හික්කඩුව - බද්දේගම මාර්ගයේ, නලාගස්දෙණියේ දී මෝටර් රියක්, කැන්ටර් රියක් හා වෑන් රියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 8 දෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රිය හා කැන්ටර් රිය බද්දේගම දෙසට ධාවනය වෙමින් තිබියදී කැන්ටර් රිය ඉදිරියෙන් ගිය මෝටර් රියේ ගැටී පාරෙන් ඉවතට පැන ඇති බවත් ඒ සමග ඉදිරියෙන් පැමිණි වෑන් රිය එහි ගැටී ඇති බවත් කියති. තුවාල ලැබූවන් අතර ගැබිණියක් හා කුඩා ළමන් දෙදෙනෙක් ද වෙති.