(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (5) ප්‍රදේශ රැසකට පැය 6 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය අද (4) පස්වරු පැවසීය.
‘ඒ’ සිට ‘එල්’ කලාප 12 ට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 4 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 7.30 දක්වා පස්වරුවේ පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 4 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය සඳහන් කළේය.
කොළඹ නගරයේ වාණිජ කලාපයේ විදුලි සැපයුම පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 ක් කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ මිනිස්සු උද්ඝෝෂණ නවත්තන්නෙත් නැහැ. මේ තරම් හානියක් වෙනකම් උඩබලන් හිටියේ ආණ්ඩුවනේ... දැන් ඉතින් කන එකයි ඇත්තේ...
සිංහල අවුරුදුවලින් පස්සේ පැය 10යයි... මේන් කිව්වා...!!!