ස්වේච්ඡා සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි හොං කොං විශ්ව විද්‍යාලයයේ සිසු පිරිසක් අම්බලන්ගොඩ රන්දොඹේ ශ්‍රී සංඝරාජ මහා විහාරයේ තාප්පයේ සායම් ගා පිරිසිදු කරති.
විහාරාධිපති කොස්ගොඩ සුභූතී අමරපුර සිරි සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක හිමියෝ ද ග්‍රීන් ලයින් සංචාරක ආයතනයේ කළමනාකරු ජීවන් කස්තුරිආරච්චි මහතා ද මෙම පිංකම සංවිධානය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නම් පින් වැඩ (නදී)
බොහොම හොඳ වැඩක් (නි)
ඔබ සියලු දෙනා ලබාදුන් ප්‍රතිචාර වලට බොහොමත්ම ස්තූතියි! (නි)
අනුන්ගේ දේපල ගිනි තියන කාලයක පිටරට ඉඳලා ඇවිත් පන්සලක වැඩ කටයුතු වලට ස්වෙච්ඡා සේවයේ යෙදෙනවා. මේ සැමටම යහපතක්ම වේවා ! අපේ සරසවි සිසුන් හීනෙකින් වත් මේ දේවල් කරන්නේ නැහැ . උපාධිදරියන් නිසා අත පය වෙහෙසවා වැඩ කිරීම ඒ අයට අකැපයි. හැම දේම නොමිලේ ලැබෙන එකේ තව තව ඉල්ලා හර්තාල් කරනවා මිසක් තමන්ගේ රටට මෙහෙම දෙයක් කරලාවත් සේවයක් කරන්නේ නැහැ. හරිම ලැජ්ජයි ! (නදී)
අනේ වාසනාවන්. හොඳ වැඩක්. අපේ විශ්ව විද්‍යාල ළමයින්ට ඉතින් වර්ජන උද්ගෝෂණ පිකටින් ගහ මරාගන්නවා ඇරෙන්න ඔය වගේ වැඩක් කරන්න බැහැනේ. (නදී)
කසුන් මහත්තයා වැස්සකටවත් කැම්පස් පැත්තේ ගිහින් නෑ වගෙයි. (නදී)
මේ අය පන්සල් ලස්සන කරද්දී පන්සල් වල ඉන්න අය රටම කැත කරනවා. (ස)
අරවින්ද මමත් ශිෂ්‍යත්වයක් අරගෙන පිටරට හිටියා. ඒ ඉන්න ගමන් සුළු රැකියාවල් කරලා මගේ වියදම් සොයා ගත්තා. ආණ්ඩුවට බැන බැන අතට පයට හැම දෙයක්ම ඉල්ලා හිටියේ නැහැ. හරියටම නියමිත කාලයේදී උපාධියත් අවසන් කළා. ආණ්ඩුවේ රස්සාව ඉල්ලා රැකියා පෝලිමේ නොසිට රැකියාවකුත් සොයා ගත්ත. වැස්සටත් අව්වටත් මගේ අනාගතය සුරක්ෂිතයි.
හොඳ වැඩක්. මේ කඩිසරකම සහ ශ්‍රමය කැපකරන්න කැමැත්ත අපේ සරසවි සිසුන්ටත් තියනවා නම් (නදී)
ඒක නම් ඇත්ත. ඔය විශ්ව විද්‍යාලවලට යන අයට පුලුවන් පිකටින් කරන්නයි උද්ඝෝෂණය කරන්නයි විතරයි (නදී)