උතුරු ඉන්දියාවේ තම 79වැනි උපන්දිනය සැමරූ නොබෙල් සාම සම්මාන ලාභී ටිබෙට් දලෙයිලාමා තුමා ශ්‍රී ලාංකිකයන්ගෙන් හා මියන්මාර වැසියන්ගෙන් ඉල්ලා සිටියේ බෞද්ධයන් වශයෙන් තම රටවල වාසය කරන සුළු ජාතික ජන කොටසක් වන මුස්ලිම්වරුන්ට හිංසා නොකරන ලෙසය.
‘ධර්ම ශාලා‘වේ පිහිටි තම විහාරය ඉදිරිපිට පැවත් වෙන මෙම උත්සවයට දහස් ගණන් ජනයා හා විශේෂ ආරාධිතයෝ සහභාගී වූහ. ඒ අතර දලයිලාමා තුමාගේ ළඟම හිතවතෙක්වන හොලිවුඩ් සුපිරි නළු රිචඩ් ගියර් ද විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සිතුවිලි වලට ඉඩක් දෙන ලංකාදීපයට මගේ ප්‍රණාමය! (නි)
ගොඩක් පින්.... ! තෙරුවන් සරණයි! (නි)
දලයිලාමාතුමාට පමණක් නොව ජාත්‍යන්තරයටත් අසත්‍ය ප්‍රකාශ සමහරුන් පතුරුවා තිබෙනවා (නි)
සමහරු මේ පිටුවේ පරිගණක වීරයන් වෙලා (නි)
අපි මේ ගැන එතරම් කලබල වෙන්න අවශ්‍ය නැහැනේ (නි)
දලයිලාමාතුමා ගරු කළ යුතු අවංක අයෙක්. අවාසනාවකට එතුමාට ලංකාවට එන්න ඉඩ ලැබෙන්නේ නැහැ. මෙතුමා වැදගත් සේවයක් බුදු දහමට කර තිබෙනවා. (නි)
සමහරු මේ ප්‍රශ්නය දිහා බලන්නේ හරි අමුතු විදිහටනේ (නි)
ලංකාවේ පහුගිය දවස් වල වූ දේවල් දෙස ලෝකය බලන්නේ විවිධ කෝණ වලින් (නි)
නොදන්න දේවල් වලට කතා නොකර ඉන්‍න එක තමයි හොඳ (නි)
අපිට දැන් හැමදේම හිතාගන්න පුළුවන් (නි)
දැන් කීවම නොවරදවාම අහයි අපේ උපාසක මහත්තුරු ටික. (නදී)
ලොව ප්‍රමුඛම අධ්‍යාත්මික නායකයෙක් වන දලෙයිලාමා තුමා තේරුම් ගන්න සත්‍ය තේරුම්ගන්න පුළුවන් වෙයිද මේ අයට (නදී)
එතකොට බෞද්ධාගම විනාස කරන්න හදනකොට බලාගෙන ඉන්නද කියන්නේ? (නදී)
මෙම අදහස ජාතීවාදී කෝණයකින් නොබලන්න. ලෝකයේ රටවල් ගත් කල එහි ජීවත් වන බහුතරයගේ ජාතිය ආගම මත පදනම් ව එහි නීති හා සිරිත් විරිත් සැකසෙන්නේ. සුළු ජාතිකයින් මෙය තේරුම් ගත යුතුයි. පිටරට වල පදිංචිය සදහා හෝ සමහර අවස්තාවල රැකියා සදහා විසා ලබාගැනීමේ දී එම රටට අදාල භාෂා ප්‍රවීන්ත්වය මෙන්ම එහි නීති රීති වලට ගරු කරන බවට ගිවිස ගන්නේ මේ නිසයි. (නදී)
කුමාර්, අනේ මහත්තයෝ පින්සිද්ධ වෙයි, නිහඩව ඉන්න (නි)
රහතන් වහන්සේ නමක්ද? නැත්නම් ඇමරිකාවට ඕන විදිහට යෙහෙයි කියන ඇත්තෙක්ද? (නදී)
කවුද පළමුව මේක පටන් ගත්තේ කියලා හොයන්නේ නැතුව දෝෂාරෝපනය කරන එක වැරදියි. (නි)
රහතන් වහන්සේ නමක්ද මේ? නැත්නම් ඇමරිකාවට ඕන විදිහට යෙහෙයි කියන ඇත්තෙක්ද? ඇයි අපේ පන්සල් කඩන දේවල් නොපෙනෙන්නේ? ඇයි ඇමෙරිකාවෙන් කොරන මනුෂ්‍ය ඝාතන නොපෙනෙන්නේ? (නදී)
මේ කට්ටියක් බුදුදහම විනාශ කරනවා කියලා කතාවක් හදාගන යනවා. බුදුදහම විනාශවන්නේ ඒ අයගේ හැසිරීමෙන්. (අ)
ආගමික වශයෙන් උන්වහන්සේගේ කීම හරි (නි)
බෞද්ධයන්ට කරන හිරිහැර පිලිබඳ මොකෙක්වත් නිවේදන නිකුත් කරන්නේ නැහැ. මෙතුමන්ට කියන්න ඉංදියාවට වෙලා පාඩුවේ භාවනාවක් කරගෙන ඉන්න කියලා. (නදී)
මේවා ගැන අපි හිතන්න අවශ්‍ය නැහැ (නි)
දලයි ලාමාතුමාගේ ඉල්ලීම නිවරැදියි. කණගාටුවට කරුණ නම් ලංකාවේ නම වැරදි සම්බන්දයෙන්ම ගෑවෙන එකයි. ඒක රටට හොඳ නැහැ. ඒකෙන් වෙන්නෙ වැරදි කරපු නොකරපු හැමෝම මේකට ගෑවෙන එක. දැන්වත් ඉවසන්න පුරුදු වෙන ලෙස ආදරයෙන් භක්තියෙන් අපේ හාමුදුරුවන්ගෙන් ඉල්ලනවා. (නදී)
මට නම් සෑම ආගමක්ම ලස්සන ඉතිහාස කතාවක්. මේ ලොව ජීවත්වෙන අපි හැමෝම දන්නවා හරිදේ හා වැරදිදේ. එ්ත් අද ලොව බොහෝ අය කරන්නේ වැරදිය. තම ආගමට කරන ද්‍රෝභී හා දුෂ්ටකම තමයි එය. තමා කරන සෑම දෙයම නිවැරදි යයි සිතන කෙනා. (නදී)
බෞද්ධාගම විනාශ කරන්න හදන්නේ පිට අය නෙමෙයි. එක පිළිපදින්නේ නැති බෞද්ධයෝමයි. (නි)
දලයි ලාමාගේ කීම හෙළා දකිමි. මේ ගැටලුවේදී සුලු ජාතිය නම් සිංහල ජාතියයි. මුස්ලිම් ජනතාව ලොව කිසිවිටකත් සුලුජාතියක් නොවේ. (අ)
අපේ රටේ සුළු ජාතිකයෝ නැහැ, ඉන්නේ එකම ජාතියයි ශ්‍රී ලාංකිකයෝ පමණයි, (අ)
උන් වහන්සේ නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්නවනම් නුවන්ට හුරුයි ...තත්වයත් රැකෙයි (අ)
මෙතුමාගේ අදහස බෞද්ධයෝ විදියට අපිත් පිළිගන්නවා. ලෝක ආගමික නායකතුමෙක් විදියට එතුමා පැසසුම් ලැබුවත් ටිබෙට් ජාතිකයන්ට තවමත් උණු කදුලු විතරයි ලැබිලා තියෙන්නේ.එ නිසයි බොහෝ දෙනෙක් මෙතුමා බටහිර හා ඇමරිකන් අදහසින් යැපෙන්නෙක් ලෙස අදහස් කරන්නේ. සිංහලයන්ට තියෙන එකම රට ලංකාව විතරයි. අපි පරම අවිහිංසාවාදී උනොත් අපේ දරුවන්ට මුහුදට පනින්න වෙන්නේ.ඉතින් මෙතුමාට අපේ රටේ ප්‍රශ්නය ගැන හරි අවබොතයක් නෑ . (අ)
ශ්රී ලංකාවේ සහ මියෙන්මාරයේ සුළුතරයක් වන මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වහා නැවත්විය යුතුව ඇති බව අධ්‍යාත්මික නායක දලයිලාමා හිමියන් යළි වරක් පවසයි. ඊයේ දිනයට (06) යෙදුණු ඒ හිමියන්ගේ 79 වන උපන්දිනය නිමිත්තෙන් එකතුවුණු දස දහස් සංඛ්‍යාත බැතිමතුන් ඉදිරියේ මේ බව සඳහන් කළ බව එෆේපී පුවත් සේවය සඳහන් කරයි. හොලිවුඩ් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන රිචඩ් ග්‍රේ ඇතුළු අති විශාල සංඛ්‍යාවන් ඉදිරියේ දලයිලාමා හිමියන් කියා සිටියේ බහුතරයක් බෞද්ධ ජනතාව වෙසෙන රටවල සුළු තරයක් වන මුස්ලිම් ජනයාට එරෙහිව කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් අනුමත කළ නොහැකි බවයි. ඉකුත් මාසයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව දියත් කෙරුණු ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, සිය ගණනක කඩ සාප්පු හා දේපළ විනාශ වූ බවත් එෆේපී පුවත් සේවය උපුටා දක්වයි. එබැවින් අපරාධ වලට පෙළඹීමට ප්‍රථම බුද්ධ ප්‍රතිරූපය මෙනෙහි කරන ලෙස තමන් මෙම රටවල බෞද්ධ ජනයාගෙන් ඉල්ලීමක් කරන බව දලයිලාමා හිමියන් එහිදී සඳහන් කළේය. බුද්ධ දේශනාව ආදරය හා කරුණාව බවත්, බුදුන් වහන්සේ ජීවමානව සිටීනම් බෞද්ධන්ගේ ප්‍රහාරයට ලක්වන මුස්ලිම් ජනයා ආරක්ෂා කරනු ඇති බව දලයිලාමා හිමියන් පෙන්වා දුන්නේය. ඉරාකයේ සුන්නි මුස්ලිම් අන්තවාදීන් තවත් මුස්ලිම් ප්‍රජාවකට කරනු ලබන හිරිහැර පීඩාවන්ද අසා දැක තමන් ශෝකයට පත්වන බව උන්වහන්සේ සඳහන් කළේය. (අ)
'නොබෙල් සාම සම්මාන ලාභී ටිබෙට් දලෙයිලාමා තුමා' .එතුමට 'නොබෙල් සාම සම්මාන ලැබිල තියෙන්නේ අපේ රටේ වගේ සල්ලි දීල නොවී.(අ)
කරුණාකරලා කහුරුහරි ලියන්න හරියටම ඇත්ත විස්තරය, කවුද හාමුදුරුවන්ට පහරදුන්නේ, පුරාණ පන්සල්වල ඉඩම් අල්ලාගත්තේ. මේවට නිකන්හිටියොත් අපිට මොකද වෙන්නේ . අපේ හාමුදුරුවන්ට පින්සිද්ධ වෙන්න මේවා හෙලිකලා සහ ඒවාට පිලිතුරුදුන්න. දලයිලාම මොනවද දන්නේ. (අ)
අපි සුළු ජාතීන්ට කිසිමදාක හිරිහැර කරලා නැහැ (නි)
දලයි ලාමාව නොමග යවලා බොරු වලින්. (නදී)
දලයිලාමාතුමා දුරදිග සිතා බලා කතාකරන කෙනෙක් ලෙසයි මම නම් අසා තිබෙන්නේ (නි)
බහුතරයක් බෞද්ධයන් ඉන්න අපේ රටේ බෞද්ධාගමට වින කටින්නෙත් බෞද්ධයම තමයි. (ස)
ඔහු ගෞරවයට පාත්‍ර වූ නායකයෙක් (නි)
සමහරු ප්‍රශ්නය හරියට හඳුනාගෙන නැහැ වගෙයි. මෙතන තියෙන්නේ සිංහල ජාතිය මුස්ලිම් අයට හිරිහැර කිරීමක් නෙමෙයි. (නි)
තව ටිකක් කල් යනකොට කියයි බුදුහාමුදුරුවොත් වැරදි කියල. මෙයාල නියම ලින් මැඩියෝ. (ස)
සියල්ලන්ගේම වචනයට කන් දෙමු (දී)
ඥානසාර හිමියන් වැනි හිමිවරුන් නැති දවසට අපිටත් කාගේ පිහිටක්ද? (නි)
කුමාරලා වගේ අය නිහඬ කරන්න තමයි කව්රුත් හදන්නේ, සිංහල බෞද්ධයා ගැන බුද්ධාගම ගැන කතා කරන්න කව්රුත් නැහැ. ඒ උනාට නිහඬ කරන එක ලේසි නැහැ. (නදී)
මුස්ලිම් ජාතිකයන්ට බරපතල ලෙස හිරිහැර කරන්නේ ඇමරිකාවයි. දලයිලාමා තුමා ඒවට සද්ද නැත්තෙ ඇමරිකන් ගැත්තෙක් නිසාද ? (නදී)
ටෙනිසන්, ඔහේ හොඳ විහිළු කාරයෙක්නේ. ආගමට ජාතියට විනාශයක් වෙනකොට නිහඩව ඉන්නද කියන්නේ? (නදී)
ඔබ තුමාගේ කතාව අහරි (දී)
එක එක එක්කෙනා දකින්නේ එක එක විදිහකට මේ කට්ටියම එක වේදිකාවක තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩක් දුන්නානම් කොහොමද කවුද හරි කියලා අපිට තේරුම් ගන්න පුළුවන් (දී)
ෂෙරිෆ්, ලකී සහෝදරයෝ ඔයාල කතාකලා හරියටම හරි. (දී)
ආගමික නයකයකතුමෙකුට ගරු කරන්න නොදන්නා කීදෙනෙක් නම් මෙතන ආගම දහම ගැන අදහස් දක්වනවද, (දී)
මට නම් මෙම ප්‍රකාශයේ එතරම් වැරැද්දක් පෙනෙන්නෙ නැහැ. එතුමා කර ඇත්තේ ඉල්ලීමක් පමණයිනේ (නි)
ඇයි මේවා ගැන ඇත්ත තේරුම්ගන්න බැරි? (නි)
තමන්ගේ අදහස් තමන්ට ප්‍රකාශ කරන්න පුලුවන්නේ (නි)
ඔහොම කතාකරන්න එපා (නි)
මෙවැනි ප්‍රකශ නිකුත් කිරිම අතිශය කණගාටුදායකය. කරුණු නිසි ලෙස නොදැන කතා කිරීමෙන් වැළකී සිටියා තමයි හොඳ (නි)
මොනවද මේ කියන්නේ? (නි)
මම ඉන්න රටේ සමහර රැකියා වලට ඉංග්‍රීසි භාෂාවට අමතරව, වෙනත් ආසියානු භාෂා දැනුම විශේෂ සුදුසුකමක් වෙන අවස්ථා තිබෙනවා. අපේ පන්සල හැදුවා. දිනපතා පින්කම් සහ වසරක් පාසා කඨ්න පෙරහැර තිබෙනවා. ඉරිදාට දරුවන්ට සිංහල භාෂා සහ දහම් පාසල පැවැත්වෙනවා.අද වෙනකම් කිසිම සුදු ජාතිකයෙක් අපේ ආගමේ වැඩ කටයුතු වලට බාධා කර නැහැ. උද්ඝෝෂණ කරලාත් නැහැ. මම මේ ලිව්වේ පාඨකයන්ගේ දැනගැනීම පිණිසයි. (නි)
කරුණු නිවැරදිව දැන කතාකරන එක නේද හරි? (නි)
නිසියාකාරව නිවැරදි තොරතුරු නොදැන කතාකිරීම වැරදියි. අනෙක මෙවැනි ප්‍රකාශ ගැන අපි කලබල විය යුතු නැහැ. (නි)
ශ්රී ලංකාවේ සියලුම ජාතින් ඉතාම සහයෝගයෙන් සතුටින් ඉන්නවා (නි)
දලයිලාමා තුමා පවසන සත්‍යය තේරුම් ගැනීමට බැරි පිරිස ගැනත් දෙවරක් හිතන්න වෙනවා! (නි)
නිලංග,රටේ ඉතිහාසය කියවීමෙන් පමණයි ඇත්ත තේරුම්ගත හැක්කේ (නි)