(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප‍්‍රභ කරන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ ජාතික සංවිධානයේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් අද(6) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු ඇතුළත් කොට සම්මත කර රජය මැතිවරණ කල් දැමීමෙන් තමාගේත් රටේ සමස්ථ ජනතාවගේත් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කොට ඇතැයි සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇති අතර එය ඉදිරිපත් කර ඇත්තේ ජනතාවගේ පරමාධිපත්‍ය ක‍්‍රියාත්මක කිරීම සහ භූක්ති විඳීම යන්න වැරදියට ක‍්‍රියාවේ යෙදවීමට හා භුක්කි විඳීමට බව පෙන්වා දෙන සුමන්තිරන් මහතා හිටපු අගවිනිසුරු ඉදිරිපත් කොට ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමට මැදිහත්වීමට තමන්ට අවසර ලබා දෙන ලෙසද ඉල්ලීමක් කොට ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා මෙන්ම නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය සහ කතානායක කරු ජයසුරිය මහත්වරුද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමිජිකයින් ද නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලත් දැන් ආණ්ඩු පක්ෂයේම අයනේ... මෙයාලත් එ්කට අත ඉස්සුවනේ. දැන් ඔයාලට අවශ්‍ය දේ එයාලට කඩේ ගිහින් හරි ලබාගන්න බලන්න. ප්රජාතන්ත්රවාදය බල්ලට ගියදෙන්... අධිකරණ තීන්දුවත් ගණන් නොගෙන කට්ටිය එකතුවෙලා බෙදාගෙන කන්න.
සුමන්තිරන්ලා ඉන්නේ දුෂ්ඨ සන්ධානයේ බව පේනවා නේද ?
"දී කිරට බළලුත් සාක්ෂි" කියන්නේ මේවට තමයි. ආණ්ඩුව සුළු ජාතික චන්ද උගුලේ බෙල්ලටම හිරවෙලා. රට නොවෙයි ලෝකෙම විනාශ වුණත් පක්ෂෙට ඡන්දෙ දෙන අම්බරුවෝ ටිකයි සුළු ජාතීන්ගේ ඡන්ද ටිකයි එකතු කරගෙන ඡන්දෙකදී ආසන ටිකක් තියාගන්න ආණ්ඩුව බලනවා. මේක දන්නා ජාතිවාදී බෙදුම්වාදීන් ආණ්ඩුවෙන් සියල්ල කරගන්නවා. ආණ්ඩුවට ගැලවීමක් නෑ. "ගෙදර ගියොත් අබු නසී මග හිටියොත් තෝ නසී" කිව්වලු.
අර බැසිල් උතුරෙ කියපුවටත් ඔය ජාතිවාදි කතා වලංගුද?