මෙරට හඬ කැවීමේ කලාවේ පුරෝගාමියා ලෙස සලකන කලාසූරී ටයිටස් තොටවත්තයන්ගේ නමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හඬකැවීමේ ප්‍රධාන මැදිරිය නම් කිරීමේ උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාලිතක මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.
තොටවත්ත මහතාගේ බිරිඳ සුජාතා තොටවත්ත මහත්මිය ද මේ අවස්ථාවට එක්වූවාය.
ශ්‍රී ලංකා රූපවාහිනී හඬ කැවීම් අංශයේ දීර්ඝ කාලයක් සේවය කළ ශීලා කටුගම්පොළ, එච් චර්චිල් සහ රංජිත් ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ ශිල්පීහූ තිදෙනා ද උපහාර ලදහ.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුවන් ඒකනායක තොටවත්තයන් පිළිබඳ සැමරුම් දේශනය පැවැත්වීය.
හා හා හරි හාවා, බෑයි කියලා බෑයි කියල බෑ වැනි කුඩා ළමයින් අතර අතිශය ජනප්‍රිය කාටුන් ගිත ද මෙහි දී කුඩා ළමෝ එක්ව ගායනා කළහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘හා හා හරි හාවා‘
ධම්මික Friday, 15 May 2015 02:15 AM
අවංකවම මමත් එකගයි අතුලගේ ඉල්ලීමට ..පුලුවන්නම් සියලුම පරණ කාටුන් විකාශය කිරීම සදහා පියවර ගන්න.(හේ)
රාජා Friday, 15 May 2015 02:43 AM
අපෙත් උපහාරය එතුමාට සහ එතුමාත් සමග එකතුවී අපිට ඉතා ලස්සන වැඩ සටහන් දීපු හැමදෙනාටම. ඒ සින්දු, ඒ කතා අදත් මතකයි. (නදී)
තාරක Friday, 15 May 2015 03:00 AM
විශිෂ්ට වැඩක්. (ම)
සාරා Friday, 15 May 2015 03:49 AM
හා හා හා හරි හාවා,දොස්තර හොඳ හිත. ගලිවර්ගේ සුවිසැරිය, මල්ගුඩි දවස් , ඔෂින් ජීවිතේට අමතක වෙන්නේ නෑ වගේම තමයි මාමත් අමතක වෙන්නේ නෑ. (නදී)
විරාජ් ඒකනායක Friday, 15 May 2015 04:59 AM
ටයි මාමට නිවන්සුව ලැබේවා (නදී)
අතුල Thursday, 14 May 2015 03:41 PM
පරණ කාටූන් අායෙත් යනවනම් හොදයි (බ)
දුමින්ද Friday, 15 May 2015 06:51 AM
සොදුරු මිනිසෙක් (ම)
ජයරත්න Thursday, 14 May 2015 04:14 PM
අද විකාශය කෙරෙන කාටුන් වලට වඩා එදා කාටුන් වලින් ළමයින්ගෙ ජීවිත වලට ගොඩක් ආදර්ශ ගන්න පුලුවන්. ඒ නිසා ඒවා ආයෙ විකාශය කරන්න පුලුවන්නම් ගොඩක් හොද දෙයක් ඒක.(නදී)