටිකන්න යන්නේ පොලිසිය? පොලිසිය ගියාද හොරෝව්පොටානේ මිනිස්සුන්ට ආරක්ෂාවට? (බ)

:       0       0

ඉසුරන්දි Monday, 27 October 2014 12:02 PM

කොටියා ඔච්චර කාලයක් ඔලුව උස්සගෙන හිටියේ අපේ ආරක්ෂක අංශවලත් මේ වහේ ගොඩක් හිඩැස් තිබ්බ නිසා තමයි.(අ)

:       0       0

ටී ජී ලියනගේ Monday, 27 October 2014 12:12 PM

අරාබියේ විදිහට නඩුව තීන්දුව දෙමු. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site