IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි

(එම්.සුසිල් පියන්ත) 

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින්  දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති.

මේ හානියෙන් තමන්ට රුපියල් කෝටියක පමණ අලාභ හානියක් සිදුව ඇති බවත් එම හානිවූ ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බවද ඔවුහු කියති.

මේ දැඩි අලාභහානිවූ ධීවර යාතා සියල්ලම අලුත්වැඩියා කිරීමට ධීවර වරායෙන් ගොඩබිමට ගත යුතු බවත් ඒ සදහා ද විශාල මුදලක් වැය වන බවත් එම ධීවර යාතාවල හිමිකරුවෝ කියති.

හමා ගිය දැඩි සුළගින් හා මුහුදේ විශාල රළ් පහරවල් වරාය තුළට ඇතුලුවීමෙන් මේ විනාශය තමන්ට සිදුවූ බවද ඔවුහු කියති.

මේ ධීවර වරායේ ධාරිතාව කුඩා බැවින් එහි නවතා තිබූ බහු දින ධීවර යාතා සුළගින් හා රළ පහර වැදීමෙන් එකිනෙක ගැටීම මේ වයසනයට පධානතම හේතුව බවද ධීවර යාතා හිමියෝ කීහ.

අම්බලන්ගොඩ ධීවර වරායට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය තවමත් පහව නොගොස් ඇති බවත් ඒ නිසා තවත් ධීවර යාතා එකිනෙක් ගැටි දැඩි අලාභහානි සිදුවිය හැකි බවත් ඔවුහු බිය පල කරති.

             

 



අදහස් (1)

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි

සුරෛන් Friday, 11 October 2024 10:17 AM

සොබාදහම දඬුවම් දෙන්නේ කියලා නෙමෙයිනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site