‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්ට හෝ සන්ධානයේ මහලේකම්ට සංවිධානාත්මකව හූ කිව්වා කියලා සමහරු හිතන් ඇති පක්ෂය මානසිකව වට්ටන්න. ඒත් මම කියන්න කැමැතියි මෛත්‍රිපාල සිරිසේන ජනපති තරම් නිහතමානී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයෙක් තවත් මේ රටේ ඉඳලා නෑ‘ යැයි පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අද (28) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂටවත්, මෛත්‍රිපාල සිරිසේනටවත්, චන්ද්‍රිකා කුමාරතුංගටවත් අයිති දෙයක් නෙමෙයි. මේක අයිති පාක්ෂිකයන්ට. ඒක නිසා සියලු නායකයෝ එකතු වෙලා මේ පක්ෂය රැකගන්න ඕනෑ‘ යැයිද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක තියාගන්න එක දෙයක්. පක්ෂය අයිති පාක්ෂිකයන්ට . එන්න ඒ පාක්ෂිකයෝ හූ..... කියන්නේ පාක්ෂිකයෝ නැතිව පක්ෂයේ ප්‍රතිපත්තිත් නැතිව සලකුණ විතරක් තමන් අතේ තියාගෙන ඉන්න නායකයෝ කියන අයට. සලකුණ විතරක් අරන් රට වටේ දුවන අයට අපිටත් කියන්න තියෙන්නේ පාක්ෂිකයෝ මානසිකව වැටෙන්නේ නෑ. බොරුවට දුවන්න එපා. (ර)
අපිට නිහතමානි කමෙන් වැඩක් නෑ. රටට දැනෙන සංවර්දන වැඩ කෙරෙන්න ඕනේ. එහෙම නැත්නම් ලබන අවුරුද්ධ වෙනකොට ඩොලරයට අපේ රුපියල් 200ක් 250ක් විතර දෙන්න වේවි. (ර)
මහජන මතයට හිස නවන්න. (ර)
ජන බලයක් නැහැ ගිය තැන හු මේක තේරුම් ගන්න බැරිද.? (ර)
හූ කිව්වත් නැතත් පක්ෂය නම් බොහෝ දුරට වැටිලා බව තවම මෙයාල තේරුම් අරන් නැහැ (බ)
එ්ක අපේ මහින්ද මහත්තයා දන්නවා,අනිත් දෙන්නට කියල දෙන්න (බ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයිති පාක්ෂිකයන්ට නම් පිරිසිදු පක්ෂයක් ජනතාවට පෙනෙන්නට තිබිය යුතුය. එක පැත්තකින් දුෂිතයෝ කියනවා. තව පැත්තකින් චෝදනාවලට ලක් වුවන්ට පරීක්ෂණ කෙරෙනවා. තවත් පැත්තකින් "සියලුම නායකයන් එකමුතුව පක්ෂය රැක ගනිමු" කියනවා. මෙතුමන්ලාට අනුව ජනතාව අන්ධ භක්තිකයන් විය යුතුය. (ර)
මහින්ද මහත්තයා දන්නවානම් ඇයි මේ කකුලෙන් අදින්නේ. එහෙම කරන්න එපා කියලා එයාට කියලා දෙන්න සමන්. (ර)
වැටෙන්න දෙයක් පක්ෂේ දැන් ඉතිරි වෙලා තියනවද? (ර)
ඇත්ත. ඡන්දයක් තියපු දවසට මතක් වෙයි කලින් අපි හූවකුත් කෑව නේද කියලා. (ර)
වැටෙන්න පක්ෂයක් තියෙනවද? (ර)
හූ කිව්වට පක්ෂය වැටෙන්නේ නෑ.....ඕක ඉතින් කියා දෙන්න ඕන හූ කියන නරි රංචුවට තමා. රංචු ගැහිලා මේ නරියෝ රට පුරාම ඉන්නවා...ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂට..... අයිති දෙයක් නෙමෙයි මේක ඉතින් එයාගේ පොඩි මොළේට දාගන්න බැරි නිසා නේ ගෝල බාලයෝ අතට ගෝනි ගණන් හොර පොල් දීල රට වටේම තියෙන දේවාල වලට යවන්නෙත්, ආයෙමත් රට පාලනය එයාට බාර දෙන්න කියමින් නහයෙන් අඬන්නේත් !!!! (බ)
චන්දික කකුලෙන් ඇදල නෙමෙයි මෙයාලව එලවලම දාන්න ඕන. මේ පක්ෂ දේශපාලනේ නිසා තමා අපේ රටට හැමදාම වැරදුනේ.(බ)
දැන් ඉතින් තව මොනවා කඩා වැටෙන්නද නේද ? (බ)
වින්සන්ට් මහතාණෙනි, අන්න හරි. මෙතුමන්ලාට අනුව ජනතාව අන්ධ භක්තිකයන් විය යුතුය. (ර)
නන්දලාල් ඔයා ප්‍රන්සයටම වෙලා ඉන්න. (ර)