
නත්තල සමඟ අපට දකින්න ලැබෙන්නේ නත්තල් සීයාය. ඉංග්‍රීසියෙන් නත්තල් සීයා යනු සැන්ටා ක්ලෝස්ය. සැන්ටා ක්ලෝස් හෙවත් චරිතය නිර්මාණය වී ඇත්තේ සැබෑ බිෂොප්වරයකුගේ චරිතය පාදක කර ගනිමිනි.
මේ බිෂොප්වරයා, මයිරාවේ ශාන්ත නිකලස්ය. මයිරා යනු පුරාණ ග්‍රීක නගරයකි. ශාන්ත නිකලස් ග්‍රීක සම්භවයක් ඇති ක්‍රිස්තියානි බිෂොප්වරයෙකි.
විද්‍යාඥයන්ට ශාන්ත නිකලස් බිෂොප්වරයාගේ හිස් කබල හමුවී තිබේ. විද්‍යාඥයන් එම හිස් කබල අධ්‍යයනය කිරීමෙන් පසු, එය ස්කෑන් කර, ශාන්ත නිකලස්ගේ ත්‍රිමාණ රූපය නිර්මාණය කර ඇත.
එම කටයුත්තට නායකත්ව දුන්නේ, අධිකරණ වෛද්‍ය සිසේරෝ මොරේයාස්ය. නිර්මාණය වුණු ත්‍රිමාණ පෙනුම අනුව, ශාන්ත නිකලස්, පුළුල් නළලක් ඇති, ශක්තිමත් නමුත් මෘදු පෙනුමක් ඇති මහල්ලකු බව එම පෙනෙයි.
පරිගණක ඇසුරින් නිර්මාණය කළ, ශාන්ත නිකලස් හෙවත් නත්තල් සීයාගේ සැබෑ ස්වරූපය ලොවට අනාවරණය කළේ නිව්යෝක් පෝස්ට් පුවත්පතය.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිව්යෝක් පෝස්ට් එකේ තිබුණ නම් ඇත්තම වෙන්න ඇති.
දැන් නම් බිස්නස් කාරයෝ නත්තල් සීයාව විකුණන් කන එක තමයි වෙන්නේ.