(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (25) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 6 යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය අද (24) පස්වරුවේ පැවසීය.
‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට තව දුරටත් පැය 5 ක් විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ පැය 4 යි විනාඩි 30 ක් ද, පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 50 විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.
‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd