IMG-LOGO

හෙට අව්ව හරි සැරයි

(ඩයනා උදයංගනී)

පළාත් කිහිපයකට හෙට (31) දිනයේදී දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානයයොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වේ.

මේ හේතුවෙන් වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණයවීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, හැකි තරම් සෙවණ ඇති ස්ථානවල විවේකගැනීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් පසුවීම, කුඩා ළමුන් තනිව වාහනවල රඳවා නොයාම, අධික වෙහෙසකාරී කටයුතුවල යෙදීමෙන් වැළකීම, සුදු හෝ ලා පැහැ සැහැල්ලු ඇඳුම් ඇඳීම වැනි උපදෙස් අනුගමනය කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඉදිරි දිනවලදී ඇරඹෙන බැවින් මෙලෙස ශරීරයට දැනෙන උෂ්ණත්වයේ ඉහළයාමක් සිදුවන බවයි.

 



අදහස් (0)

හෙට අව්ව හරි සැරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site