ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සමයේ එහි අතිරේක ලේකම්වරියක වූ දමයන්ති ජයරත්න මහත්මිය කිසිවකුටත් නොදන්වා විදේශ ගත වී ඇතැයි වාර්තා වේ.
වර්තමාන රජය යටතේ ඇය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කරමින් සිටියාය.
ඇවන්ගාඩ් සමාගමයට රජයේ ආයුධ ලබා දීමට මුල් වූ බව කියන ඇය අත්අඩංගුවට ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු නිර්දේශ කර තිබිණි.
රක්නා ලංකා සමාගමේ සිදු වූ බව කියන වංචා සහ දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම ඉදිරියේ ඇය සාක්කි දුන්නාය.
ජයරත්න මහත්මිය ද්විත්ව පුරවැසි භාවය ලබා සිටියාය.
(ඡායාරූපය ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මොනවද? අතිරේක ලේකම් තනතුරු වලට හොරෙන් රිංගලා ඉන්න අයත් ඉන්නේ. (නි)
අයියෝ එයත් පැනලා ගියාද? (නි)
මේ බවලතාගේ අවංකකමේ හැටි අපිට හිතාගන්න පුලුවන්. හිතේ විචිකිච්චාවක් නැත්නම් පෑල දොරෙන් පැනලා යන්න හේතුවක් තිබේද? (නි)
මේ පර්වතේ රටින් පනිනන්කම් අාගමන විගමන නිදාගෙන හිටියද ? (බ)
පසුගිය රජය සහ පවුලේ උදවිය නිසා මේ මිනිස්සු අමාරුවේ. ඕවට අණදුන් අය නව පක්ෂ පෙරමුණු ගහන්න සූදානම් වෙන්නේ රටේ නීති පන නැති නිසා. (නි)
මේ ඔක්කොම පනින්නේ ඇමෙරිකාවට, එංගලන්තෙට. (නි)
දක්ෂ කාන්තා චරිතයක්...! (හේ)
වැඩ වැරදුනහම කලකට රටයනවා. කාලෙකින් මල්මාලා දාලා වැඩම කරවනවා. නඩුත් අපේ බඩුත් අපේ.(රේ)
ඕවට අණදුන් අය යැවුවද ගියද කියල ලගසීම හෙළිවෙයි .හොරුන්ට මිනීමරුවන්ට උදවු නොකර හිටපු අග විනිසුරුවරිය වගේ කොන්ද කෙලින් තියාගන්න බැරි වහල්ලු හම්පුතලව බේරන්න හැංගෙන්න වෙලා .නමුත් සත්‍යය එළිවෙනවා කවද හරි .කරුමයත් පලදෙනව ජීවත් වෙලා ඉන්න කොට .(රේ)
මේ දවස්වල ලොකු දෙකයි හතරේ පිරිත් නුල් බැදන් ඉන්න අයගෙන් සාමාන්‍ය ජනතාව පරිස්සම් වෙන්න .හරියට ගුණ ගරුක නම් පිරිත් නුල් පන්දු ගණන් අවශ්‍ය වෙන්නේ නැහැ .(රේ)
මුහුනෙන්ම පෙනවා මෙයා කොපමණ කලබල වෙලාද කියලා, පව් කියලත් හිතෙනවා කොච්චර උනත් අම්මෙක් නේද කියලත් හිතෙනවා .(රේ)
වරදක් කර නැත්නම් නීතියේ ක්‍රමවේදයට සහ යුක්තියට බයේ පැනලා යන්න අවශ්‍ය නැහැ. (නි)
සමහරුන්ට දුකත් හිතිලා. ඔය තනතුර ගැන දන්නෙ නැති අය තමයි ඒ. (නි)
මේවා ගැන හිතන්න තිබුණේ රටින් පනින්න කලිනුයි (නි)
එකත් එකටම මෙයා කියයි හොරෙන් පැනලා රට ගියේ නැහැ, එයා ගියේ එයාගේ පුද්ගලික දේකට කියලා. ඒ මොකද එයාටත් ද්විත්ව පුරවැසිභාවය තිබෙනවානේ. (නි)
ඇයි රටින් පැන්නේ කියලා හොයන්න.(හේ)
දැන් කණගාටුවෙලා වැඩක් නැහැ (නි)
එයත් ගියාද? (නි)
හෙට අනිද්දා අනිත් කට්ටියත් මෙයා ගිය තැනටම යයි....(හේ)
මෙයාගේ මුහුණ දැක්කහම මට දුක හිතෙනවා. (නි)