ඌව පළාත් සභා මන්ත‍්‍රීවරු 16 දෙනෙක් අද (20) ඡන්දයෙන් පරාජයට පත්වූහ. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ ආර්.ඒ.ආර්. බන්දුසේන, මානෙල් රත්නායක, ජේ.එම්. ගුණතිලක, අජිත් දේශප‍්‍රිය නිලමේ, සුමිත් සමයදාස, නිමල් රත්නායක, අජිත් ලියනගේ, දයාරත්න බංඩාර, අනිල් චන්දන වැලිවිට, කේ.එම්. සිරිසේන එක්සත් ජාතික පක්‍ෂය ආර්. කුලතුංග ද පරාජය විය.
එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් සිට ආණ්ඩුපක්‍ෂයට එක්වූ රවී ගුණවර්ධන සහ ආණ්ඩු පක්‍ෂයේ සිට එක්සත් ජාතික පක්‍ෂයට එක්වූ මිහිමල් මුණසිංහ මහතා ද පරාජයට පත්විය.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ සුදත් බලගල්ල සහ කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කළ අරවින්ද කුමාර මහතා ද මෙවර පරාජය වූහ.
ආණ්ඩුපක්‍ෂයේ සිට මොනරාගලින් ස්වාධීනව තරග කළ ඩබ්ලිව්.ඒ. උදයකුමාර මහතා ද පරාජය විය.
පළාත් සභා මන්ත‍්‍රී සුජීව ජයසිංහ මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවීය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොළසක් පරදිති
දයා Sunday, 21 September 2014 07:52 PM
දැන් පැති මාරු කරන්නන් දිහා බලන් ඉදිමු. ඒක තමයි ඡන්දයෙන් පසු නියම ජයග්‍රහණය. ආණ්ඩුව පැත්තට මාරුවෙන අයට ජයවේවා (නදී)
සත්‍යයා Sunday, 21 September 2014 10:11 PM
හාල්මැස්සන්ව එළවලා මෝරුන්ව තියාගත්ත ඌවේ ජනතාවට අපේ උපහාරය.(නදී)
ශාන්ත Monday, 22 September 2014 02:24 AM
පක්ෂ මාරුකළ අය පැරදුන එක ගැන සතුටුයි (නි)
රෙජි-සිඩ්නි Monday, 22 September 2014 03:13 AM
හැම එක්කෙනාටම දිනන්න බැහැනේ. ජනතාව කැමති අය ඡන්දෙන් තෝරාගත්තා. (නි)
කමල් Monday, 22 September 2014 06:42 AM
ජනතාව මැර වැඩවලට සහ රටේ නීතිය ක්‍රියාත්මක නොවීම පිළබඳව පෙරට වඩා උනන්දු වන බවට සංඥාවක් මෙම මැතිවරණයෙන් පෙනෙනවා. සැමට සමානව නීතිය ක්‍රියාත්මක බවට ජනතාවට සත්‍ය වශයෙන්ම පොරොන්දු වන කවරකුට හෝ ඉදිරියේදී බලය ලැබෙන බවට සහතිකයි. (ස)
සැමුවෙල් Sunday, 21 September 2014 03:50 PM
මනාප ක්‍රමයේ ඉතා හොඳ පියවරක්. අනවශ්‍ය අයට පෝඩා...පෝඩා. කියන්න. (නදී)
චමින්ද Monday, 22 September 2014 07:43 AM
පනින්න බලන් ඉන්න කට්ටිය මෙවර නම්, සිය වරක් සිතාවි පනින්නට පෙර. (නදී)