සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ කොල්ලුපිටිය දුම්රියපොළ ආසන්නයේ විදේශ ජාතික ආබාධිත යුවළක් සිඟමනේ යෙදී සිටින අයුරු එසැණ කැමරාවට හසුවිය.
ඔවුන්ගේ මව් භාෂාව හැර වෙනත් භාෂාවක් කථාකිරීමට නොහැකි එම යුවළ සිඟමන් යදින්නේද තම මව් භාෂාවෙනි. රෝද පුටුවක සිට මාර්ගය ආසන්නයේ සිඟමනේ යෙදෙන මොවුහු විටෙක බස් රථ ආසන්නයටද ගොස් සිඟමන් ඉල්ලා සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න හිඟන්නො මදිවට. (ස)
මේ රට විතරද දන්නෑ තිබුණේ හිඟා කන්න (ම)
අපි සැම මිනිස්සුන් මොන රටේ අය වුණත් බඩගින්න නිවාගන්නනේ හිඟාකන්නේ (ම)
මම දැක්කා චීන කෙල්ලෝ දෙන්නෙකුත් පදික වේදිකාවේ ඉමිටේෂන් මාල විකුණනවා (නි)
මේ චීන සංචාරකයෝ. ආගමන විගමන නිලධාරින් නිදි ද? රටකට ගියකළ (ම)
ලංකාවට යහපාලනය යටතේ හිඟන්නොත් ආනයනය කරලද? (ම)
ලංකාව ඒ තරමටම පොහොසත් රටක්. විදේශිකයොත් ලංකාවට ඇවිත් හිඟා කන්න තරම්. (ර)
අපිට එංගලන්තෙට යන්න වතුපිටි, බැංකුවල තැන්පත් මුදල්, පරම්පරාව සේරම පෙන්වන්න ඕන එකට මෙන්න. (ර)
මියන්මාරෙන් ද ? පෙන්නේ නම් එහෙම. (ර)
චින්නු ලංකාවට ආනයනය කරේ මොන කාලෙද කියල කියන්න ඔනෙ නැ නේද? (අ)
නියමයිනේ හිඟන්නෝ හින්ගන්නන්ගෙන් හිඟමන් යදියි (අ)
මොනවා වුණත් ආගන්තුක මේ දෙදෙනාට ජනතාව උදව් කරාවි. මඟතොටේ සිටින අපි පොහොසත් නුනත් අන් අයට පිහිටවෙන එක අපේ චාරිත්‍රයක් (නි)
අපේ රට එංගලන්තය නොවේ අපේ රටට ගරු කරන ඔනම් කෙනෙකුට එන්න පුළුවන් සාදරයේ න් පිළිගන්න ජාතියක් අපි දුප්පත් පොහොසත් බේද අපි ළඟ නැහැ (අ)
අනේ ඇත්තට! මොන ජාතිකයන් වුණත් මගේ පපුව පිච්චිලා ගියා. බඩට අත තියලා කියන්නේ කන්න දෙයක් ගන්න සල්ලි දෙන්න කියලයි මට නම් හිතුනේ. නාමල්, මමත් ඔයාගේ අදහසම අනුමත කරනවා. කුසගින්න හැම ගින්නකට වඩා ලොකුයි. පව් කන්න දෙයක් දීලා ඉන්න. ජාතිය කුමක් වුවත් බඩගින්නක් නිවන එක නම් මහා කුසලයක් (නි)
ඇයි ලංකාවේ ආගමන විගමන කට්ටිය කෝ? මේ දෙන්නට වීසා දුන්නේ මොන පදනමෙන්ද කියලා බැලුවා නම් හොඳයි නේද? (නි)
මෙහෙම හිඟා කන්න ලැබුණ එකත් පුදුමයි (නි)
හිඟා කන්න හොඳම රට ලංකාව තමයි.ලංකාවේ මිනිස්සු හිඟන්නන්ට සල්ලි දුන්නට යුරෝපා රටවල දෙන්නේ නැහැ. (නි)
බලන්න ඔවුන්ගේ හිඟන්නා වුණත් පිරිසිදුවට ඉන්න හැටි, අපේ හිඟන්නෝ වගේද? (නි)
අපෙන් හිඟමන් ඉල්ලන්ඩ මොන තරම් හිඟන රටක් වෙන්ඩ ඇද්ද ? (බ)
කොහොමත් ළගදීම කොහෙහරි රටකින් අනාතයෝ දහස් ගණනක් හිටිගමන් ඇවිත් ගොඩබස්සලා අපිත් උපක්‍රමිකව එක්සත් ජාතීන්ගේ අනාථයන් පිළිබද අවුලකට පටලවන්නට ආගමික අන්තවාදීන් කටයුතු කරන්නට හොදටම ඉඩ තිබෙනවා. සමහර ආගමික අන්තවාදීන් බලන්නේ රට කුමක් වුවත් තමන්ගේ ආගම අදහන ප්‍රතිශතය ලෝකය පුරා ව්‍යාප්ත කරන එක. එබැවින් අනාතයින් නැවු පිටින් රටට ඇතුල්වීමේ අනතුර ගැන දැනසිට එය වැලක්වීමට සියලු කටයුතු දැන් සිටම සකස් කිරීමයි. (බ)
මේ ගැන සොයාබලා නිසි පියවරක් ගන්න (නි)
ලංකාවේ සංචාරක සහ සරණාගත සංගණනයක් කළයුතු කාලය ඇවිල්ලා. එසේම එම නීති සැහැල්ලු වැඩියි. (නි)
තවම (බ)
පවු (බ)
වහාම හරවා යවන්න.(ම)
මේ තමයි අපේ රටට චීන ආධාර සමග එන සහනාධාර.මේ අයට ලංකාවට ආවට ඒ ගොල්ලන්ගෙම රටේ කොටසක් වන හොන්ග් කොන්ග් වලට යන්නවත් අවසර නැහැ. (අ)
මොනවා වුණත් මොන රටක වුණත් මනුස්සකම හිතට වදින අපිට නම් දුක දැනෙනවා (නි)
මේ ඉන්නෙ චීන ජාතිකයො දෙන්නෙක්. කියන්නෙ කෑවෙ නැහැ කියලා නේද? (නි)
නාඳුනන රටකට ඇවිල්ලා දන්නේ නැති මිනිස්සු අතර හිඟා කන්න කොච්චර අසරණකමක් ඔවුන්ට ඇද්ද? (නි)
පළමුව මේ දෙන්නගේ අසරණකමට පිහිට වෙන්න ඕනෑ.පස්සේ බලන්න ඕනෑ මේ දෙන්නා මෙහෙට ආවේ කොහොමද කියලා.ආගමන කට්ටිය නොදැනුවත්ව එන්න බැහැනේ.ඒකත් හොයන්න ඕනෑ (නි)
වැඩේ සාර්ථක වුණොත් ළඟදීම බුරුතු පිටින් රටේ හැමතැනින්ම මතුවෙයිද දන්නෙ නැහැ (නි)
අනේ පවු! (නි)