අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට පුර්ණ රාජ්‍ය අනුග්‍රහය දක්වන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති අද (27) නියෝග කළේය. බදාදා (28) මැති ඇමැති බුහුමන් සඳහා පාර්ලිමේන්තු මන්දිරයේ තැන්පත් කිරිමට නියමිතය.
මහජන බුහුමන් සඳහා වික්‍රමනායක මහතාගේ දේහය ඉන්පසු හොරණ නිවසට රැගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කියයි.
වික්‍රමනායක මහතාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (31) සිදුකිරිමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග කියයි.
අාදාහනය සිදු කරන ස්ථානය ගැන පසුව දැනුම් දෙනු ඇත.
ජායාරූප සැපයුම - බිමල් ශ්‍යාමන් ජයසිංහ

![ratnasiri_photo_(6)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/ratnasiri_photo_61.png)
![ratnasiri_photo_(8)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/ratnasiri_photo_81.png)
![ratnasiri_photo_(21)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/ratnasiri_photo_211.png)
![ratnasiri_photo_(31)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/ratnasiri_photo_311.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ වල ඉඳලත් කතා කරන්නේ බහුභූත කතා. හොඳට තිබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගර වාට්ටුවේ කවුද කියල කියන්න ඕන නැහැනේ.(ම)
ජනහිත, ඔබගේ තර්කයට අනුව නිවැරදිව සිතන්න පුළුවන් වන්නේ ලංකාවේ පය ගසා සිටියොත් පමණයි. මෙහෙමවත් කතා කරන්න මා ජීවතුන් අතර ඉන්නේ රටින් බැහැරව ජීවත්වෙන නිසා බව කණගාටුවෙන් වුවත් කියන්න වෙනවා. 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලවත් නායකයෙක් වටා ගොඩ නැගුනේ නම්, ලංකා ඉතිහාසයේ මේතරම් හොරුන්, දුෂකයන් පිරිසක් බිහිවන්න පුලුවන්ද කියා ඔබම පිළිතුරක් දෙන්න! (නි)
එතුමාට නිවන් සැප ලැබේවා. (ම)
ඔබට නිවන් සුව ලැබෙවා (ම)
ඔබතුමා කෙළින් කතාකරපු කෙළින් වැඩ කරපු හොඳ දේශපාලනයක නිරතවූවෙක්. ඔබට නිවන්සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
මගේ දැනුමේ හැටියට ඔහු ඉතා හොඳ දේශපාලකයෙක් (නි)
ඉතාමත්ම කණගාටුදායක පුවතක් (නි)
අද මා නෙත ගැටුන ඉතාමත්ම කණගාටුදායක පුවතක්. එතුමා අවංක පළපුරුදු අභීත දේශපාලන නායකයෙක්. එතුමාට නිවන් සුව අපි පතමු! (නි)
2005 සිට 2010 දක්වා කාල පරිච්චේදය තුළ එතුමා ජනාධිපති වී මහින්ද රාජපක්ෂ අගමැති වුයේ නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන ගරාවැටීම දක්වා දිවයන්නේ නැහැ. කෙසේනමුත් සිදුවෙන්න තිබුන දේ සිදුවී හමාරයි. මම හිතන්නේ එතුමා සමුගත්තේ නරක දේශපාලඥයින්ගෙන් කියලා. එහෙත් ජනතාව කිසිදාක එතුමාගෙන් සමුගන්නේ නැහැ. එතුමාට සසර කෙළවර නිවන් ප්‍රාප්තිය. (නි)
මතු දේශපාලකයෙක් නොවේවා! (නි)
වේවා ඔබට උතුම් අජරාමර නිවන! (නි)