(දයාරත්න ඇඹෝගම)
යුද හමුදා රෙජිමේන්තුවක පොලිස් නිලධාරියකු සහ තවත් පුද්ගලයකු සොරා ගත් යතුරැ පැදි දෙකක් සමග අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර,සාලියපුර ප්‍රදේශයේ හමුදා කදවුරකට අනුයුක්තව සේවය කරනු ලබන 28 හැවිරිදි හිටපු බුද්ධි නිලධාරියෙකි. ඔහු මේ වන විට හමුදා රෙජිමේන්තුවක පොලිස් නිලධාරිවරයෙක් ලෙස සේවය කරන අයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු අනෙක් පුද්ගලයා මහව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකි.
මෙම යුද හමුදා පොලිස් නිලධාරියා පසුගිය පෙබරවාරි 27 වැනි දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදි යතුරු පැදියක් සොරා ගෙන එම යතුරු පැදිය විකිනිම සදහා මහව ප්‍රදේශයේ පදිංචි මිතුරකුට බාරදි තිබියදි පොලිස් නිලධාරින් එම යතුරැ පැදියත් එය සන්තකයේ තබාගෙන සිටි ඔහුගේ මිතුරාත් අත්අඩංගුවට ගෙන ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සොරාගත් යතුරුපැදි සමඟ ආර්.පී. නිලධාරියා දැලේ
ලමය Friday, 10 March 2023 01:55 PM
පුදුම වෙන්න එපා... හෙට කිව්වොත් මේ ගොයියත් මාලිමාවේ කියලා. එහෙව් රටක් ඕයි මේක...