(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ ) 

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරිනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් වන නියෝගය ලබන  07 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (02) දැනුම් දුන්නේය.

තමන් ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමක් අද (2) සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය .

මේනකා විජේසුන්දර නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද (02) කැඳවිණි.