අද අලුයම හමාගිය තද සුළඟකින් පානදුර පල්ලිමුල්ල හන්දියේ නිවාස 12 ක් ඇතුළු ව්‍යාපාර ස්ථාන 4 කට දැඩි ලෙස අලාභ හානි සිදුව අැත.
අලුයම 2 කට පමණ වෙඩි තබන ශබ්දයක් සේ හඩක් නගමින් ලොකු ගෝෂාවක් අැසුන බවත් පසුව වැස්සත් සමග නිවස වල වහල ගැලවී ගිය බවත් කීප සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
බොහෝ නිවෙස්වල ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු විශාල ප්‍රමාණයක් ගැලවී සුළගේ ගසාගෙන ගොස් කුඩු පට්ටම් වී තිබු අතර ව්‍යාපාර ස්ථානයක වහලයේ තිබු දිග තහඩු රැසක්ම මීටර් 200ක් පමණ දුරට සුළඟින් ගසාගෙන ගොස් තිබිණ.
එක් නිවසක විදුලිය මීටරයද ගැලවී පාරට විසිවී තිබී සොයා ගැනින.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණවූවන් ගැන දුකයි (නි)
නවුෆල් සහෝදරයා හරි. (නි)
පිටිගල, අබ සරණි කියන වාක්‍ය යෙදෙන තැන අනුව තේරුම වෙනස් වෙනවා. 1. තර්ජනය කිරීම සදහා: ජීවිත හානි නොවන බරපතල දේපල හෝ වෙනත් හානියක් සිදු කරනවා කීම. 2. සිදුවීමක් හුවා දැක්වීම: විනාශයකින් හෝ පාඩු ලැබීමකින් පසුව පුද්ගලයෙක් වෙතී සිටින අන්ත අසරණ තත්ත්ව පහදා දීම. 3. තමන්ගේ සතුරන්ට සිදුවන විනාශයේදී සතුටුවීම, "එයාට ඉතින් අබ සරණ තමයි" වැනි යෙදීමක්. කොහොම නමුත් මෙම යෙදුම විද්වත් භාවිතයට තවම ඇවිත් නැහැ. (ස)
කනගාටුයි (දී)
සුළි කුණාටුවක් වෙන්න ඕන. (ස)
අපිටත් ගොඩාක් දුකයි තමයි. දෙවියනේ,පීඩාවට පත් ජනතාවට පිහිට වෙන්න. (නි)
සෑම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රත්විරුද්ද වුත් ප්‍රතික්‍රියාවක් ඇත. (නදී)
මේ වෙලාවේ ජාති, ආගම්බේද නොසළකා රට ගැනත්, වටිනා මිනිස් ජීවිත ගැනත් සිතිය යුතුයි (නි)
ස්වභාව දර්මයා කුපිත වී ඇත. අබ සරණයි. (නදී)
අසරණවූවන් ගැන කණගාටුයි (නි)
මොකක්ද මේ "අබ සරණයි" කියන එකේ තේරුම, අපි කිව්වේ බුදු සරණයි!. තෙරුවන් සරණයි!! වගේ ඒවා. අබ අපි පාවිච්චි කලේ කෑමක් තෙම්පරාදු කරන්න හෝ උයන්නයි. කාව වත් අපහසු තාවයකට පත් කරන්නවත් කාටවත් නින්දාවක් කරන්නවත් මම උත්සාහ කරන්නේ නැහැ. මාව වරදවා තේරුම් නොගෙන මේ "අබ සරණයි" කියන එකේ තේරුම කවුරු හරි දන්නා කෙනෙක් මට කියා දෙන්න. දැන් දහ දොළොස් වතාවක් ලංකාදීපයේ අදහස් තීරුවේ මම මේ වදන් දෙක දැක්ක. මට නොතේරෙන නිසාත් නොදන්නා නිසාත් මේ අහන්නේ. (ස)
මේකටත් බොදුබල සේනාව ගාවගන්න තියෙන උවමනාව නවුෆල්ගේ අදහසෙන් පේනවා. සත්‍ය වසන් කරන්න හදන අසාර්ථක ප්‍රයත්න. (ස)
නිරන්, පහුගිය කාලේ කොටි හිතවාදීනුත් ඔය වගේ අදහස් දැම්ම. නව්ෆල්, කාගේවත් දුකකදී සතුටුවීම හොඳ නැහැ. (ස)
පවු, මේ මිනිස්සු එළිවෙනකල් තෙමි තෙමිද උන්නේ..? පිටිගල සහෝදරයාගේ ප්‍රශ්නය මටත් ඇති උනා., පස්සේදී මම දැක්ක අන්තර්ජාලයෙන් බොදු බල සේනාවේ උන්වහන්සේ කෙනෙක් කියනවා අබ සරණයි කියල., සිවුරක් පොරවා ගත් හිමි නමකගෙන් මෙතුවක් කල් අපි ඇසුවේ බුදු සරණයි කියල, අබ සරණයි කියල හිමි නමකගෙන් ඇහුවම හරිම පිළිකුලක් දැනුනේ....!! (ස)