
(අංජුල මහික වීරරත්න)
අභියෝගයක් හමුවේ සියලු දෙනා වෙත පැවරෙන වගකීම වන්නේ පලා යාම හෝ කණස්සලට පත් වී කම්පාවෙන් බලා සිටීම නොව රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රටට මුහුණ දීමට සිදු වූ ව්‍යසනය ස්ථාවර සහ ක්‍රමිකව ගොඩනගමින් තිබු මෙරට ආර්ථිකයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් බවද ජනාධිපතිවරයා කීය.
එම ව්‍යසනය හමුවේ නාවික හමුදාව ඉටු කරන ලද කාර්යභාරය විශාල බව කී ජනාධිපතිවරයා විශේෂයෙන් කලාඔය වහල මත මරණ බිය අත්විඳිමින් සිටි ජනතාවට ජීවත්වීමේ අපේක්ෂාව ලබාදෙමින් සහ අහිමී වීමට ගිය ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගනිමින් නාවික හමුදාව ඉටු කරන ලද මෙහෙවර කෘතවේදීව අගයන බව පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළිය අමතමිනි.
2024/03 බඳවාගත් නිලධාරීන් 08 දෙනෙක්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 40වන බඳවා ගැනීමේ නිලධාරීන් 33 දෙනෙක් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 65 වන ශිෂ්‍යභට බඳවාගැනීමේ නිලධාරීන් 28 දෙනෙක් මෙහිදී විසිර ගියහ.
පුහුණුවීම් කාල සීමාවේ විශිෂ්ට දක්ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන්ට සම්මාන ප්‍රදානය කිරීම සහ අධිකාරියට පත් නිලධාරීන් සඳහා අසිපත් පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ව්‍යසනය හමුවේ ජීවිත බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්‍යාග කළ නාවික හමුදා නිලධාරීන් වෙනුවෙන් ප්‍රණාමය පළ කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙමෙන් ගොඩනැගුණු රටට ව්‍යසනය දරුණු පහරක්