රුපියල් ලක්ෂ 120 ක වියදමින් ලොව ලොකුම නත්තල් ගස කොළඹ ගාලු මුවදොර ඉදිකිරිම නතර කළ බව කමිටු සභාපති මංගල පී ගුණසේකර වරාය අමාත්‍යාංශයේ පුවත්පත් සාකච්ඡාවක දී අද (7) පැවසීය.
රුපියල් ලක්ෂ 60 ක ද්‍රව්‍යමය ආධාර ලැබුණු බවත් තවත් රුපියල් 60 ලක්ෂයක ආධාර ලැබීමට තිබු බවත් ඔහු කීවේය.
නිශ්පල වියදම් නතර කර එම මුදල් දුප්පතුන්ට සහන සැලසීමට යොදන බව මීට පෙර දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවසුහ. ඒ අනුව නත්තල් ගස ඉදිකිරිම අද සිට නතර කැරිණි.
නත්තල් ගස ඉදිකිරිමට මුල්ගල තැබුයේ අගෝස්තු 18 වැනි දා වරාය ඇමැති අර්ජුන් රණතුංග ඇමැතිවරයාය.
අඩි 315 උසට නත්තල් ගස ඉදිකර ගිනස් වාර්තාවක් තැබීම සංවිධායකයන්ගේ අදහස විය. වැඩ නතර කරන විට ගසේ උස අඩි 60 කි.
(නත්තල් ගස ඉදිකිරිමට මුල්ගල තබන අවස්ථාවේ ඡායාරූප )
ජායාරූප හා විඩියෝ - ළහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තමයි බොහොම දේවල් ලංකාවේ සිදුවෙන්නේ. කොතන ගියත් සල්ලි නාස්තියක්. (නි)
ලෝක වාර්තාවක් පිහිටුවන්න ඕනෑම නම් ඉතාම අඩු වියදමකින් උස පොල් ගහක් හොයාගෙන ඒකට ලයිට් දාලා තෑගි බෝග එල්ලලා සරසලා පෙන්නන්නයි තිබුනේ (නි)
සිසිර, මෙහෙම දෙයක් රජයෙන් හෝ වෙන දේශපාලකයෙක් නැවැත්තුවා නම් ආගමික වශයෙන් ලොකු කලබැගෑනියක් වෙනවා. (නි)
වැඩේ නැඟලා ගියා නම් ඔය මාධ්‍ය රැස්වීමට ඇමතිතුමාලාම තමයි ඉන්නේ (නි)
වෙසක් කූඩුවෙන්, දන්සැලෙන්, ලිතෙන්, සිල්රෙද්දෙන් පවා ගසාකන දේශපාලකයන් සිටින මේ බෞද්ධ රටේ නත්තල් ගසක් පෙන්වා ගසාකෑමත් අරුමයක්ද? (නි)
මැල්කම් කාදිනල් තුමාගේ ආදර්ශය වෙසක් එකටත් ගනිත්වා.(ම)
අර්ජුන ඇත ගැහුවොතින් මඩ ගොඩයි.(ම)
අගරදතුමනි, දේශපාළුවන්ගෛ් මොළයට දැනෙන්නේ කොහොමත් පහුවෙලා. (නි)
මේ ව්‍යාපෘතියෙන් යම් යම් ප්‍රතිලාභ ලබන අතලොස්සක් හැර සියලුම ජනතාව මේක ඵලරහිත දෙයක් කියා කියන්නේ මේකට මුල්ගල් තියන්නත් පෙර සිටයි. මේ දවස් වල ජනපතිතුමාට පත්තර කියවන්න වෙලාවක් නැද්ද කොහෙද (නි)
කාදිනල් තුමනි ඔබගේ නිර්භීත ක්‍රියාවට අපේ ආචාරය. පසුගිය කාලය තුල ඔබගේ ක්‍රියාවන ඉතා විශ්ෂ්ටයි. කිසිවකුට ගතිනොවී ඔබ කරන ප්‍රකාශ බොදුනුවකු වශයෙන් මම ඉතා අගය කරමි. (ම)
ඉතාම හොඳ තීරණයක් (නි)
දේශපාලකයන්ගේ නූගත්කමට ලැබුන කම්මුල් පහරට ප්‍රණාමය. එහෙම අය ඇමතියෝ වුණාම රටත් ජනතාවත් තවත් අනතුරේ. (නි)
මේ වගේම තමයි වෙසක් එකට පොසොන් එකට කරන නස්තිත් බුදුන් වහන්සේ දේශනා කළ දහමට අනුව රාග ද්වේශ මෝහ වලින් තොරව එදවස් ගෙවන්නේ නැතුව කොටි ගණන් වැය කරලා සංදර්ශන පවත්වනවා ඔලු බක්කෝ නටවල බජව් දානවා දන්සල් විතරයි ගත යුත්තකට තියෙන්නේ එකත් දෙන්නේ පාරේ නිකන් ඇවිදින අයටයි වාහන වල ට්‍රිප් යන අයටයි අමතර සත පහක් වත් වැය නොකර නිදහසේ ගත කරන්න පුළුවන් දවසත් එකයි මේ පූජක වරුන් දෙන ආදර්ශය විශේෂයෙන් බෞද්ධ අය පිළිගන්නවානම් ඉතාමත් වටිනවා (ම)
පහු වෙලාවත් මේ යට මොලේ පැදීම ගැන සතුටු වෙනවා (ම)
ඇමතිතුමා පසු බසින්න කාරී නෑ. අපි එන වෙසක් එකට ලෝකයේ උසම තොරණ හදල ගිනස් පොතට යමු. (ම)
දැනට විසාල මුදලක් යට කරලා තිබෙන හෙයින් මෙය නිමකර ප්‍රදර්ශනය තුලින් හොද අදායමක් ලබන්න තිබුනා ඒ එන අදායම අසරණ ජනතාව වෙනුවෙන් යෙදවීමට හැකයි. දැන් මෙය නතර කිරීම ප්‍රයෝගික නැහැ. (ම)
ලංකාවේ බල අරගල ශක්තිය පෙන්නපු තවත් අසිරිමත් මොහොතක්.(ම)
ජනතාවට සහන ඉල්ලුවාම රටේ ණයයි මහින්ද ගසා කාපුවයි ගැන කියවනවා. (ම)
නත්තල යනු සරල බවේ සංකේතයයි. ජේසු බිලිඳා උපන්නේ ඉතාමත් සරල බැටළු ලෙනක බව අමතක නොකරන්න. ඉතින් බොරු සෝබන හඳ නැහැ නේද? බටහිර රටවල ගෙවල් වටේ ඉතාම චාම් ලස්සන ලයිට් දමල තමයි නත්තල සමරන්නේ. (ම)
අපේ රටේ කරන කිසිම වැඩක කිසිම පිළිවෙලක් නැත. හරි අරමුණක් නැත. කෙරුවොත් කරන්නේ නොකළ යුතු දේවල්ය. කලයුතු දේවල් අපේ රටේ කොතරම් තියේද. (ම)
අනේ සිල්වා ඔයා කියන්නේ මේක පෙන්නන්න සල්ලි ගන්න කියලද? ඔයාගේ ටිකිරි මොලේ තමයි මොලේ. (අ)
අව්ලක් නෑ. දැන් අපි ලෝකයේ හොඳම ගොන් ආණ්ඩුව හදල ගිනෙස් පොතට ගියානේ. (අ)
ඇමතිතුමෝ ඔබ තුමා වාර්තාවක් ලෝකෙටම (අ)
මෙය නිමකර ප්‍රදර්ශනය තුළින් හොද අදායමක් ලබන්න තිබුණා කියන්නේ අසරණ ජනතාවගෙන් ලැබෙන සල්ලි (අ)
අගෝස්තු 18 මුල්ගල තියල තවම හදල තියෙන්නේ අඩි 60යි. ඉතිරි මස ගානකට හදන්න බැරිඋන එක දැන් මේ දවස් ගානට තව අඩි 255ක් හදන්න පුලුවන්ද? කාදිනල් තුමාගේ කතාවෙන් හරියට අඩන්න ඉන්න කෙනාගේ ඇහැට ඇගිල්ලෙන් අන්න වගේ එක පිට තියල නතර කරලා ජාමේ බේරා ගන්න පුළුවන්. අපේ රටේ කලයුතු, කළහැකි කොතරම් දේවල් තියෙනවද? ඒවා ගැන බලන්න මේ අයගේ ඇස ඇරේව කියල මම ප්‍රර්ථනා කරනවා! (අ)
මේවා දකිනකොට පුදුම කලකිරීමක් "යහපාලනය "ගෙන්න කඩේ ගිය අපිට ඇති වෙන්නේ.සත්තකින්ම.(අ)
මොලේ තියෙන ඇමතිවරු ටිකක් හොයාගන්න තැනක් කව්රුහරි දන්නවද ? මේ ගැන කලින් හිතන්න එපාය . (ම)
මේවාට වරදක් කියන්නත් හිතෙන්නෙ නැහැ (නි)
කෙසේවෙතත් දුප්පත් පෝසත් වේවා, විනෝද කටයුතු අත්‍යවශ්‍ය දෙයක්. ඒ මත ආර්ථිකයේ කොටසක් ගොඩනැඟී තිබෙනවා. මේක නොහැදුවා කියා දුප්පත්කම නැතිවන්නේ නැහැ පමණක් නොව කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේත් නැහැ. (නි)
දැන් ඔය තොරණ් වලටත් මේ සංකල්පයම ගන්නකෝ (නි)
කර්දිනල් තුමනි ! ඔබ්වන්සේ වැනි ආගමික නායකින් අපේ රටට වසනාවන්. (ම)
බෞද්ධයකු වශයෙන් මා ඔබ වහන්සේගේ එඩිතර ප්‍රකාශ ඉහළින් අනුමත කරමි . (ම)
මෙහෙමත් ඇමතිවරු. මේගොල්ලන්ට වෙන වැඩ නැතුවද? (නි)
මොනවා වුණත් දැන් එ්ක ලොව විශාලතම බාගෙට හදපු නත්තල් ගහනේ. එ්කනිසා කණගාටු වෙන්න එපා. (නි)
මේ දෙගොල්ලන්ම කරන්නේ මහජන මුදල් නාස්ති කිරීම (නි)
දුප්පත් අයට උදව්වක් කරලා ගිනස් පොතට යන්නකෝ. පිනකුත් සිද්ධවෙනවා. ඔයාලගේ අරමුණත් ඉෂ්ට වෙනවා. (නි)
සිල්වා, නමුත් මෙය ඉදිකරන්න පස් පිඩැල්ල කපනකොට නොකීවේ මන්ද? (නි)
නත්තලත් දේශපාලකයින්ගේ ප්‍රචාරණ මාධ්‍යක් කරගන්න උවමනාවක් තියෙන්න ඇති ලංකාවේ දේශපාලකයින්ට. කතෝලික සභාව මෙන්ම පියතුමන්ලාද දේශපාලකයින්ගේ අතකොලු නොවී සිටීම ගැන අපි සතුටු වන්නෙමු. ඒ වගේම ගරු කාදිනල්තුමන්ගේ උතුම් නායකත්වය යටතේ, පියතුමන්ලා මෙන්ම කතෝලික ජනතාවත් කීකරු කර ගැනීමට තරම් වූ ඔබතුමාගේ ප්‍රඥාවන්ත ශ්‍රේෂ්ඨ නායකත්වය ගැන ශ්‍රී ලාංකිකයින් ලෙස අපි කාදිනල්තුමාට ප්‍රශංසා කරන්නෙමු. ඔබ සැමට ශුභ නත්තලක් වේවා!!!! (නි)
ඇති දැන්වත් නුවණැති තීරණයක් ගත්තා (නි)
ඒ වෙනුවට එල්ලුම් ගහ ගෙනාවා නම් හරි. රටටම වෙන්නේ හොඳක් (නි)
ගිනස් වාර්තා කන්නද? දුක දේශපාලකයන්ට මොළයක් නොතිබීමයි (නි)
මෙය සැමටම ආදර්ශයක් වේවා! (නි)
මේවා කරනකොට මීටවඩා කල්පනා කරන්න තිබුණා (නි)
මේ බඩු එකතු කළේ කොහොමද? කාගෙන්ද? එ්ක දූෂණයක් සහ බලපෑම් කිරීමක් නෙමෙයිද? (නි)
අනේ හැබෑටම මෙහෙමත් අපරාද වියදම්? (නි)
ඇත්ත. මේවා ප්‍රයෝජනවත් වැඩද? (නි)
ලොකුම නත්තල් ගස්? අනේ මෙහෙමත් විකාර වැඩ (නි)
අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොම අයද කියල මහජනතාව දැන්වත් දැනගනීවි (නි)
මේ දිනවල මම ලංකාවේ නිවාඩුවකට පැමිණ සිටින නිසා දැනට දින දෙකකට කලින් මම ඔය ස්ථානය නැරඹීමට ගියා. නමුත් මහත්වරුනි, මහත්මියනි හෙට ගෝල්ෆේස් පිටියට ගිහින් බලන්න ඒ තණනිල්ලට කර ඇති විනාශය. එය නැවතත් තිබු ලෙසට පිළිසකර කරන්න රුපියල් ලක්ෂ 50 කට වැඩිය යාවි කියා මට හිතෙනවා. එතකොට ඒ මුදල් කොහෙන්ද හොයාගන්නේ..? මේ දේශපාලුවන් එක දෙයක් හිතේ තියාගත්තොත් හොඳයි. ශ්‍රී ලංකාවේ මිනිසුන් ඔබ හිතපු තරමටම මෝඩ නැහැ කියා. (නි)
ඔබ වහන්සේට ජේසු පිහිටයි! මගේ ආගමට අනුව තෙරුවන් සරණයි! (නි)
නුසුදුස්සන් දේශපාලකයන් වෙලා ඉන්නකන් මේවා බලාපොරොත්තු වෙන්න ඕනෑ මෝඩ මිනිසුනේ (නි)
හැමදෙයකින්ම මට නම් පෙනන්නේ මේක පටන්ගත් ආකාරය අඩු දැනුමකින් සහ පහළ සංවේදීබවකින් කළා කියන එකයි. දෙයක් කරද්දී හරියටම ක්‍රමය දැනගෙන කරන්න (නි)
බදු ගහමු අපි හැදෙමු (නි)
මේ වැඩේ මුදල් නාස්තියක් කියලා පටන් ගන්න කලින් කියන්න කෙනෙක් හිටියෙම නැද්ද? (නි)