එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආර්.ඒ.හෆීස් මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් වෙත යවා ඇතැයි මුස්ලිම් කොංග්‍රසය කියයි.

ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්ගේ සහෝදරයෙකි. රවුෆ් හකීම් කළ දැනුම්දීමක් මත ඔහු ඉල්ලා අස්වූ බව මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ටී.හසන් අලි පැවසීය. හෆීස්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවන මන්ත්‍රී ධූරය සඳහා මුස්ලිම් කොංග්‍රසයේම වෙනත් අයකු පත් කිරීමට නියමිත බවද වාර්තාවේ.