(යොහාන් භාසුර)

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (2) ප්‍රදේශ රැසකට පැය 8 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (1) පස්වරු පැවසීය.

‘ඒ’ සිට ‘එස්’ කලාප 20 ට හෙට (02) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රීය දක්වා පැය හතරක උපරිමකට යටත්ව අවස්ථා තුනකදී පැය 8 යි විනාඩි 30 ක් විදුලි විසන්ධි කිරීමට නියමිත බව ද මහජන උපයෝගිතා කොමිසම කීය.

එම්, එන්, ඕ, එක්ස්, වයි සහ ඉසෙඩ් යන කළාප හයට අළුයම 5.30 සිට පෙරවරු 9.00 දක්වා පැය 3 යි විනාඩි 30 ද, සීසී යන නව කලාපයට පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් කීය.