මෙරට හඬ කැවීමේ කලාවේ පුරෝගාමියා ලෙස සලකන කලාසූරී ටයිටස් තොටවත්තයන්ගේ නමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හඬකැවීමේ ප්‍රධාන මැදිරිය නම් කිරීමේ උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාලිතක මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.
තොටවත්ත මහතාගේ බිරිඳ සුජාතා තොටවත්ත මහත්මිය ද මේ අවස්ථාවට එක්වූවාය.
ශ්‍රී ලංකා රූපවාහිනී හඬ කැවීම් අංශයේ දීර්ඝ කාලයක් සේවය කළ ශීලා කටුගම්පොළ, එච් චර්චිල් සහ රංජිත් ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ ශිල්පීහූ තිදෙනා ද උපහාර ලදහ.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුවන් ඒකනායක තොටවත්තයන් පිළිබඳ සැමරුම් දේශනය පැවැත්වීය.
හා හා හරි හාවා, බෑයි කියලා බෑයි කියල බෑ වැනි කුඩා ළමයින් අතර අතිශය ජනප්‍රිය කාටුන් ගිත ද මෙහි දී කුඩා ළමෝ එක්ව ගායනා කළහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකවම මමත් එකගයි අතුලගේ ඉල්ලීමට ..පුලුවන්නම් සියලුම පරණ කාටුන් විකාශය කිරීම සදහා පියවර ගන්න.(හේ)
අපෙත් උපහාරය එතුමාට සහ එතුමාත් සමග එකතුවී අපිට ඉතා ලස්සන වැඩ සටහන් දීපු හැමදෙනාටම. ඒ සින්දු, ඒ කතා අදත් මතකයි. (නදී)
විශිෂ්ට වැඩක්. (ම)
හා හා හා හරි හාවා,දොස්තර හොඳ හිත. ගලිවර්ගේ සුවිසැරිය, මල්ගුඩි දවස් , ඔෂින් ජීවිතේට අමතක වෙන්නේ නෑ වගේම තමයි මාමත් අමතක වෙන්නේ නෑ. (නදී)
ටයි මාමට නිවන්සුව ලැබේවා (නදී)
පරණ කාටූන් අායෙත් යනවනම් හොදයි (බ)
සොදුරු මිනිසෙක් (ම)
අද විකාශය කෙරෙන කාටුන් වලට වඩා එදා කාටුන් වලින් ළමයින්ගෙ ජීවිත වලට ගොඩක් ආදර්ශ ගන්න පුලුවන්. ඒ නිසා ඒවා ආයෙ විකාශය කරන්න පුලුවන්නම් ගොඩක් හොද දෙයක් ඒක.(නදී)