ඌව පළාත් සභා මන්ත‍්‍රීවරු 16 දෙනෙක් අද (20) ඡන්දයෙන් පරාජයට පත්වූහ. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ ආර්.ඒ.ආර්. බන්දුසේන, මානෙල් රත්නායක, ජේ.එම්. ගුණතිලක, අජිත් දේශප‍්‍රිය නිලමේ, සුමිත් සමයදාස, නිමල් රත්නායක, අජිත් ලියනගේ, දයාරත්න බංඩාර, අනිල් චන්දන වැලිවිට, කේ.එම්. සිරිසේන එක්සත් ජාතික පක්‍ෂය ආර්. කුලතුංග ද පරාජය විය.
එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් සිට ආණ්ඩුපක්‍ෂයට එක්වූ රවී ගුණවර්ධන සහ ආණ්ඩු පක්‍ෂයේ සිට එක්සත් ජාතික පක්‍ෂයට එක්වූ මිහිමල් මුණසිංහ මහතා ද පරාජයට පත්විය.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ සුදත් බලගල්ල සහ කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කළ අරවින්ද කුමාර මහතා ද මෙවර පරාජය වූහ.
ආණ්ඩුපක්‍ෂයේ සිට මොනරාගලින් ස්වාධීනව තරග කළ ඩබ්ලිව්.ඒ. උදයකුමාර මහතා ද පරාජය විය.
පළාත් සභා මන්ත‍්‍රී සුජීව ජයසිංහ මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පැති මාරු කරන්නන් දිහා බලන් ඉදිමු. ඒක තමයි ඡන්දයෙන් පසු නියම ජයග්‍රහණය. ආණ්ඩුව පැත්තට මාරුවෙන අයට ජයවේවා (නදී)
හාල්මැස්සන්ව එළවලා මෝරුන්ව තියාගත්ත ඌවේ ජනතාවට අපේ උපහාරය.(නදී)
පක්ෂ මාරුකළ අය පැරදුන එක ගැන සතුටුයි (නි)
හැම එක්කෙනාටම දිනන්න බැහැනේ. ජනතාව කැමති අය ඡන්දෙන් තෝරාගත්තා. (නි)
ජනතාව මැර වැඩවලට සහ රටේ නීතිය ක්‍රියාත්මක නොවීම පිළබඳව පෙරට වඩා උනන්දු වන බවට සංඥාවක් මෙම මැතිවරණයෙන් පෙනෙනවා. සැමට සමානව නීතිය ක්‍රියාත්මක බවට ජනතාවට සත්‍ය වශයෙන්ම පොරොන්දු වන කවරකුට හෝ ඉදිරියේදී බලය ලැබෙන බවට සහතිකයි. (ස)
මනාප ක්‍රමයේ ඉතා හොඳ පියවරක්. අනවශ්‍ය අයට පෝඩා...පෝඩා. කියන්න. (නදී)
පනින්න බලන් ඉන්න කට්ටිය මෙවර නම්, සිය වරක් සිතාවි පනින්නට පෙර. (නදී)