වැසි ඇතිවීමේ හැකියාව ක්‍රමයෙන් වැඩි වෙමින් හෙට (06) සිට දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහ අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 06/12/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

30

22

95

70

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

29

23

95

75

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

24

90

60

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගාල්ල

30

24

90

75

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

යාපනය

29

23

90

70

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

27

20

95

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නුවරඑළිය

20

11

95

65

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

රත්නපුරය

30

23

95

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ත්‍රීකුණාමළය

29

23

90

70

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

29

24

90

70

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

 

දහවල් 12.15

වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් වැඩි වෙමින් හෙට (06) සිට දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහ අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමළය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ. 

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.


වියළි කාලගුනයක්

අද දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් දිවයිනේ බොහෝ පළාත්වල පවතී.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන ගැඹුරු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.

මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).