
ස්විට්සර්ලන්ත කඳුකරයේ පිහිටි නිවාඩු නිකේතනයක, නව වසර පිළිගනිමින්, සාදයක් පැවැත්වෙද්දී හටගත් ගින්න සහ පිපිරීම හේතුවෙන් මියගිය ගණන 48 තෙක් ඉහළ ගියේය. තුවාල ලැබූ ගණන 100 කට වැඩි අතර, ඔවුන්ගෙන් 10 දෙනකුගේ තත්ත්වය බරපතල යැයි පැවැසෙයි. ඒ අනුව, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පිපිරීමත්, ගින්නත් හටගත්තේ බර්න් නුවර සිට කිලෝ මීටර් 20 ක් දුරින්, නිරිත දෙසින් ක්‍රාන්ස් මොන්ටනා නගරයේ පිහිටි ‘කොන්සලේෂන්’ නමැති නිවාඩු නිකේතනයේ තැබෑරුමේය. හිමමත ලිස්සා යමින් විනෝද වීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් අතරේ මෙම ‘කොන්සලේෂන්’ නිවාඩු නිකේතනය ප්රකටය.
සෑම වසරකම අවුරුදු උදාව සමරමින් මධුවිත තොලගෑම මෙහිදී සිදුවෙයි. ගින්න හටගනිද්දී 500 කට ආසන්න පිරිසක් විනෝදවෙමින් තැබෑරුමේ සිටි බව වාර්තා වේ. ඔවුන්ගෙන් වැඩිදෙනා විදේශිකයන් බව ද පැවැසෙයි.
ගින්නට හේතුව, ගෑස් කාන්දුවක් යැයි මුලින් අනුමාන කෙරුණි. කෙසේ නමුත්, ඇතැම් ස්විට්සර්ලන්ත පුවත්පත් වාර්තා කළේ, ඉටි පන්දමක් හේතුවෙන්, ෂැම්පේන් බෝතලකට ගිනි ඇවිළීමෙන් ගින්න හටගත් බවය. පිපිරිම සිදුවූයේ ගින්න හටගෙන මිනිත්තු කීපයක් යද්දීය. ඒ, අලුයම 1.30 ට පමණ යැයි පොලිසිය පවසයි.
ගින්න නිවා දැමීමට ගිනි නිවන භට කණ්ඩායම් කීපයක් මහත් පරිශ්‍රමයක් දැරූ බව පැවැසෙයි. තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පොලිසිය ද සහාය ලබා දුන්නේය. වෛද්‍ය ආධාරුකරුවන් රැගත් ගිලන් රථ, වෛද්‍ය ආධාරක හෙලිකොප්ටර් යානා පවා මෙහෙයුම්වලට එක් වූ බව වාර්තා විය. හෙලිකොප්ටර්වලින් තුවාලකරුවන් ගෙන ගිය බැවින්, ක්‍රාන්ස් මොන්ටානා නගරයට ඉහළින් ගුවන් කලාපය සෙසු ගුවන් යානාවලට තහනම් කලාපයක් ලෙස ද නම් කෙරුණි. තුවාලකරුවන් රෝහල් කීපයකට ඇතුළත් කළ බව පැවැසෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.