IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හික්කඩුවේ කොරල් සමග චීන්නු තිදෙනා සැකපිට

ඉතා  දුර්ලභ ගනයේ ජීවී කොරල් පර විසිහතරක්  සහ බෙල්ලන් දෙදෙනෙකු රැගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායක දී  අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීහු පවසති.

වන සත්තව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ  කොරල පර සහ  බෙල්ලන් ආරක්ෂා කොට ඇති බව රේගුව කියයි.

සැකකරුවෝ අද අළුයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 0866 දරණ ගුවන්යානයෙන් චීනයේ ෂැංහායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මත්තල ගුවන්තොටුපොළේ වැඩකටයුතු සඳහා  තමන් මෙරටට පැමිණි බවත් මෙම කොරල්පර හික්කඩුව මුහුදු තීරයෙන් කඩා ගත් බවත් සැකකරුවෝ රේගුවට පවසා ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු  සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත  ගුණසේකර මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධිකාරීවරුන්වන චූලා ජයසුන්දර, උපුල් ඉන්ද්‍රජිත් සහ සහකාර රේගු අධිකාරීවරුන්වන  අසංක ප‍්‍රියදර්ශන, ලලිත් දුෂ්‍යන්ත, ඞී. අමරසිංහ යන නිලධාරීහු සිදු කරති.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් සිදුකිරීමට නියමිතය.

 

 



අදහස් (0)

හික්කඩුවේ කොරල් සමග චීන්නු තිදෙනා සැකපිට

මැණික් Thursday, 28 March 2013 09:57 AM

ඕවා ගාළු කොටුවේ විකුනන්න ඕනාතරම් තියෙන්නේ. කාගේවත් බඩට ගහනවා නෙමෙයි. පොඩි දේ වුනත් හොරකමක් නම් හොද නැහැ. මහා පරිමාණ ඒවා අල්ලන්න බලන්න.(නදී)

:       0       0

උපාලි Thursday, 28 March 2013 10:01 AM

මේ අය ටික ටික ලංකාවේ කෑලි කඩාගෙන අරගෙන යනවා. එහෙම බැළුවොත් දැන් ලංකාවේ ඉන්න චීන ජනගහනය ඇති අවුරුද්දකින් ලංකාව චීනෙට පටවන්න.(නදී)

:       0       0

සෙන්තිල් Thursday, 28 March 2013 04:47 PM

මේත මත්තල ගුවන්තොටුපොළෙන් හරි අගේට පන්නන්න තිබුනනේ. ඒක චීනුන්ගේ ගුවන්තොටුපොළනේ. (නදී)

:       0       0

ධම්ම Thursday, 28 March 2013 10:12 AM

මෙතෙක් කල් සද්‍ද නැතුව මේව කළේ සුද්දො.දැන් චීනා පටන් ගත්තද? (නදී)

:       0       0

ශාන්ත ලාල් Thursday, 28 March 2013 10:10 AM

චීන්නු අලි හොරු වෙලා වගේ. මෙයාලා අටමස්ථානත් ගලවගෙන පනියිද දන්නේ නැහැ.(නදී)

:       0       0

රොෂාන් Thursday, 28 March 2013 04:55 PM

චයිනා පටාස්.(නදී)

:       0       0

සිල්වා Thursday, 28 March 2013 10:50 AM

චීනට ජයවේවා!, චීන කිරුළ ගමිමානයක් බිහි වේවා!(නදී)

:       0       0

බන්දුල Thursday, 28 March 2013 11:03 AM

මේක නම් කරන්න ඇත්තේ නොදනුවත් කම නිසා. නැත්නම් ඕවා කටුනායක හරහා ගිනියන්නේ නැහැ. මොකද ඕක හොරට කරානම් චීනගේ වලිගේ තමයි අල්ලන්න වෙන්නේ. මේවා ලස්සන නිසා ගෙදර ගිනියන්න හිතන්න ඇති. (නදී)

:       0       0

ජයසිංහ Thursday, 28 March 2013 11:02 AM

කොරල්පර අල්ලපු 4 දෙනෙක් දාලා. එතනොල් අල්ලපු කව්රුවත් නැහැ.(නදී)

:       0       0

පිටිගල මිලොනෝ Thursday, 28 March 2013 05:22 PM

වරාය විනාශ කරපු චීන්නු දැං රටම විනාශ කරනවා..!(නු)

:       0       0

මුතුකුඩ Thursday, 28 March 2013 05:37 PM

චීනාට අයිතියක් තියෙනවා මේවා අරන් යන්න චීන නය චීන ගුවන් තොටුපොළ චීන පාලමි චීනාට ගිය රට.(නදී)

:       0       0

සිල්වා Thursday, 28 March 2013 11:47 AM

වැරැද්ද එහේ පුරුද්දයි.(නදී)

:       0       0

ඉෂාන් Thursday, 28 March 2013 11:53 AM

ඔන්න ආයෙත් චීන්නු.(නදී)

:       0       0

මේනක Thursday, 28 March 2013 12:46 PM

අපේ රට විනාශ කරන්න කාටවත් දෙන්න එපා (දී)

:       0       0

හල්පිට Thursday, 28 March 2013 12:46 PM

ස්වභාව ධර්මය ගන්න එකතු වෙන්න (දී)

:       0       0

විවේකා Thursday, 28 March 2013 12:58 PM

ලංකාවේ සුන්දරත්වය නැති කරන්න එපා (දී)

:       0       0

අචිනි Thursday, 28 March 2013 09:39 AM

චීනා නියමයි. ජයවේවා !(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 919 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site