‘එදා පැවැති රජයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ජිනීවා මානව හිමිකම් කොමිසමට යද්දී දේශද්‍රෝහීන්, ජාතී ද්‍රෝහීන් ලෙසයි හැඳින්වූයේ. අද එජාප රජයට එරෙහිව රාජපක්ෂ රෙජීමයේ මන්ත්‍රීන් පිරිසක් ජිනීවා යෑම දේශද්‍රෝහී ක්‍රියාවක් නොවේදැයි මා ප්‍රශ්න කරනවා.‘ යි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රශ්න කළේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අගමැති කළ යුතු බව කියන මන්ත්‍රීවරුන් 113ක් පාර්ලිමේන්තුවේ සිටීනම් එය ඔප්පු කර පෙන්වන ලෙස ඔවුන්ට අභියෝග කරන බව ද ඇමැතිවරයා කීවේය.
‘විපක්ෂයෙන් විශ්වාස භංගයක් ගේනවා කියනවනේ. ඔවුන්ගේ විශ්වාසය භංග වුණේ ජනවාරි අට වැනි දා. ජනවාරි අට වැනිදා රාජපක්ෂ මහත්වරුන්ගේ විශ්වාසය භංග කර ජනතාව හොඳ තීන්දුවක් දුන්නා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කරලම පෙන්වන්නම්කෝ (නි)
මෙයාලා මහින්දට බයවෙලා ඉන්නේ. මොනවා කළත් සත්‍ය යටයවන්න බැහැ. පුළුවන් නම් ඡන්දය තියන්නකෝ (නි)
එදා ගත්ත ඡන්ද 58 ලක්ෂය ටිකක් අඩුවෙන්නට ඉඩ තියෙනවා. නමුත් අද සිදුවෙන දේවල් නිසා ගත් 62 ලක්ෂයෙන් නම් සෑහෙන්න අඩුවෙනවා. මේ රටේ වැඩියෙන්ම ඉන්නේ සිංහල බෞද්ධයෝ. දැනට සිංහල බෞද්ධයන්ට සෑහෙන්න රිදිලා අද කරන දේවල් නිසා. (නි)
ඔප්පු කරලා පෙන්නුවහම , ඊටපස්සේ මොනවද කරන්නේ? දිගටම ඔහොම ඉන්නවද? නැත්නම් තව මොකුත් කරලා පෙන්වනතුරු ඉන්නවද? (නි)
"කොටි සමරා පරණ කොටි කටේ පහන් දල්වති" මේ අද පත්තරේ තිබෙන මාතෘකාවක්. අපි පෙන්වන්න ඕනෑ නැහැනේ වෙනත් සාක්ෂි... ඔය පෙනෙන්න තිබෙන ඒවා බලාගත්තහම ඇති (නි)
අද මිනිසුන්ට සත්‍ය වටහාගන්න අමාරුයි (නි)
කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් එනවා කියා කතාවක් තියනවා.(හේ)
අකිල මහත්තයාගේ කතාව හරි.(හේ)
කට නිසා ඔයාටත් වෙන්නේ ඉබ්බාට වුන දේ ..එ් නිසා කට වහගෙන වැඩ කරලා පෙන්වන්න ජනතාවට.(හේ)
මහත්තයා බය නැත්නම් අගමැතිතුමාට කියන්නකෝ ඡන්දයක් තියන්න කියලා.(හේ)
දැන් කාටද ඔය අභියෝග කරන්නේ, (හේ)
එතුමා කොහොමත් රටේ ඊළඟ අගමැති.(හේ)
මැදපෙරදිගට මැනේජර් කියල එවන්නේ කාපෙන්ටර් අපි නොදන්නා ඇමෙරිකාව (බ)
රටකට ගිය කලක් ! රාජපක්ෂලා සම්පූර්ණයෙන් හරි නෑ. සජින් දිහා බලද්දි, මුන් හොරුනේ ! අපි මහින්දත් එක්ක ඉන්න ඕන දැන් . නැත්නම් රට විනාශයි (බ)
අපි කරලා පෙන්වන්නම්කෝ (නි)
ඔය අභියෝග කවුද ගණන් ගන්නේ? ඔය දින 100 ඇමතිකමේ සැමරුම් තියාගන්න වෙයිද කියලයි මට බය සමහරුන්ට ජීවිතයේ සිහිවටන හැටියට. (නි)
ඒ වුණාට මහත්තයෝ පරිස්සමින් හොඳේ! (නි)
ආශ්චර්යයෙන් පච පාලනයට ගිය රට . තව වෙන්න දෙයක් නැහැ.(බ)
චානක,ඔබ ඕපපාතිකයෙක්ද? (බ)
එක අතකට බලනකොට මෙයාට විශ්වාසයක් ඇති මේ ගැන. (නි)
ඡන්දෙ තියල, මේ පාරත් අප්පච්චි පැරදුනා නම්,,, මට නම් හිතා ගන්න වත් බැහැ අප්පා!!!!! (බ)
මහින්ද කෙසේ වුණත් ඔයාට පුලුවන්ද එන ඡන්දෙන් දිනලා පෙන්වන්න (නි)
රට බේරගන්න ඕනනම් මහින්ද යළි ආ යුතුමයි.(බ)
අකිල මහතාණෙනි, දේශද්‍රෝහීන් හා දේශප්‍රේමින් කවුද කියා ජනතාව එන ඡන්දෙන් අපුරුවට පෙන්වා දේවි. එතෙක් ඉන්නකෝ. (නි)
මේ ගොල්ලෝ ඔක්කොම පරණ දේවල් ගැන කියවනවා විනා, කිසිම අලුත් දෙයක් කතා කරන්නේ නැහැනේ. (නි)
ඔයා බයවෙන්න එපා අකිල විරාජ් මහත්තයෝ (නි)
මට කියන්න වචන නම් තිබෙනවා. ඒත් ඒවා පාවිචිචි කරන්නෙ නැහැ මම (නි)
මෙයා ගිය උඩ.(හේ)
අකිල මහතාට තාම හරියට රට ගැන පෙන්නේ නෑ. නැත්තම් ඔහොම කියන්නේ නැහැ. (හේ)
අගමැති කෙසේ වෙතත් ඔහු කර තිබෙන අක්‍රමිතා ටික හෙළි වුනොත් උළු නැති ගෙදර කුස්සි පාටියේ නම් නිලයක් ලබාගන්න හොඳටම ඉඩකඩ තිබෙනවා (නදී)
අනේ තව කොහෙද ඡන්දෙකින් දිනලා අාවා නම්. (හේ)
මොන මෝඩයෝද චන්දෙ දෙන්නේ අගමැති කරන්න (නදී)
ලොස් ඇන්ජලිස් වල ඉන්න චානක ළමයා ඇමරිකාවේ සුද්දන්ගේ සපත්තු ලෙවකනවය කියලා මේ ළඟදී කව්දෝ කියාපු කතාව හැබෑවක් වගෙයි? (නදී)
හොරුන් ටික විතරක්ම සහයෝගය දේවි කරතිබෙන වංචා ටික යට ගහ ගන්න ඕනේ හින්දා .....(නදී)
පිම්බුවාට බඩ මල්ලී - ගෙම්බට බෑ වැඩ!(නදී)
සියාතු, මේ සපත්තු වල ඔබ ඔය ලෙවකන සපත්තු වල වගේ දුෂණය ,භීෂණය,මංකොල්ලකෑම් කියන දහජරාව ගෑවිලා නැහැ. මේවා පිරිසිදුයි (නි)
පොඩ්ඩක් ඉන්නකෝ ඉවසලා (නි)
මහින්ද අගමැති කරාම ඔබ තුමන්ලාට යන කල දසාව මොකක්ද?(හේ)
සියාතු, චානක එයාගේ නමට පසු "ලොස් ඇන්ජලිස්" දාන්නේ මහා ආඩම්බරෙන්. මම පිටරට අහවල් තැන ඉන්නේ කියන්න. එහෙම අයගේ මානසිකත්වය අපි හොඳට දන්නවා.අපිට මීටවඩා දෙයක් ඔය ලෙඩේ තියන අයගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (නි)
මහත්වරු ගෙදර යාමට සූදානම්ව සිටින්න (නි)
අජිත් කරුණාරත්න ලංකාවේ කොහෙද ඉන්නේ දන්නේ නැහැ! අපි ඉන්න ලංකාවේ නම් ඔහේ කියන එකේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ! (නි)
රටේ ජනාධිපති කවුරු වුණත් ඒ නිලය දරපු තැනැත්තාට අපහාස කිරීමෙන් මොහු පෙන්නුවේ අපේ ගම්වල ජනතාව ගැන මොහුගේ තිබෙන පහත් හැඟීමයි. දැන් ඉන්න ජනපතිතුමා රාජපක්ෂ පවුලටත් වැඩිය ගැමි සම්භවයක් තිබෙන නිසා එතුමා ගැන සද්ද නැතුව මොනවා කියනවාද දන්නේ නැහැ. (නි)
රනිල් මහතා ආදරයෙන් මතක් කරමි (නි)
ඒවා කොහෙද අපි ඉන්නකම්. (නි)
ඒ වුණාට පසුගිය ඡන්දෙදි ආණ්ඩුව හදන්න දර දිය ඇද්දේ ඔබතුමා නෙමෙයිනේ. කට කැඩෙනකන් වේදිකාවල , මාධ්‍යවල කතාකරලා, ප්‍රතිවාදීන්ගේ අඩම්තේට්ටම් වලට මුහුණදීලා දැන් පතාගෙන ආ විදියට ඔතාගෙන පැත්තකට වෙලා ඉන්න වුණේ අර අහවල් උන්නැහේලාට. ඔන්න ඒගොල්ලන් ඔය ටික කිව්වා නම් තව කමක් නැහැ (නි)
කරලම පෙන්වන්නම්.... චිරං-ජයතු අපේ අප්පච්චිට! (නි)
අකිල කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)
ඇමතිතුමා නිකන් බොරුවට කෑගහන්න එපා.හිටපු ජනපතිතුමාට විරුද්ධව අද ඇති චෝදනා සත්‍යද අසත්‍යද යන්න තීරණය කරන්නේ ගරු අධිකරණය.එතුමාට ලැබුණු ඡන්ද ලක්ෂ 58 ම එතුමාගේ ඡන්ද. (නි)
මහත්තයෝ, ජනතාව දිනෙව්වේ ශ්‍රීලනිපයේ ලේකම්ව.පැරදුවේ විධායක ව්‍යවස්ථාව (නි)
මහින්ද අගමැති කරන්න බැරි බව නම් අපිටත් විශ්වාසයි. මොකද එදා දීපු ඡන්ද ලක්ෂ 58 ගත්තත් දිනන්න බැහැ. මේ වෙනකොට එම ලක්ෂ 58 ත් 48 ට විතර අඩුවෙලා බව තමයි රටේ ජනතාවගේ අදහස් වලින් පෙනෙන්නේ. රැස්වීම් වලට ගෙනෙන සෙනඟ ගණනින් ජය ගැන කොහොමත් කියන්න අමාරුයි. (නි)
අමර, එතකොට ලක්ෂ 58ක් ඡන්දෙ දුන්නේ මෝඩයෝද?මතක නැහැ අමරලා වගේ අයට අතීතය මොන වගේ එකක්ද කියලා. මේ රටේ නිර්භීත එකම නායකත්වය මහින්ද විතරමයි. අපේ සහයෝගය මහින්දටයි.රටට ජාතියට ආදරය කරන අය හිටපු ජනපති ළඟයි. (නි)
සියාතු, සහතික ඇත්ත (නි)
චානක මහත්තයෝ,ඔයා අපිට ගොඩක් පවු පුරවනවා.ඔයාට ඉන්න ඇමෙරිකාව තියෙනවා.අපිට පයගහලා ඉන්න තියෙන්නේ මේ පුංචි රට විතරයි.ඒ රටේ මිනිස්සු පහුගිය අවුරුදු 30 ක් පුරා මරණය දෝතට අරගෙන හෙටක් ගැන බලාපොරොත්තුවක් නැතුව ගෙවපු ජීවිතේ ගැන ඇමෙරිකාවේ ඉඳන් සැප විඳින ගමන් කහින ඔබතුමාට තේරුමක් නැතුව ඇති.ඒ දුක වින්දේ අපි.අද අපිට අපේ දරුවන්ට මරබිය නැතුව ජීවත්වෙන්න හෙටක් ගැන හිතන්න රටක් තියෙනවා. ඒ නිදහස් රට උරුම කරදුන් වරදටද එතුමාව මහා උළුගෙදර අරින්න හදන්නේ? ඒවා ඇත්තම කියලා හිතුවත් එතුමාගේ කාලේ දුෂණ වංචා වුණා නම් එදා සිට අද දක්වා මේ බේරුණු ජීවිත වල වටිනාකම ඊටවඩා ගොඩක් වැඩියි මහත්තයෝ... (නි)
මන්ත්‍රීවරුන් 113ක් නැතුව ආණ්ඩුවක් හදපු හැටි පොඩ්ඩක් කියන්නකෝ බලන්න, මහින්ද මහත්තයාව පැත්තක තියලා. (නි)