
(අංජුල මහික වීරරත්න)
ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනතේ දක්වා ඇති වැරදි වලට අදාළ මූල්‍යමය දණ්ඩන සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනතේ දක්වා ඇති වැරදි සඳහා අධිකරණය විසින් නියම කළ හැකි දඩ මුදල් වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීම පිණිස ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත.
එම අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් පනතේ 7(3), 13(2) සහ 20 (අ) (3) වගන්තිවල සඳහන් මූල්‍යමය දණ්ඩන රුපියල් 10,000/- සිට රුපියල් 100,000/- දක්වා ඉහළ නැංවීම පිණිස ප්‍රතිපාදන ඇතුළත් කර පනත් කෙටුම්පතක් භාෂාත්‍රයෙන් සකස් කර ඇති අතර, ඒ සදහා නීතිපතිගේ අවසරය ද ලැබී ඇත. ඒ අනුව, එම සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනත් සැකසීමේදී කාලයෙන් කාලයට සිදුවන මුදලේ අවප්‍රමාණ සලකා බලා දඩමුදලක් නියම කිරීමට ප්‍රතිපාදන සලසන්න බැරිද .එහෙම වුනොත් වරින්වර සංශෝධන අවශ්‍ය වෙන්නෙත් නැහැ .ප්‍රමාණවත් නැති දඩ නියම වෙන්නෙත් නැහැනේද
ඩයි සීයටත් දඩයක් ගහයි එහෙනම්.