
(සුජිත් හේවාජුලිගේ)
රට පුරා නව සුළං විදුලි බලාගාරය ඉදි කළ හැකි ස්ථාන පිළිබඳව වාර්තාවක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය.
ඔහු මෙසේ උපදෙස් දුන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ මන්නාරම තම්බපවණී සුළං විදුලි බලාගාරය අද පෙරවරුවේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූර්ය විදුලි ජනනය තමයි ලංකාවට වඩාත්ම සාර්ථක. සූර්ය බලය හා මුහුදු රළ යොදාගන්න පුළුවන්... විශේෂයෙන්ම රාත්‍රියට. විදුලිබල මණ්ඩලයේ මාෆියාව බිඳදැමිය යුතුයි...
හොඳට බලපන් හුළං තියෙනවද කියලා....?
දැන් මහජනතාවගේ බඩවල්වල තමයි වැඩියෙන්ම හුළං තියෙන්නේ...
දැන් පිස්සුවෙන් වගේ මිනිස්සුන්ගේ ඉඩම් ටික උදුරාගන්න පටන් ගනීවි. අන්තිමට මිනිස්සුන්ට ඉඩනුත් නැහැ, හුළනුත් නැහැ.
සුළං බලයට වඩා සූර්ය බලය වැඩිදියුණු කරන්න.. ඒක ලාභදායකයි. ඒ නිසා සෑම නිවසකම සූර්ය පැනල සවිකිරීමට කටයුතු කරන්න.
ජනාධිපතිවරයගේ අපරිණතභාවය නැවතත් ප්‍රදර්ශනය කිරීමකි. සුළඟ මඟින් නිපදවාගත හැකි විදුලි ප්‍රමාණය රටේ විදුලිය අවශ්‍යතාවයෙන් ඉතාමත් සුළු ප්රමාණයකි. බලශක්ති විශේෂඥයින්ට අනුව ශ්‍රී ලංකාවට දැනට වඩාත්ම සුදුසු වන්නේ ගල්අඟුරු මගින් ක්‍රියාත්මක වන තාපවිදුලි බලාගාර හෝ ස්වාභාවික වායු බලාගාරයි. මෙය කඩිමුඩියේ කාබනික ගොවිතැනට යොමුවීමට ගත් තීරණයට නොදෙවැනි මෝඩ තීරණයකි...
සුළං විදුලිය නිපදවිය හැකි හොඳම තැන නම් ජනාධිපති මන්දිරය ඉදිරිපිට... !!
සුළං, හිරු සහ මුහුදු රළ උපයෝගී කරගත හැකියි පහසුවෙන්ම... විදුලිබල මණ්ඩලේට පවරන්න එපා. එතන ඉන්න මාෆියාව මේ යෝජනාවට විදුලිය අල්ලලාම උපන්ගෙයි මරලා දායි. ඉදල්ගස් හින්නේ මොනතරම් සුළඟක් පැය 24 තුළම හමනවාද? එක විදුලි ඇමැතියෙක්වත් ඒක දැක්කාද?