
ෂේන් සෙනෙවිරත්න
මෙවර මහනුවර ඇසළ පෙරහර පැවැත්වෙමින් තිබියදී මාර්ග සෝදිසි කිරීම් වල යෙදුන පොලිස් නිලධාරින් විසින් පුද්ගලයකු සෝදිසි කිරීමේදී හස්ති පාලකවරයකු සන්තකයේ තිබී කිනිස්සක් වැනි ආයුධයක් හමුවූ අවස්ථාවේදී එම හස්ති පාලකවරයාට අලියා රැගෙන එන ලෙස කිසි විටෙකත් දැනුම් නොදුන්බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පැවසීය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වූ අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා අවධාරණය කර සිටියේ පොලිසිය එම හස්ති පාලකවරයාට දැනුම් දුන්නේ ඔහු හස්ති පාලකවරයකු බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස බවද පැවසීය.
කෙසේ නමත් මෙම සිද්ධිය සමාජ මාධ්‍යය තුළ වෙනත් හාස්‍ය ජනක ලෙස උලුප්පා දක්වමින් විවිධ විනෝදජනක පෝස්ටු පළ වූ බවත් පෙරහර සමයේ රාජකාරී විඩාව තුනී කර ගැනීමට එය මහෝපකාරී වූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙන්ද කන්ද කරන එක ලංකාවේ මිනිස්සුන්ගේ සහ මාධ්‍යවල පුරුද්දක්නේ.
කොහොමත් ඉතින් ලංකාවේ තියෙන නීති සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය ගැන හිතනකොට, සිතට ලොකු සැනීපයක් දැනෙනවා.
පෙරලුන පිට හොඳයි කියන වලහා හාවා කරන පොලීසියට මාගේ හදපිරි අරව එක.