
(අංජුල මහික වීරරත්න)
ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ ආරම්භකරන ලද 1990 ගිලන්රථ සේවාව අද වන විට ස්ථාවරත්වයට පත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ වෙනුවෙන් කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වාට මෙන්ම ඉන්දියානු අග්‍රාමාත්‍ය පුමුඛ ඉන්දියා ජනතාවට විශේෂ ස්තූතියක් පුද කළ යුතු බවද අමාත්‍යවරයා කීය.
“සුවසැරිය” ගිලන් රථ සේවාවේ නව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමෙි උත්සවයට සහභාගී වෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.
මෙම නව ප්‍රධාන කාර්යාලය අංක 43,හොර්ට්න් පෙදෙස, කොළඹ 07 ස්ථානයේ ස්ථාපිත කෙරුණ අතර, 2016 වසරේ සිට රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලක එම ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ලදී.
ශ්‍රී ලංකාවේ පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සඳහා අධික කුලී පිරිවැයක් දැරීමට සිදුවීම බරපතල ආර්ථික ගැටලුවක්වන බැවින් රජයේ ආයතන පෞද්ගලික ස්ථානවලින් ඉවත් කර රජයට අයත් ගොඩනැගිලි වෙත ගෙනයාමේ රජයේ වැඩපිළිවෙලට අනුව “සුවසැරිය” ගිලන් රථ සේවාවේ වත්මන් කාර්යාලය රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් ගොඩනැගිල්ලක මෙලෙස ස්ථාපිත කෙරිණි. මේ අනුව වාර්ෂිකව රුපියල් මිලියන 25 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බවද මෙහිදී අනාවරණය විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd