ශී‍්‍ර ලංකාවේ වෙසෙන සුළු ජාතික ජනතාවට ජාතික වශයෙන් සුදුසු තැනක් ලැබී නොමැති බව පැහැදිලිවම පෙනෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළුජාතික කටයුතු භාර විශේෂ නියෝජිතවරියක වන රීටා අයිසැක් පවසයි. ශී‍්‍ර ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින ඇය දෙමළ ජාතික සන්ධානය අතර කොළඹ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මේ බව කීය
හමුදාව උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල වැඩි වශයෙන් රැදීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකලයුතු බවත් ඇය ප‍්‍රකාශ කර තිබේ
මීට අමතරව ශී‍්‍ර ලංකාවේ වතුකම්කරු ජනතාව මුහුණ පා සිටින ගැටළු සම්බන්ධයෙන් හා යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාවගේ අර්බුද ගැන ලබන මාර්තු මස පැවැත්වෙන 34 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී වාර්තාවක් ඉදිරිපත් කරන බව ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය කියන සුලු ජාතිය ඔයොගෙ රටට අරගෙන ගිහින් මහා ජාතිය හරි කරගන්න. අපි විරුද්ධ නැහැ. (නි)
රීටාට මොනවා වෙලාද? උතුරට ගියාට පස්සේද අපේ රටේ ඉන්න හමුදාව ගැන කතාකරන්නේ? අනෙක් රටවල ඉන්න හමුදාවන් තම රටෙන් බැහැරව ස්ථානගත වෙලා ඉන්න බව දන්නේ නැතුව ඇති. මේවා දකිනකොට අපට ඉවසුම් නැහැ (නි)
නිව්යෝර්ක් නාමල්, ඇමෙරිකාවේ තියන නිව්යෝර්ක් වලද ඉන්නේ? ඔය කියන බොහෝ රටවල් වල සුළු ජාතීන්ට සළකන හැටි දිනපතා පුවත්පත් වලින් කියවලා බලන්න. (නි)
මේ කතාව සහතික ඇත්ත. සිංහලයාට තැනක් නැහැ. පන්සල් කඩනවා. බුදු පිළිම කඩනවා. (නි)
ඔව් නාමල්, ඇමරිකාවේ තියෙන්නේ වර්ණබේදනේ (නි)
ඇයි ආණ්ඩුවට පෙන්නන්න බැරි පිටකොටුවේ දෙමළ, මුස්ලිම් අය මහා ජාතියට වැඩිය වැජඹෙන හැටි (නි)
අපේ රටේ සුළු ජාතීන් කියල කොටසක් නැති බව දන්නේ නැද්ද ඔය සුළු ජාතීන් කියන අය තමා මහා ජතියට වින කරන්නේ(අ)
ඇමරිකාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ලංකාවත් අර ඉරාකය, ලිබියාව, සිරියාව වගේ අවුලුවන්ට. රටක පන තියන පාලකයෙක් නැති වුණාම රට නන්නත්තාර වෙනවා. (අ)
සුළු ජාතීන්ට හා අනෙකුත් ආගම වලට මෙතරම් සැලකිල්ලක් දක්වන කිසියම් රටක් තවත් තිබේද ,මෙම ශ්‍රී ලංකාව හැර (අ)
මේ පිටින් එන එවුන් තමයි විෂබීජ පතුරුවන්නේ.සුළු ජාතින් හා මහා ජාතින් කියලා අපේ රටේ කොහෙද වර්ගකිරීමක් කරලා තියෙන්නේ.ඕවා දේශපාලන වාසිතකා හදාගත්තු විෂයෙන් පරිභාහිර වචනනේ. මෙවැනි උදවියට ඇයි මෙහෙම කතා කිරීමේ බලයක් තියෙන්නේ අපේ රට තුලම.අරාබිකරේ වගේ රටක්නම් මෙලහටත් තොන්ඩුව දාලා ඔය තැනැත්තිට. (අ)
තව කොහේ කොහේ ඇඟිලි ගහල බලාවිද දන්නේ නෑ.(අ)
අය්යෝ දෙනවා දෙනවා බය වෙන්න එපා. දැන් උතුරේ ඉන්න අපේ අයට තමයි වැඩිපුරම වැඩ කරන්නේ. තවත් කාලයක් ඕන මේවා නිරවුල් කරන්න (අ)
සුළු ජාතීන්ට මහා ජාතියටත් වඩා ඉහල තැනක් ලැබිය යුතුයි කියලද කියන්නේ? (අ)
අපේ රටේ ඉතිහාසය අරන් බැලුවොත් බටහිරට වඩා අපේ රටේ සුලු ජාතීන්ට සලකන රටක් බව ඔප්පු කර පෙන්වන්නට අපට පුලුවන්. විපක්ෂ නායක, අග විනිසුරු කියන්නෙ රටේ වැදගත්ම නිලතල දෙකක් සුලු ජාතින් පත්කර තිබෙනවා.මෙය වසර ගනනාවක තිස්සේ සිදු වෙනවා.ඇමතිවරු නියෝජනය වෙනවා පාර්ලිමේන්තුවෙත් ,පලාත් සභාවලත් ,පාසල් ,කාර්යාලවල නිලධාරීන් ගත්තත්,ඕනැ තරම් උදාහරණ පෙන්වන්න පුලුවන්. අගනගරයේ වැඩි ජනතාව සුලු ජාතීන්,වෙලඳාමෙ ඔවුන්ගේ වැඩි දෙනෙක් ඉන්නෙ ඔවුන්.අපේ අවසන් රජු පවා සුලු ජාතිකයෙක්.මෙයලගෙ රටවල තරම කොතරම් ද කීවොත් කලු ජාතිකයන් පොලීසිය අතර වන ගැටුම් වලින් පේනවා.නෙල්සන් මැන්ඩෙලා වසර 20 පන හිරකර තැබුවා., මාටින් ලුතර් මරා දැමුවා. එංගලන්තෙ කිසිදු කලු ජාතිකයෙක් ඉහල උසාවියට පත්කර නැහැ.කවුරුත් ආසියාතිකයන් සුද්දන් විසින් පකියන්කා ලෙස හැදින්වීම කාලන්තරයක් තිස්සේ සිදුවෙනවා.මෙයගෙ වැඩ ගැන කටවත් කතා කරන්න තහනම්.පුංචි රටවල් වලට කරන කැනැහැලිකම කාලාතරයක් ගිහිල්ලත් එහෙමයි සුලු ජාතින්ගේ ඇඟේ එල්ලිලා ඡන්ද බාගන්න මේ හැමෝම මේ රටවල ඇබිත්තයෝ ,රුකඩ පාලකයො පත්කර ගන්නවා.ණය දීලා ඇමදාලා කට වහනවා.රතු කාපට් පස් දානවා.අපේ ටේ ඉතිහාසයෙත් මේවා වුණා.මුදලි,මුහන්දිරම් කස්තාන පැලැඳුවා.අද ඊට වෙනස්.රටේ නීති වෙනස් කරන්න මුන් ඔනෑම බලු වැඩක් කරනවා.ඈනේ අපේ රට (අ)
මේ අයට විස දීල අපේ රටට එන්න දුන්න එවුන් මේවට වග කියන්න ඕන .මුන්ට කියන්න ඕන සබැ ජාති වාදීන් කියල. (අ)
අරන් ගිහින් කැල්ලක් දුන්නානම් හරි (අ)
මොලේ අමාරු වක්ද?කෙලින් සිටීමට බැරි යහ පාලනයේ අනිසි පල විපාක. (අ)
ඇමරිකාවේ කළු ජාතිකයන්ට නිසි තැන දීලා එන්න නෝනේ අනුන්ගේ රටවල ඒවාට ඇඟිලි ගහන්න (හේ)
මොලේ නැති කෙනෙක් විභාග පාස් කලාම තමන්ට වඩා දන්න එවුන් නැහැ වගේ . හීනෙග් නැගිටලා. යන්නේ කොහෙද මල්ලේ පොල්. (අ)
අර ඇමරිකාවේ කළු ජාතිකයින්ට පොලීසියෙන් අමු අමුවේ වෙඩි තියලා මරණ ඒවා මේ නෝනා දැකලම නැද්ද.. (නි)
ලංකාවේ සුළු ජාතීන්ට තරම් නිදහසක් වෙන මොන රටකවත් නැහැ (නි)
ලංකාවේ සුළු ජාතියක් කොහෙද ඉන්නේ? (නි)
රටේ සුළු ජාතීන්ට නැති සිංහලයින්ට විතරක් තියෙන විශේෂ අයිතිවාසිකම් මොනවද කියල අහන්න තරම් කෙනෙක් නැහැනේ ඉතින් ආණ්ඩුවේ. (නි)
අපේ රටේ මහා ජාතියට වඩා අයිතිවාසිකම් තියෙන්නේ සුළු ජාතීන්ට. මහා ජාතියට තියනවද වෙනම බැංකු ක්‍රමයක්, අඩු වයස්කාර ගැහැණු ළමයින් අාවාහ කරගන්න බලතල, වෙනම කෑම, වගේ දේවල්? හැබැයි සමහර සුළු ජාතීන්ට තියනවා. හරිනම් මහා ජාතියයි ජිනිවා යන්න ඕනෑ අපේ අයිතිවාසිකම් මදි කියලා. (නි)
ගිහින් සුළු ජාතීන්ට අයිතිවාසිකම් දෙන්න කියන්න ඇමරිකාවට. ලංකවේ සුළු ජාතීන්ට නැති අයිතිවාසිකම් මොනවද? මහා ජාතියටත් වැඩි අයිතිවාසිකම් තියනවා එයාලට. මේවා පෙන්නලා දෙන්න, මේ බොරු වලට උත්තර බඳින්න කොන්ද පණ ඇති ආණ්ඩුවක් තිබුනා නම් අනේ අපිටත්! (නි)
රටක හමුදා කඳවුරු තියන තැන ගැන තීරණය කරන්න කිසි අයිතියක් නැහැ රීටාට හෝ බටහිර ගැති එක්සත් ජාතීන්ට. එ්ක රට ඇතුළේ ආණ්ඩුවට සහ ආරක්ෂක අංශයට අයිති නිදහස් කටයුත්තක්. ඒ සෛවරිභාවයට ඇඟිලි ගහන්න කිසි අයිතියක් නැහැ. (නි)
නිව්යෝර්ක් නාමල්, ඔය නිව්යෝර්ක් ඉන්න නිස සමහරවිට ලංකාවේ තත්ත්වේ දන්නේ නැතුව ඇති. ලංකාවෙත් ඕන තරම් ආයතන වල ඉන්නවා සුළු ජාතිකයින් ප්‍රධාන විධායක නිළධාරීන් ලෙස, රජයේ සහ පෞද්ගලික ආයතන වල. ලංකාවෙත් බොහොමයක් සාර්ථක ව්‍යාපාරිකයින් සුළු ජාතිකයින්. ලංකාවෙත් ආණ්ඩුවේ දෙපාර්තමේන්තු, සංස්ථ වල ඉන්නවා ඕනේ තරම් සුළු ජාතිකයෝ ප්‍රධාන පුටුවල. ජාතිය වෙනස් නිසා එවන් තනතුරු වලට පත් නොකර සිටීමේ පිළිවෙතක් ලංකාවේ නැහැ. කරුණාකර ලංකාවට ගිහින් ඇත්ත තත්ත්වේ බලල එන්න. ගොඩක් කල් බටහිර ඉන්නකොට සමහර වෙලාවට ලංකාවේ ඇත්ත තත්ත්වේ අමතක වෙනවා සමහරුන්ට එකයි. (අ)
පහුගිය අවුරුද්ද තුළ උතුරේ හමුදා කඳවුරු සෑහෙන ගණනක් ගළවා ඉවත් කළානේ. මෙයාලා මේ හදන්නේ තියන ටිකත් ගළවා ඉවත් කරවන්නයි. ඊටපස්සේ පුළුවන්නේ එයාලගේ දුරදක්නා සැළසුමේ පිළිවෙලට අාපහු යුද වැඩපිළිවෙල පටන්ගන්න. මේ සැලසුම් තේරුම් ගන්න ඔලුවක් නැති සිංහලයන් සහ ආණ්ඩු තියනකන් අනේ අපට සුමන සමන් දෙවි පිහිටයි! (නි)
ආණ්ඩුවත් මේවට පක්ෂ එකේ අනේ මේ බොරු චෝදනා වලට කවුරුනම් උත්තර බඳින්නද ඉතින්! අපේ රටේ අයිතිවාසිකම් නැත්නම් කොහොමද අරාබිකරේ? මොනම අයිතිවාසිකමක්වත් තියනවද ඒ රටවල සුළු ජාතීන්ට? අපේ රටේ මොනවද නැති අයිතිවාසිකම්? (නි)
ආ, වෙනසක් ඕනෑ වුණානේ නේද...? (නි)
ප්‍රියන්ත විජේරත්න මහතාගේ අදහස් සමඟ මා එකඟ වෙමි. හදවතින්ම මම පිළිගන්න දෙයක් තමා ලෝකයේ සෙසු රටවල් හා සංසන්දනය කළවිට අපේ රටේ ජීවත්වන සුළු ජාතීන් ඉතාමත් වාසනාවන්ත කොටසක් කියන එක. අපිව ආගම් වශයෙන් හෝ ජාතීන් වශයෙන් බෙදා වෙන්කරන්නේ ආත්මාර්ථකාමී දේශපාලුවෝ. ලංකාවේ වෙසෙන සියලු ජනකොටස් වලට දැන් තිබෙන වගකීමක් තමා බාහිර ඇඟිලි ගැසීම් වලට ඉඩ නොතැබීමට වගබලා ගැනීම. එක්සත්භාවයෙන් පමණක් අපිට ලොව ජග්‍රහණය කළ හැක. (නි)
එනකොටම මම කිව්වා අංචියක් අදින්නයි එන්නේ කියලා. හොඳ වැඩේ ඇතුළට එන්න දොර ඇරියට. (නි)
කළුආරච්චි, ගෆුර් සහෝදරයන් දෙපළගේම අදහස් වලට මගේ ප්‍රණාමය! (නි)
සිංහලයන්ට තමා ඔක්කොම වෙන්නේ. බොරුවට නාහෙන් අඩනවා (නි)
නිව්යෝර්ක් නාමල්, මුළු ඇමරිකාව ගැනම හස්තසාර දැනුමක් ඇති කෙනෙක් වගෙයි.
ඇත්තම කියනවා නම් මේ රටේ සුළු ජාතීන්ට විතරක් නෙමේ, මහා ජාතීන්ටත් කිසිම තැනක් හෝ අයිතිවාසිකමක් නැහැ. මහා ජාතිය දේශපාලකයින් පසුපස ගොස් හිඟමන් යදින තත්වයකට මේ රට පත්කොට තියෙද්දී සුළු ජාතිය ගැන කවර කතාද? හැබැයි නිදහසින් පසුව පත්වුණේ නම් සිංහල බෞද්ධ නායකයින්? කුහකකම් නිසා සිංහලයින් විඳවන දවස වැඩි ඈතක නැහැ. (නි)
මෙයාගේ කතාව එච්චර සාධාරණ නැතුව ඇති. නමුත් බටහිර රටවල සුළු ජාතිකයින්ට සළකන්නේ නැහැ කියන එක නම් බොරුවක්. බොහෝ බටහිර රටවල සුළු ජාතිකයෙකුට නොදෙන අයිතියක් නැහැ. ආසියාතික රටවලින් ගිය මිනිස්සු බටහිර රටවල සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වෙලා තියෙනවා. ඇමරිකාවේ සමහර පැතිවල සුද්දන්ට වඩා ධනවත් චීනුන්. (නි)
සුළු ජාති ලොකු ජාති කියා කියා ජාතිවාදය අවුස්සන්නේ මේ කාල කන්නි තම උන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න අහිංසක මිනිස්සු බිල්ලට දෙනවා. (හේ)
මොකක්ද ප්‍රශ්නය එයාලට තිබෙන? කරුණාකර එයාලා ප්‍රශ්නය මොකක්ද කියා පැහැදිලිව කිවයුතුයි. (නි)
මෙවැනි උදවියට උඩගෙඩි දෙන දෙමළ සන්ධානය හා ඩයස්පෝරාව ශ්‍රී ලාංකිකබවෙන් කෙමෙන් ඈත් වෙනවා. කෑල්ලක් ඉල්ලන්නේ නැතුව මහජාතිය සමඟ එකට ඉන්න බැරි සුළු ජාතීන්ගෙන් රටකට ඇති වැඩේ මොකක්ද? (නි)
ලංකාවේ සුළු ජාති කියලා ඇතිකළේ යුරෝපේ අධිරාජ්‍යවාදය. රීටා අයිසැක් එ්කේ ඉත්තෙක් වෙන්න හදන්නේ. ලංකාවේ වැරදි හොය හොයා ඒගොල්ලෝ අදහස් ගන්නවා. ඒගොල්ලන්ගේ වැරදි හොයන්න අපේ කවුරුත් නැද්ද. ලංකාව පොඩි දූපතක්නේ. අපේ දේවල් අපි බලාගන්නම් කියලා කියන්න කවුරුත් නැද්ද? (නි)