( රවින්ද්‍ර ලියනගේ )
මාරවිල කටුනේරිය බෑන්කඩ පාර ප්‍රදේශයේ නිවසක අඹුසැමි යුවළක් අතර ඊයේ (1) ඇතිවු පවුල් ආරවුලක් මත ඇතිවු ගැටුමකදි සැමියා විසින් එල්ල කළ පිහි පහරකින් සිය බිරිදගේ ගෙළ කැපි මිය ගොස් ඇති බව මාරවිල මුලස්ථාන පොලිසිය කියයි
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කටුනේරිය බෑන්කඩ පාර ලිපිනයේ පදිංචි වි සිටි අධිකාරි මුදියන්සේලාගේ තුෂාරි අධිකාරි (44) නැමති දෙදරු මවකි.ඇයගේ දියණියන් දෙදෙනා විවාහ වි වෙනම ජිවත්වන බව ද පොලිසිය කියයි.
මියගිය කාන්තාව හා ඇගේ සැමියා අතර නිතර ආරවුල් ඇතිකර ගන්නා බවත් එදින රාත්‍රියේද නිවසේ නිදන කාමරය තුළදි බහින් බස් විමක් සිදුවි ඇති බවත් පැවසේ.
ඝාතනය සිදුකළ බව කියන සැමියා ප්‍රදේශයෙන් පලාගොස් සැගවි සිටින බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd