ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සමයේ එහි අතිරේක ලේකම්වරියක වූ දමයන්ති ජයරත්න මහත්මිය කිසිවකුටත් නොදන්වා විදේශ ගත වී ඇතැයි වාර්තා වේ.
වර්තමාන රජය යටතේ ඇය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කරමින් සිටියාය.
ඇවන්ගාඩ් සමාගමයට රජයේ ආයුධ ලබා දීමට මුල් වූ බව කියන ඇය අත්අඩංගුවට ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු නිර්දේශ කර තිබිණි.
රක්නා ලංකා සමාගමේ සිදු වූ බව කියන වංචා සහ දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම ඉදිරියේ ඇය සාක්කි දුන්නාය.
ජයරත්න මහත්මිය ද්විත්ව පුරවැසි භාවය ලබා සිටියාය.
(ඡායාරූපය ලහිරු හර්ෂණ)
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරිය රටින් පනී
චින්තක Friday, 22 January 2016 03:38 AM
ඕවා මොනවද? අතිරේක ලේකම් තනතුරු වලට හොරෙන් රිංගලා ඉන්න අයත් ඉන්නේ. (නි)
ටිකිරි Thursday, 21 January 2016 02:30 PM
අයියෝ එයත් පැනලා ගියාද? (නි)
නන්දලාල් - ප්‍රංශය Thursday, 21 January 2016 02:34 PM
මේ බවලතාගේ අවංකකමේ හැටි අපිට හිතාගන්න පුලුවන්. හිතේ විචිකිච්චාවක් නැත්නම් පෑල දොරෙන් පැනලා යන්න හේතුවක් තිබේද? (නි)
පීරිස් Sunday, 24 January 2016 04:37 AM
මේ පර්වතේ රටින් පනිනන්කම් අාගමන විගමන නිදාගෙන හිටියද ? (බ)
විදානේ Thursday, 21 January 2016 03:40 PM
පසුගිය රජය සහ පවුලේ උදවිය නිසා මේ මිනිස්සු අමාරුවේ. ඕවට අණදුන් අය නව පක්ෂ පෙරමුණු ගහන්න සූදානම් වෙන්නේ රටේ නීති පන නැති නිසා. (නි)
විද්‍යා Thursday, 21 January 2016 03:54 PM
මේ ඔක්කොම පනින්නේ ඇමෙරිකාවට, එංගලන්තෙට. (නි)
ජයනාත් Saturday, 23 January 2016 08:21 AM
දක්ෂ කාන්තා චරිතයක්...! (හේ)
බණ්ඩාර රැසියාව Thursday, 21 January 2016 05:13 PM
වැඩ වැරදුනහම කලකට රටයනවා. කාලෙකින් මල්මාලා දාලා වැඩම කරවනවා. නඩුත් අපේ බඩුත් අපේ.(රේ)
වෙල්විදානේ Thursday, 21 January 2016 05:18 PM
ඕවට අණදුන් අය යැවුවද ගියද කියල ලගසීම හෙළිවෙයි .හොරුන්ට මිනීමරුවන්ට උදවු නොකර හිටපු අග විනිසුරුවරිය වගේ කොන්ද කෙලින් තියාගන්න බැරි වහල්ලු හම්පුතලව බේරන්න හැංගෙන්න වෙලා .නමුත් සත්‍යය එළිවෙනවා කවද හරි .කරුමයත් පලදෙනව ජීවත් වෙලා ඉන්න කොට .(රේ)
අනගාරික Thursday, 21 January 2016 05:15 PM
මේ දවස්වල ලොකු දෙකයි හතරේ පිරිත් නුල් බැදන් ඉන්න අයගෙන් සාමාන්‍ය ජනතාව පරිස්සම් වෙන්න .හරියට ගුණ ගරුක නම් පිරිත් නුල් පන්දු ගණන් අවශ්‍ය වෙන්නේ නැහැ .(රේ)
ගුනවර්ධන Thursday, 21 January 2016 07:10 PM
මුහුනෙන්ම පෙනවා මෙයා කොපමණ කලබල වෙලාද කියලා, පව් කියලත් හිතෙනවා කොච්චර උනත් අම්මෙක් නේද කියලත් හිතෙනවා .(රේ)
පෙරේරා Thursday, 21 January 2016 08:52 PM
වරදක් කර නැත්නම් නීතියේ ක්‍රමවේදයට සහ යුක්තියට බයේ පැනලා යන්න අවශ්‍ය නැහැ. (නි)
උපුල් Saturday, 23 January 2016 02:43 PM
සමහරුන්ට දුකත් හිතිලා. ඔය තනතුර ගැන දන්නෙ නැති අය තමයි ඒ. (නි)
ටෙනිසන් Friday, 22 January 2016 12:23 AM
මේවා ගැන හිතන්න තිබුණේ රටින් පනින්න කලිනුයි (නි)
නන්දලාල් - ප්‍රංශය Friday, 22 January 2016 12:19 AM
එකත් එකටම මෙයා කියයි හොරෙන් පැනලා රට ගියේ නැහැ, එයා ගියේ එයාගේ පුද්ගලික දේකට කියලා. ඒ මොකද එයාටත් ද්විත්ව පුරවැසිභාවය තිබෙනවානේ. (නි)
දහම් Thursday, 21 January 2016 11:50 AM
ඇයි රටින් පැන්නේ කියලා හොයන්න.(හේ)
රන්ජිත් Friday, 22 January 2016 12:29 AM
දැන් කණගාටුවෙලා වැඩක් නැහැ (නි)
විමලරත්න Friday, 22 January 2016 01:24 AM
එයත් ගියාද? (නි)
විජේරත්න Thursday, 21 January 2016 12:32 PM
හෙට අනිද්දා අනිත් කට්ටියත් මෙයා ගිය තැනටම යයි....(හේ)
නන්දලාල්-ප්‍රංශය Friday, 22 January 2016 01:59 AM
මෙයාගේ මුහුණ දැක්කහම මට දුක හිතෙනවා. (නි)