IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සුළි සුළඟින් පානදුරයට හානි

අද අලුයම හමාගිය තද සුළඟකින් පානදුර පල්ලිමුල්ල හන්දියේ නිවාස 12 ක්  ඇතුළු  ව්‍යාපාර ස්ථාන 4 කට  දැඩි ලෙස  අලාභ  හානි සිදුව අැත.

අලුයම 2 කට පමණ වෙඩි තබන ශබ්දයක් සේ හඩක් නගමින් ලොකු ගෝෂාවක් අැසුන බවත් පසුව වැස්සත් සමග නිවස වල වහල ගැලවී ගිය බවත් කීප සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

බොහෝ නිවෙස්වල ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු විශාල ප්‍රමාණයක් ගැලවී සුළගේ ගසාගෙන ගොස් කුඩු පට්ටම් වී තිබු අතර ව්‍යාපාර ස්ථානයක වහලයේ තිබු දිග තහඩු  රැසක්ම මීටර් 200ක් පමණ දුරට සුළඟින් ගසාගෙන ගොස් තිබිණ.

එක් නිවසක විදුලිය මීටරයද ගැලවී පාරට විසිවී තිබී සොයා ගැනින.

 

IMG_1355 IMG_1361 IMG_1364 IMG_1369 IMG_1376 IMG_1374



අදහස් (0)

සුළි සුළඟින් පානදුරයට හානි

එරංග Friday, 11 July 2014 07:36 PM

අසරණවූවන් ගැන දුකයි (නි)

:       0       0

මහරුෆ් Friday, 11 July 2014 07:36 PM

නවුෆල් සහෝදරයා හරි. (නි)

:       0       0

සේන Thursday, 10 July 2014 08:32 AM

පිටිගල, අබ සරණි කියන වාක්‍ය යෙදෙන තැන අනුව තේරුම වෙනස් වෙනවා. 1. තර්ජනය කිරීම සදහා: ජීවිත හානි නොවන බරපතල දේපල හෝ වෙනත් හානියක් සිදු කරනවා කීම. 2. සිදුවීමක් හුවා දැක්වීම: විනාශයකින් හෝ පාඩු ලැබීමකින් පසුව පුද්ගලයෙක් වෙතී සිටින අන්ත අසරණ තත්ත්ව පහදා දීම. 3. තමන්ගේ සතුරන්ට සිදුවන විනාශයේදී සතුටුවීම, "එයාට ඉතින් අබ සරණ තමයි" වැනි යෙදීමක්. කොහොම නමුත් මෙම යෙදුම විද්වත් භාවිතයට තවම ඇවිත් නැහැ. (ස)

:       0       0

පියල් Thursday, 10 July 2014 11:05 AM

කනගාටුයි (දී)

:       0       0

කිත්සිරි Thursday, 10 July 2014 03:57 AM

සුළි කුණාටුවක් වෙන්න ඕන. (ස)

:       0       0

හාෆිස් Thursday, 10 July 2014 12:04 PM

අපිටත් ගොඩාක් දුකයි තමයි. දෙවියනේ,පීඩාවට පත් ජනතාවට පිහිට වෙන්න. (නි)

:       0       0

නිරාන් Thursday, 10 July 2014 04:47 AM

සෑම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රත්විරුද්ද වුත් ප්‍රතික්‍රියාවක් ඇත. (නදී)

:       0       0

හාෆිස් Thursday, 10 July 2014 12:13 PM

මේ වෙලාවේ ජාති, ආගම්බේද නොසළකා රට ගැනත්, වටිනා මිනිස් ජීවිත ගැනත් සිතිය යුතුයි (නි)

:       0       0

නවුෆල් Thursday, 10 July 2014 05:09 AM

ස්වභාව දර්මයා කුපිත වී ඇත. අබ සරණයි. (නදී)

:       0       0

චන්න Thursday, 10 July 2014 05:29 AM

අසරණවූවන් ගැන කණගාටුයි (නි)

:       0       0

පිටිගල Thursday, 10 July 2014 05:34 AM

මොකක්ද මේ "අබ සරණයි" කියන එකේ තේරුම, අපි කිව්වේ බුදු සරණයි!. තෙරුවන් සරණයි!! වගේ ඒවා. අබ අපි පාවිච්චි කලේ කෑමක් තෙම්පරාදු කරන්න හෝ උයන්නයි. කාව වත් අපහසු තාවයකට පත් කරන්නවත් කාටවත් නින්දාවක් කරන්නවත් මම උත්සාහ කරන්නේ නැහැ. මාව වරදවා තේරුම් නොගෙන මේ "අබ සරණයි" කියන එකේ තේරුම කවුරු හරි දන්නා කෙනෙක් මට කියා දෙන්න. දැන් දහ දොළොස් වතාවක් ලංකාදීපයේ අදහස් තීරුවේ මම මේ වදන් දෙක දැක්ක. මට නොතේරෙන නිසාත් නොදන්නා නිසාත් මේ අහන්නේ. (ස)

:       0       0

රසික Thursday, 10 July 2014 05:47 AM

මේකටත් බොදුබල සේනාව ගාවගන්න තියෙන උවමනාව නවුෆල්ගේ අදහසෙන් පේනවා. සත්‍ය වසන් කරන්න හදන අසාර්ථක ප්‍රයත්න. (ස)

:       0       0

ජෝන් Thursday, 10 July 2014 05:57 AM

නිරන්, පහුගිය කාලේ කොටි හිතවාදීනුත් ඔය වගේ අදහස් දැම්ම. නව්ෆල්, කාගේවත් දුකකදී සතුටුවීම හොඳ නැහැ. (ස)

:       0       0

පහන්දී Thursday, 10 July 2014 06:38 AM

පවු, මේ මිනිස්සු එළිවෙනකල් තෙමි තෙමිද උන්නේ..? පිටිගල සහෝදරයාගේ ප්‍රශ්නය මටත් ඇති උනා., පස්සේදී මම දැක්ක අන්තර්ජාලයෙන් බොදු බල සේනාවේ උන්වහන්සේ කෙනෙක් කියනවා අබ සරණයි කියල., සිවුරක් පොරවා ගත් හිමි නමකගෙන් මෙතුවක් කල් අපි ඇසුවේ බුදු සරණයි කියල, අබ සරණයි කියල හිමි නමකගෙන් ඇහුවම හරිම පිළිකුලක් දැනුනේ....!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site