මධ්‍යම කඳුකරයේ ජල පෝෂක පෙදෙස් වලට පවතින වියළි කාලගුණය නිසා පානීය ජලය ලබා ගන්නා ජල මුලාශ්‍ර සිදි යෑමෙන් ලබාදෙන ජලය සීමා කිරිමට සිදුවන බව හැටන් ජාතික ජල සම්පාදන පාරිභෝගික සේවා මණ්ඩලයේ ස්ථාන බාර නිලධාරි සංජිව අබේධීර මහතා පවසයි.
හැටන් හා කොටගල ප්‍රදේශ වලට ජලය සපයන සිංගිමලේ ජල තටාකයේ ජල මට්ටම අඩි දහය දක්වා පහල බැස ඇති බවත් පවතින තත්ත්වය පහව යන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ඔහු කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංජුලා, තේරුම් ගත නොහැකි දේ සිදුවෙන කොට නුගත් මිනිස්සු හිතන්නේ සාප, දෙවියෝ කෝප වීම, අස් වහ වගේ දේවල් ගැන. තර්කනුකුලව හිතන්නේ නැතුව නොපෙනෙන බලයකට යට වෙන්න මිනිස්සු පුදුම කැමැත්තක් දක්වනවා. මෙතන සැබෑවටම වෙලා තියෙන්නේ වනාන්තර හෙළි කිරීම නිසා ජල මුලාශ්‍ර සිඳී යාම නිසා ඇති වූ තත්වයක්. ජනගහනය වැඩි නිසා ජල සැපයුම වැඩි පුර කරන්න සිදු වෙලා. ඒ හේතු දෙක නිසා තමයි මේ තරම් ඉක්මනට ජල හිඟය ඇති වුනේ. වනාන්තර නැවත ඇති කරලා ජල මුලාශ්‍ර නැවත සක්‍රිය කරනකම් මේ ප්රශ්නය දිගටම තියේවි. සාපය තමයි මෙන්න මේ ඇත්ත තේරුම් ගන්න මිනිස්සු කැමති නැති එක. (හේ)
මේනක මහතා හරියටම හරි
නියන් දිගටම එන්නේ මොකක් හරි සාපයක් වත් වැදිලද? (හේ)