
(යොහාන් භාසුර)
විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (5) දිනයේ ඊ සහ එෆ් යන කළාපවලට පැය 7 ක් විදුලි විසන්ධි කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ඊ සහ එෆ් යන කළාපවලට හෙට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4 ක් ද, පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 3 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් සෙසු කළාපවලට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය 3 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයක් ද, විදුලය කප්පාදු කරන බව රත්නායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ඇමැතියි, මෙයයි තමුන්ගේ පොරොන්දු අකුරටම ක්‍රියාත්මක කරනවා. අපරාදෙ තනතුර වෙනස් කළේ...!
මොකක්ද මේ හතරබීරි කතාව..? මේක නම් මට තේරුම් ගන්න බෑ. මේක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්... පොඩ්ඩක් පැහැදිලි කෙරුවොත් හොඳයි.
මෙයාටත් අං ඇවිල්ලා. මිනිස්සුන්ගේ ලේත් බීපල්ලා. මිනිස්සුන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අවුල් කරලා. ඔහෙලාට හෙන වදියි මේවාට...!