
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
පෙරියමුල්ල, ඒත්තුකාල දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී ජීප් රථයක් හදිසි පරීක්ෂාවට ලක් කිරීමේදී ගංජා කොකේන් සහ මත් කරල් සමඟ එහි ගමන් කළ පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
මෙම සුඛෝපභෝගී ජීප් රථය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන නිලධාරීන්ගෙ සැකයට ලක්වීම නිසා දැඩි පරීක්ෂාවට ලක්කර ඇති අවස්ථාවේ , එහි සිටි පුද්ගලයා සතුව තිබී ගංජා ග්‍රෑම් 10 ක්, කොකේන් ග්‍රෑම් 01 ක් සහ මත් කරල් 100 ක් සොයා ගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදුකරමින් ඔහු නවාතැන්ගෙන සිටි ලැගුම්හලේ කාමරය සෝදිසියට ලක්කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 29 මිලිග්‍රෑම් 240 ක් සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 230 ක් සොයා ගැනීමට ලැබුණු බවකොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. අත් අඩංගුවට ගැනුණු සැකකරුට අයත් ඔසු සැලක් පරීක්ෂාවට ලක්කිරීමේදී මත් කරල් 1000 ක් සොයා ගැනීමට හැකි වී ඇත.
COMMENTS
සැප රියවල් ගේන්නේ ඕවා විකුණලා තමයි.
මේවා අල්ලන එක නම් බොහොම හොදයි